IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජාතිවාදය අවුස්සන උගුලට හසුනොවන්නැයි විමල් කියයි

(මුදිතා දයානන්ද)
            
දිගන සිදුවීම් වලදී වගේම මහනුවර මාවනැල්ල බුදුපිළිම විනාශ කිරිමේ ක‍්‍රියාවලිය පිටුපසත් දෙමළ ඩයස් පෝරාව වැනි ජාතිවාදය අවුස්සා තමන්ගේ උවමනා ඉටුකරගන්න උත්සාහ කරන පිරිසක් සිටිය හැකි බැවින් ඒ උගුලට හසුනොවන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (28) පැවසීය.

ඔහු මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවක දීය.

මාවනැල්ල, මහනුවර ප‍්‍රදේශවල මේ දවස්වල බුදුපිළිම විනාශ කිරිමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා. සෑම දේශපාලන කුණාටුවකින් පසුවම මෙවැනි දේවල් අපේ රටේ සිදුවුණා. නාමල්කුමාර නමැති පොලිස් ඔත්තුකරුවා රටට හෙළිදරව් කළ ආකාරයට මීට පෙර දිගන ප‍්‍රදේශයේ ඇතිවූ ජාතිවාදි කළබල ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හා දෙමළ ඩයස් පෝරාවේ ඇතැමුන්ගේ උවමනාවන් අනුවයි සිදුකර තිබෙන්නේ.  

ඒ අනුව අපට සැකයක් තියෙනවා මේ මහනුවර හා මාවනැල්ල ප‍්‍රදේශවල සිදුවන බුදු පිළිම කඩාබිඳ දැමීම් පිටුපසත් එවැනි බලවේගයක් ඉන්නවාද කියලා. දිගන සිදුවිම කෙළවර වුණා වගේම මේකට කිසිම සම්බන්ධයක් නැති පිරිසක් අත්අඩංගුවට අරන් ප‍්‍රශ්නය කෙළවර කරයිද කියලත් අපට සැකයක් තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ ප‍්‍රශ්නයේ සැබෑ වගකිව යුත්තන් සොයා දඬුවම් දෙන ලෙස. 



අදහස් (11)

ජාතිවාදය අවුස්සන උගුලට හසුනොවන්නැයි විමල් කියයි

ravi Friday, 28 December 2018 12:19 PM

ඇත්තටම... මේ වංශට අන්ධකයිප්පු කැවිලද..? සුමානයකට, දෙකකට ඉස්සෙල්ල කිව්වේ.. ඒජාපය.. ටි.එන්.ඒ.. එකත් එක්ක එකතුවෙලා රට බෙදන්න හදනවා කියලා...

:       235       422

Sisil abenayake Friday, 28 December 2018 05:17 PM

ඔය තියෙන්නේ, හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පැනලා...

:       1       55

V.warnakulasuriya Friday, 28 December 2018 06:33 PM

නාමල් කුමාරගේ සැබෑ තත්වයවත් තේරුම් ගන්න බැරි මේ දේශපාලකයන් රටේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්න තේරුම් ගත නොහැකියි. අලුත්ගම සිදුවීමත් කාගේ උගුලක්ද යන්නත් මේ මොහොතේ අපට මතක් කළා නම් මැනවි. තමන් යැපෙන දෙය අමතක කර අදහස් ප්‍රකාශ කිරීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. කාගෙන් කෙරුණත් එහි වාසිය ලබන්නේ "රට බෙදනවා " කියන අයට නොවන්නේද?

:       2       50

sirisena Friday, 28 December 2018 07:08 PM

මේකා හිතාගෙන ඉන්නේ මෙයා කියන දේවල් අපි පිළිගන්නවා ඇති කියලා.. අනේ ඔය කට පියාගෙන ඉන්නම බැරිද? එහෙම බැරිනම් තියෙනවා පොඩි වැඩක් පොදු වැසිකිලිය වෙනුවට ගන්න. වෙන කවුරුවත් නෙමෙයි මේක තමයි ඕක පිටිපස්සේ ඉන්නේ... මේ රටේ වෙන කිසිම කෙනෙක් මේ වගේ දේවල් කරන්නේ නැහැ. බුද්ධිමත් ජනතාවනි, මෙයාගේ අතීතය අමතක නැහැ නේද? ඔබට බස් ගිනි තිබ්බ ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බා. ඔය ඒ නිසානේ මුලින්ම කලබල වෙලා තියෙන්නේ... මෙයා තමයි මේ සේරම කරන්නේ මෙයාව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනෑ..

:       5       209

chanak los angeles Friday, 28 December 2018 08:52 PM

මොහුයි, ගම්මන්පිලයි කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ.. මේ දෙදෙනාම බලනවා බොරුකියා මිනිසුන් නොමග යවමින් ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටුකරගන්නට... නමුත් කියන කිසිම දෙයක් ඉටුවෙලා නැහැ ඉටුවෙන්නෙත් නැහැ. මහින්දට සළුපිලි අන්දවලා ඇරියා නටපන් කියලා.. අයියෝ වෙච්ච දෙයක් .. මොවුන්ව දේශපාලනයෙන් අතුගාලා දමපු දවසට තමයි රටට සෞභාග්‍යය උදාවෙන්නේ..

:       1       129

theshan Saturday, 29 December 2018 02:36 AM

බොර දියේ මාලු බාන්න හදන්න එපා.. අපි දන්නවා මේ පස්සේ ඉන්නේ කව්ද කියලා? හිතුවද ඔහෙලගේ ලණු හැමදාම අපි කයි කියලා...

:       205       277

tan Saturday, 29 December 2018 10:50 AM

මෙයා හිතාගෙන ඉන්නේ රටේ ජනතාව අන්ධයෝ කියලා. මේ තරම් බොර දියේ මාළු බාන්නෙක් තවත් නැති බව රටම දනී

:       113       214

negative Saturday, 29 December 2018 04:42 PM

නෙගටිව් කොමෙන්ට් සහ නොට් ලයික් දමන්න වීරවංස ඊමේල් 200ට වැඩිය හදාගෙන ඉන්ටර්නෙට් එකේ නිදිමරාගෙන වැඩ වගේ. ඕව කළාට මිනිස්සු අන්දන්න බැරියෝ..

:       2       93

pannikki Saturday, 29 December 2018 04:52 PM

මේ අනුව අපට සැබෑ සැකයක් තියෙනවා මේ මහනුවර හා මාවනැල්ල ප‍්‍රදේශවල සිදුවන බුදු පිළිම කඩාබිඳ දැමීම් පිටුපසත් වීරවංශ ඉන්නවාද කියලා !! නාමල්කුමාර නමැත්තා ඔහුගේ වුවමනා ඉටුකරගන්න උත්සාහ කරනවා වගේ අපට සැකයක් තිබෙනවා!!

:       2       62

Bishan Sunday, 30 December 2018 11:54 AM

ජාතිවාදය අවුස්සන ජාතිවාදියා ඔබයි...

:       1       90

ajith Sunday, 06 January 2019 01:20 AM

ඔය ටික කියන්න ඕනේ ඔබතුමාගේ සංධානේ කට්ටියටනේ. ජාතිවාදයේ පියා ඔබතුමා බව රටම දන්නවා.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 154 1

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


‘‘අපේ පළමු අය වැයෙන් රජයේ සේවක වැටුප් ඉහළ දමනවා‘‘
2024 නොවැම්බර් මස 03 1184 15

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවිමෙන් පසු පළමු අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවාත් සමග වතු කම්කරුවන්ට සාධාරණක් ඉටු කරන බව ජනාධිපති අනුර ක


ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 16 2914 10

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 1159 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 1555 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


සජිත්ගෙන් ඉල්ලීමක්
2024 ජුලි මස 01 483 2

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්ව


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site