IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජනාධිපතිවරණය නිරීක්ෂණයට 7500 ක්

(මොහොමඩ් ආසික්)
 
නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත  ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බව කැෆේ සංවිධානය පවසයි.
 
 මෙවර වාර්තාගත වැඩිම අපේක්ෂක   පිරිසක්  ජනාධිපතිවරණයට‌ ඉදිරිපත් වන බැවින් ඇතිවිය හැකි තත්වයන් නිරීක්ෂණය කිරීමට මෙම පිරිස යොදවන බවද එම සංවිධානය කියයි.
 
කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දෙන්නේ සෑම මැතිවරණයකම නාම යෝජනා  භාරදීමෙන් අනතුරුව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇති බවයි. මේ නිසා මෙවර මැතිවරණයේදී තම ආධාරකරුවන් නිසි පරිදි මෙහෙයවා ගැනීමට අපේක්ෂකයින් ඇතුළු පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බව ද ඒ මහතාගේ පවසයි.
 
වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, සහ විපක්ෂ නායකවරයා  යන කිසිවෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ නොකිරීම මෙවර දක්නට ලැබෙන විශේෂත්වයක් බව පෙන්වා දෙන මනාස් මකීන් මහතා වැඩිදුරටත් කියාසිටියේ රාජ්‍ය දේපළ අවභාවිතය ආදී සිදුවීම් වැඩිවශයෙන් අපේක්ෂා කළ හැකි බවයි.
 
කැෆේ සංවිධානය මෙවර අනිකුත් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් පිළිබඳව දැඩි අවධානය යොමු කරන අතරතුර ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීම ආදී කරුණු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකරන බව  අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේය. කැෆේ සංවිධානය මෙම ජනාධිපති මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 7500ක පමණ ප්‍රමාණයක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි යෙදවීමට අපේක්ෂා කරන බවද ඒ මහතා  සඳහන් කරයි.



අදහස් (2)

ජනාධිපතිවරණය නිරීක්ෂණයට 7500 ක්

රවින් Monday, 07 October 2019 09:49 AM

ඔය යන වියදමින් සියලු අපේක්ෂකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළුව ඔවුනොවුන්ගේ නාමයෝජනා භාර දුන් දිනදී වත්කම් ඇතුලත් ලේඛනයක් පලකලොත් බොහොම හොඳ නිදහස් සාමකාමී ඡන්ද ව්‍යාපාරයක් දැකගන්න හම්බවෙයි.

:       0       2

boru soyanna Monday, 07 October 2019 11:56 AM

කිව්වොත් කියන්නේ බොරුවක්. 75 ක් වත් දැම්මොත් ලොකු දෙයක්. 7500 කට us$ රැගෙන 75 කින් මොනවා හරි කරනවා.. අයියෝ අයියා.....

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 215 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1677 2

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 523 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 284 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 244 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 418 2

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site