IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘ජනතාවට කැඳ වතුරවත් නැති රටක් හදන්න හදනවා ‘

(අංජුල මහික වීරරත්න)

පොහොර නැතුව කෘෂිකර්මාන්තය කඩා වැටෙද්දී ඩොලර් නැතුව පිටරටින් වත් ආහාර ගෙන්වන්න නොහැකි තත්ත්වයක් යටතේ ජනතාවට කැඳ වතුර ටිකක් නැති රටක් හදන්නට  ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රටෙි ආහාර හිඟයක් ඇති වෙද්දී විදේශයකින් හෝ ආහාර ආනයනය කිරීමට නම් ඩොලර් තිබිය යුතු බව කී විජයවර්ධන මහතා ජනතාව අඟහිඟ මොහොතක කන පරිප්පු පවා මේ නිසා ගෙන්වීමට බැරි අවදානමක් පවතින බව   පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බුත්තල හා මොණරාගල මැතිවරණ ආසනවල  පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවලට සහභාගී වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙි බව ප්‍රකාශ කළේය. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය නායකවරයා කීවෙි ඉදිරි රජයක් යටතේ  මුලින්ම බලන්නේ එජාප  පාක්ෂිකයන් ගැන බවයි. 

 



අදහස් (4)

‘ජනතාවට කැඳ වතුරවත් නැති රටක් හදන්න හදනවා ‘

එච් එම් ගුණවර්ධන Sunday, 21 November 2021 11:27 AM

රටේ දියුණුවට නම් සුදුස්සාට සුදුසු තැන දියයුතුය.. පාක්ෂිකයාට තැනක් දීම තවත් අගාධයට රට ගෙනයාමකි. කවදා හැදෙයිද මේ පාලකයින්?

:       0       7

පිටිගල මිලානෝ Sunday, 21 November 2021 11:39 AM

හපෝයි...!!!  එජාපේ...!!!

:       1       4

Senarath Sunday, 21 November 2021 12:36 PM

ඔයාගේ ලොක්කා 2015 සිට 2019 වෙනකම් කෙරුවේ කොහොමද කියලා අමතකද? කුඹුරු අක්කර ලක්ෂයක් ගොඩකරන්න සැලසුම් කළා. මුළු විදේශ ණය මුදල ඩොලර් බිලියන 7 සිට 14 දක්වා වැඩිකළා. කිසිම සංවර්ධන වැඩක් නොකර... ඒ මදිවට හම්බන්තොට වරායත් විකුණුවා. ඔබලා අද වෙනකම් බලයේ හිටියා නම් මැරුණු සංඛ්‍යාව ලක්ෂයත් පැනලා.. එහෙම නම් අද බොන්න වෙන්නේ කැඳ තමයි. ඔයාලව ඇපත් නැතිවෙන්න ජනතාව ප්‍රතික්ෂේප කළා.

:       2       8

senaSunday, 21 November 2021 07:33 PM

සෙනරත්, කොළඹ ගාලුමුවදොර, හමුදා මූලස්ථානය සහ හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සිදුකරන ලද්දේ රාජපක්ෂලා විසිනි. චීනයෙන් ලබාගත් ණය පියවා ගන්නට නොහැකිව පළමුව හමුදා මූලස්ථානය සින්නක්කරව චීනයට විකුණා දමන ලදී. දෙවනුව හම්බන්තොට වරාය චීනයට විකුණා දමන ලදී නමුත් යහපාලන රජය විසින් චීන රජය සමග සකච්ඡා කොට සින්නකරව චීනයට ලබාදී තිබූ වරාය නැවත 99 අවුරුදු බද්දට ශ්‍රී ලංකාවට නැවත පවරා ගන්නා ලදී. චීන රජය අකමැත්තෙන් වුවද එයට එකඟ කරවා 99 අවුරුදු බද්දට එකඟත්වයට පැමිණීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට හැකිවිය... රටේ මහජනතාවට සත්‍ය පහදාදීමට එක්සත් ජාතික පක්ෂය විසින් කළයුතුවේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 143 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 97 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 478 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 239 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 248 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1469 2

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 219 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site