(නිමන්ති රණසිංහ)
ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඡායාරූප සමග පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ බෝම්බකරුවන්ගේ ඡායාරූප සමග එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හැර ජාතීන් අතර වෛරී හැඟීම් ඇවිස්සූවැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මාතලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ මාතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු මෙන්ම මේ වන විට ස්වාධීන මන්ත්‍රිවරයකු වන යටවත්ත මාතලේ පදිංචි මලල බණ්ඩාර ඒකනායක නමැත්තාය.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සිටින ඡායාරූපයක රිෂාඩ් බදියුදීන් මහතාගේ හිස ඉවත් කර එයට ජනාධිපතිවරයාගේ හිස සම්බන්ධ කොට “කමිෂන් 100ක් දාලා තහවුරු කරන්න බැරි දේ මේ ඡායාරූපවලින් තහවුරු වනවා” යන්න වැකියක් සඳහන් කරමින් ව්‍යාජ ඡායාරූපයක් නිර්මාණය කර ඇති මෙම සැකකරු එය අන්තර්ජාලයට මුදා හැර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනාධිපති, අගමැති ඡායාරූප එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කළ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්
chathura Wednesday, 17 March 2021 01:59 AM
ඉතාමත් හොඳ වැඩක්... මෙමගින් අසාධාරණයට ලක්වූ අයට වන්දි ලබා දීමට වැඩපිළිවෙළක් ඇති කළා නම් ගොඩක් වටිනවා. ෆේස්බුක් හරහා බොරු දාන කට්ටිය ඔක්කොටම හොඳ පාඩමක්..
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 March 2021 05:32 AM
මෙන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ හැටි. මේ වගේ අමන මිනිසුන් තමයි මේ ප්‍රාථමික දේශපාලනයට ඇවිත් ඉන්නේ. මෙහෙම අයගේ අනිත් කෙරුවාවලුත්, මේ වගේම ඇති.
Rata PerataWednesday, 17 March 2021 07:31 AM
මහින්ද ජනාධිපතිවරණේදී, යාපනයට ගියා මතක නැද්ද? සිරිසේන වගේ කෙනෙක් අන්දවාගෙන... මේවා ඔක්කොම රාජපක්ෂලා පටන්ගත්ත වැඩ. දැන් මේ මනුස්සයා විතරක් අල්ලගෙන වැඩක් නැහැ. එදා මහින්දව අල්ලලා හිරේ දැම්මා නම් අද මේක වෙන්නේ නැහැ.
BamunuarachchiWednesday, 17 March 2021 10:53 AM
ඇයි මහින්දට යාපනේ යන්න තහනම්ද? එහෙම වෙන්න තිබුණා රනිල්, ප්‍රභාකරන්ට උතුරේ පාලනය 2005 දුන්නා නම්... 2020 පුතාණෝට රට ගියා නම් මඩකලපුවට යන්නත් අපිට තහනම් වෙනවා. හිරේ දාන එක කොහොම වෙතත් ගෙදර එක්කන් ගියොත් නරකද?
මෙවන් Wednesday, 17 March 2021 07:34 AM
ඉතා ප්‍රාථමික අදහස් ඇති අයම තමයි මුහුණු පොතේ බුද්ධිමතුන් වගේ පෝස්ට් දාන්නේ. ඔවුන්ගෙන් බොහෝ අය තම මුහුණ නොදා තමයි මෙවන් දේ නිර්මාණය කරන්නේ...
විරාජ් Wednesday, 17 March 2021 08:38 AM
සමහරක් ගාව තියෙන්නේ එකම එක සමීකරණයයි. එය නිමා කරන්නේ උත්තරය රාජපක්ෂ වන ලෙසටයි..