IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


’’ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ’’

(නිමන්ති රණසිංහ)

ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් රට වසා දැමුවත් කොරෝනා පැතිරීම පාලනය කළ නොහැකිවනු ඇති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (27) පැවසුවාය.

රට වසා දැමුවත්, ජනතාව අනවශ්‍ය ආකාරයට සෙනඟ ගැවසෙන ස්ථානවල සැරිසරනවා නම් එය කොරෝනා පැතිරීමට අනුබලයක් වන බැවින් සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන ලෙසත් මෙය ජීවිතයත් සමඟ කරන ගනුදෙනුවක් බව සිහි තබා ගත යුතු බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

රට පුරා සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට නම් සියලු දෙනා එන්නත් ලබාගැනීම වැදගත් බවත්, තෝරා තෝරා නොඉඳ ලැබෙන වර්ගයක් එන්නත් කර ගන්නා ලෙසත් අමාත්‍යවරිය පැවසුවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද ප්‍රකාශ කළාය. “තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න. මේක මේ වර්ගය හොය හොය ඉන්න එපා.

රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම්, මීටරයේ දුර තියාගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මොකද මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්”.

 



අදහස් (12)

’’ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ’’

Raveendra Friday, 27 August 2021 05:00 PM

මැයගේ කතාව 100% නිවැරදිය.

:       2       23

Nuwan Friday, 27 August 2021 05:06 PM

හැමදේම ජනතාව පිටින් යවනවා

:       27       11

චන්දිම Friday, 27 August 2021 05:14 PM

හාපෝයි අපේ උන් ගැන නම් කියලා වැඩක් නැහැ. සමහර එන්නත් දෙන තැන් වල උනත් එක පිට එකා නගින්න හදනවා.

:       1       22

priyantha Friday, 27 August 2021 05:22 PM

ජනතාව දැනුවත් කර රට වහනන මිනිසු ජීවත් වෙනන ඔනි රු 2000 කින් මොනවා කරනනද

:       14       8

Bamunuarachchi Friday, 27 August 2021 06:18 PM

මේ රටේ ජනතාව සංවර කරන්න බැහැ ජෙප්පන් ඉන්නකන්...

:       8       14

විපරමා Friday, 27 August 2021 08:12 PM

දියවන්නාවේ ඉන්න දෙපා සත්තු වැඩිදෙනෙක් හැසිරෙන විදිය දැක්කම අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       3       4

BamunuarachchiSunday, 29 August 2021 10:28 AM

එහෙම හැසිරෙන්නේ ජෙප්පන්ගේ ආභාෂය. 1971 කලින් ඔහොම හැසිරිනුනේ නැහැ.

:       0       0

Sriland Friday, 27 August 2021 08:13 PM

බොරුව නවත්වන්න .කොරනා ඉවර කරන්නනම් මීඩියා වහන්න

:       1       6

nl Friday, 27 August 2021 09:44 PM

කොන්දේසි සහිතව ඉන්දීය සංචාරකයන්ට මෙරට දොරටු විවර වෙයි

:       7       2

mp Saturday, 28 August 2021 05:56 AM

ඒක ඇත්ත... ඇමතිතුමිය ඉතා බුද්ධිමත්. සංචරණ සීමා කොතරම් දැම්මත්, මිනිස්සු අරහෙට මෙහාට දුවනවා. කිසිම වගකීමක් නැහැ.

:       1       0

Sunil Saturday, 28 August 2021 08:25 AM

අප රටේ ජනතාව අසංවර බව අමුතුවෙන් කිව යුතු නැහැ.

:       1       0

de silva Saturday, 28 August 2021 09:27 PM

යම් රටක දේශපාලකයෝ ප්‍රසිද්ධියේ අසංවරව හැසිරෙනකොට ඔවුන්ව ආදර්ශයට ගන්නා ජනතාව හැසිරෙන්නෙත් එම ආකාරයට බව ඔබතුමිය සිතට ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 418 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 142 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 153 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 607 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 201 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 638 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site