(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අද (04) වනවිට අපේක්ෂකයෝ 33 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසමන් සභාව සඳහන් කරයි.
මේ අතර අද දිනයේ තවත් අපේක්ෂකයෝ 11 දෙනෙක් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ද,ජයන්ත ලියනගේ මහතා සිංහල දීප ජාතික පෙරමුණෙන්ද , දුමින්ද නාගමුව මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් ද , මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා පක්ෂය වෙනුවෙන්ද , අරුණ ද සොයිසා මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ද ඇප මුදල් තැන්පත් කර තිබිණි.
මේ අතර අජන්ත ද සොයිසා මහතා රුහුණු ජනතා පෙරමුණ නැමති ලියාපදිංචි නොකළ දේශපාලන පක්ෂයෙන්ද ඇප මුදල් තැන්පත් කර ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බෂිර් සේගුදාවුද් , ඉල්ලියාස් මොහොමඩ් , පියසිරි විජේනායක , රජීව විජේසිංහ, කුමාර වෙල්ගම යන මහත්වරු ස්වාධීන අපේක්ෂකයින් ලෙසද ඇප මුදල් තැන්පත් කර තිබිණි.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 33 ක් ඇප බඳිති
සේන Friday, 04 October 2019 03:29 PM
මේකටනම් නීති හදන්නම වෙනවා. කඩල කාරයොයි, එඬේරයොයි ඔක්කොම ඉල්ලා මේක හෑල්ලුවට ලක්කරනවා නේද ?
ලියනගේ Friday, 04 October 2019 08:41 PM
හෙට දිනයේදී කාන්තා අපේක්ෂකයකු මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ඉඩ ඇති බවට තිබෙන ආරංචියක් නිසා බොහෝ පිරිමි අපේක්ෂකයන් දැනටමත් පරාජය බාරගෙන ඇතිබව කොළඹින් ලැබෙන තොරතුරු වලින් අසන්නට ලැබේ
VajiraSaturday, 05 October 2019 08:41 AM
වලව්වල හාමු මහත්තුරුන්ට විතරද එතකොට ඉල්ලන්න පුළුවන්...? එහෙම නෙවෙයි අඩුම තරමින් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තිබීම අවම සුදුසුකම කරන්න ඕනෑ. අක්‍රීය තත්වයේ තියෙන දේශපාලන පක්ෂ සියල්ල අවලංගු කරන්න ඕනෑ.
Gamarala Friday, 04 October 2019 04:10 PM
ඇප මුදල ඉහළ දමන්න. වියදම පියවාගන්න. ඇප මුදල මිලියනයක් කළයුතුයි...
චමින්දSaturday, 05 October 2019 01:02 AM
මානව හිමිකමක් ලෙසට ඉදිරිපත්වීමට ඉඩ දෙනවා කියනවා.මෙනිසා ඡන්ද ගණන් කිරීමේ කාර්ය මංඩල අපහසුතාවන්ට පත්වෙනවා.රොබෝ යන්ත්‍ර නොව මිනිසුන්ම වන මේ පිරිස්වල මානව හිමිකම් අහිමිවීමක් මෙයින් සිදුවෙනවා. එනිසා ගමරාල කියන්නා වගේ ඇප මුදල රුපියල් මිලියන දෙක හමාරක්වත් කළ යුතුය දැනට පවතින ඇප මුදල තීරණය කලේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව සකස්කල අවස්ථාවෙ පැවති මුදලේ තත්ත්වයට අනුවයි දැන් එයට වඩා මුදල් සිය ගුණයකින් අව ප්‍රමාන වෙලා.ඒ අනුවත් ඇපය සංශෝදනය විය යුතුය.
ලෙබ්බේ Friday, 04 October 2019 11:25 PM
පහුගිය දවස් වල මිලියන 300 කට වැඩියේ ජන ගහනයක් ඉන්න, පාර්ලිමේන්තුවේ 575 ක් දෙනෙක් මන්ත්‍රීවරු ඉන්න දියුණු රටක්වන ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පැවැත් වුණා අපේක්ෂකයෝ 2 යි, ඒකට මිලියන 20 ක ජනගහනයක් ඉන්න නොදියුණු අපේ රටේ දැනටමත් අපේක්ෂකයෝ 33 යි, එකෙන්ම හිතා ගන්න පුළුවන් මහජන මුදල් කොල්ල කෑමට කොච්චර පහසු කමක් තියන රටක්ද ලංකාව කියල, දැනට ඉන්දුනීසියාවේ හිටපු කතානායක සමග ඇමතිවරු 10 කට වැඩි පිරිසක් දීර්ග සිරදඩුවම් විදිනවා අල්ලස් චෝදනා වලට වැරදිකරුවන් වෙලා, ලංකාවේ එක මන්ත්‍රී කෙනෙක් වත් අත්අඩංගුවට අරගෙන තියනවද අල්ලස් චෝදනා වලට කොටි ගණන් එළිපිට හොරකම් කරද්දී ? මෙන්න මේවයි වෙනස් වෙන්න ඕනේ,
PerakumSaturday, 05 October 2019 03:44 AM
ලෙබ්බේගේ කියමයට කටේ මසුරන් දාන්න වටිනවා...! මොලේ කලඳක්වත් තියනවනම් අපේ මිනිස්සු මේවා තේරුම් ගත යුතුය.
Tharaka Saturday, 05 October 2019 07:55 AM
ඉන්දුනීසියාව දියුණු රටක් නෙමෙයි. ලංකාවටත් වඩා නොදියුණු රටක්..
Samira Saturday, 05 October 2019 08:31 AM
ඡන්ද ලක්ෂයකට අඩුවෙන් ගන්න අයගෙන් මිලියන 100ක දඩයක් ගහනවා කිව්වා නම් ඔතන 4 දෙනයි ඉතුරු වෙන්නේ...
කපුරුහාමි Saturday, 05 October 2019 01:33 PM
මුන්ටනම් පිස්සු .ජනාධිපති අපේක්ෂකකම දෙන්ට ඕනේ උගත්,බුද්දිමත් හරිහමන් අයට මිසක් කිසි වෙඩකට නෙති එවුන්ට නෙවෙයි .වසර 70ක් පුරාවටම බලලෝබි ,දුශිත දේසපාලුවෝ කෙරුවේ ජනතාව රවට්ටපු එක තමා .