IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ජනාධිපති අපේක්ෂකයෙක් පළමු වරට පරිසර ප්‍රඥාප්තියකට අත්සන් තබයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරිසර ප්‍රඥප්තිය සමාජ ගත කිරීමේ උත්සවය පසුගියදා ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ජනපති අපේක්ෂකවරයෙක් විසින් පරිසර ප්‍රතිපත්තියක් ඉදිරිපත් කල පළමු අවස්ථාව මෙය වන අතර පරිසර හිතවාදියෙක් ලෙස සජිත් ප්‍රේමදාසගේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරි වැඩකටයුතු සඳහා සහය දැක්වීමට දෙස් විදෙස් ප්‍රවීණ පරිසරවේදීන් පිරිසක් අත්වැල් බැඳගෙන සිටිනවා.

තිරසාර පාරිසරික සංවර්ධනය මෙම ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය අරමුණ බවට පත්වන අතර ආර්ථික වර්ධනයට සහ යැපීම සඳහා අත්‍යවශ්‍ය වන තීරණාත්මක පාරිසරික පද්ධති සහ සම්පත් ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය කිරීම මඟින් සංවර්ධන ක්‍රියාදාමය සැබෑ ලෙසම තිරසාර කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා.

මෙම පරිසර ප්‍රඥප්තිය යටතේ අලි මිනිස් ගැටුම අවම කිරීම උදෙසා පුළුල් පස් අවුරුදු වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවෙන අතර සංරක්ෂණ මිනුම්වල ඵලදායි බව සහතික කිරීමට කොටියන් පිළිබඳ පර්යේෂණ හා සංරක්ෂණය කිරීම සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශ වල සිටින නිල් තල්මසුන් සංරක්ෂණය කිරීමේ පුළුල් ව්‍යාපෘතියක් දීප ව්‍යාප්තව සිදු කිරීම මඟින් තිරසාර පාරිසරික සංවර්ධනයක් ඇති කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ අභිප්‍රායයි.

පාරිසරික සංරක්ෂණය, දේශගුණික විපර්යාස වෙත අනුවර්තය වීමේ හා දේශගුණික බලපෑම් අවම කිරීමේ සැලසුම් මෙන්ම  උපායමාර්ග සකස් කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනයට ප්‍රමුඛතාවය ලබා දීම මඟින් රජයේ ඉහල කැපවීම සනිටුහන් කිරීමට ඔවුන් සුදානම්ව සිටිනවා.

ප්‍රාදේශීය ප්‍රජාවට ආර්ථික සහයක් ලබා දීමේ අරමුණින් වනජීවී හා පරිසර පද්ධති සංරක්ෂණය සඳහා වනජීවී සංචාරක කර්මාන්ත හදුන්වාදීමටත් නියමිතයි.සතුන්ට එරෙහි කෘරත්වය වැලැක්වීම සඳහා වන නීති ශක්තිමත් කිරීම තුලින් සත්ව ප්‍රජාව ආරක්ෂා කිරීම රජයක ප්‍රධාන අරමුණක් වන බව මෙම පරිසර ප්‍රඥප්තියෙන් මනාව පැහැදිලි වනවා.

සොබාදහමේ සුන්දරත්වය ආරක්ෂා කිරීමට විශාල තර්ජනයක් වී ඇති ප්ලාස්ටික් පරිභෝජනය අවම කිරීමේ පියවරයන් මෙන්ම නාගරික කසල කළමණාකරනය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.ප්‍රඥප්තියට අනුව ග්ලයිෆොසෙට් භාවිතයෙන් ඉවත් කිරීමේ සැලසුමක් හදුන්වා දීමෙන් පාරිසරික සංරක්ෂණය තිරසාර සංවර්ධනයකට ලඟා වීම නිසැකවම වනු ඇත.

පරිසරයේ පෙනහළු ලෙස සැලකෙන වනාන්තර වෙනුවෙන් විශේෂ වන සංරක්ෂණ ව්‍යාපෘතියක් හා වන වගාව සඳහා පුළුල් වැඩසටහනක් දියත් කිරීමට නියමිතයි. රටෙහි සංවර්ධනය සැබෑ වශයෙන්ම සනාථ කිරීම උදෙසා පාරිසරික සංරක්ෂණය වැදගත් සන්ධිස්ථානයක් බව මෙම පාරිසරික ප්‍රඥප්තියෙන් මනාවට පිළිඹිබු වනවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්..

 



අදහස් (18)

ජනාධිපති අපේක්ෂකයෙක් පළමු වරට පරිසර ප්‍රඥාප්තියකට අත්සන් තබයි

sisira Tuesday, 05 November 2019 11:51 AM

පව් මේවා දැකලා මිනිස්සු ඡන්දෙ දෙයි කියල හිතනවා ඇති. ඇත්තටම වැඩේ හොඳයි. නමුත් පසුගිය අවුරුදු හතර හමාරටම මෙවන් සංකල්පයක් ඇති නොවුණේ මොකද දන්නේ නෑ?

:       1129       907

athuraTuesday, 05 November 2019 12:38 PM

ඔය ටිකම අවුරුදු දහයක් රට පාලනය කළ අයටත් අදාලයි නේද මහත්මයා ?

:       0       28

වීරවිජේTuesday, 05 November 2019 04:37 PM

බදූර්ධීන් අප්පුඩි ගහනවා..

:       82       113

ShehanWednesday, 06 November 2019 06:33 AM

ඒවා අහන්න ඕන පරිසර අමාත්‍යංශය තමන් සතුව තියාගත්ත ජනාධිපතිගෙන්.

:       0       4

රජින්ද Tuesday, 05 November 2019 11:57 AM

ප්‍රඥප්ති එකක් නෙවෙයි සීයකට උනත් මෙයා අත්සන් කරාවි. මොකද මෙච්චර කට්ටක් කාලා ගත්තු අපේක්‍ෂකකම බේරා ගන්න බැරි උනොත් පක්‍ෂයෙන් එල්ලවන පීඩනය සහ පාක්ෂිකයින්ගේ අප්‍රසාදයට මුහුණ දෙන්නේ කොහොමද? ඒ නිසා බැරිවෙලාවත් සහරාන් ජීවත් වෙලා පක්ෂයක් හැදුවනම් මෙයා අනිවාර්යෙන්ම ඒ පක්ශේ එක්කත් ගිවිසුමක් ගහනවා. ඒ නිසා මොවුන් මේ රට පත්කරන්න යන බැරෑරුම් තත්වය බුද්ධිමත් ජනතාව වටහා ගත යුතුයි. ඔය ප්‍රඥප්ති නිකන්ම නිකන් කොළ කෑලි වෙනවා මෙයා ආවනම්.

:       1531       1130

Thilina Tuesday, 05 November 2019 12:09 PM

කෝ මෙතන බදුර්දීන් නැහැනේ? එයා නැතුව කොහොමද මේවා කරන්නේ?

:       2       20

Dilan Tuesday, 05 November 2019 12:09 PM

යෝජනාව කළේ බදුර්දීන්ද ?

:       2       18

Rasika Pradeep Tuesday, 05 November 2019 12:10 PM

බදුර්දීන්ගේ සහයෝගය හම්බවෙයි අකුරටම ඔය වැඩේ සාර්ථක කරගන්න. අනේ මන්දා මේවට කොහෙන් හිනා වෙන්නද කියලා?

:       2       35

Sinha Tuesday, 05 November 2019 01:09 PM

ඕව කරන්න පුළුවන් දින්නොත් රටේ තව ප්‍රශ්න හුඟක් තියනවා විසඳන්න කාන්තාවන් ගේ ප්‍රශ්නයි අරවයි මේවයි නෙමේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙලක් ඉන්න හොරුත් එක්කම දිගටම යනවද ? අනික ඔබ අනිත් අයගේ රූකඩයක් ද? මොනවද පැහැදිලි ප්‍රතිපත්ති අපි 2015 වගේ දැන් වැඩ කරන්නේ නෑ.

:       0       13

pakeer Tuesday, 05 November 2019 03:50 PM

කරන්න පුළුවන් නම් හොඳම හොඳ පියවරක්. කවුරු දිනුවත් මේවා කරන්නම ඕනේ වැඩ. කව්රු හරි ඉදිරියට පියවරක් ගත්ත එක ලොකු දෙයක්.

:       0       54

ලුම්බිණි Tuesday, 05 November 2019 11:19 PM

පරිසරය ගැන අවධානයක් යොමු කිරීම ඉතා හොඳ දෙයක්. විශේෂයෙන්ම කලින් ඡන්ද වලදී කිසිවෙක් නොකළ දෙයක්.

:       1       112

prakaash Tuesday, 05 November 2019 11:40 PM

මේ ප්‍රචාරක දැන්වීමක් මිසක් ප්‍රතිපත්තියක් නොවේ.

:       214       118

Sanka Wednesday, 06 November 2019 01:51 AM

මේ එක එක කෙනා කියන අවලාද ඔබතුමා සත පහක ගනම් ගන්න එපා. මොකද ඔබතුමා අවුරුදු ගානක් තිස්සේ ඈත ගම් දනවු වල අන්ත දුගී දුප්පත් මිනිස්සුන්ට ගෙයක් දීල ඒ ජන ජීවිතය නගා සිටුවන්න කරපු මෙහෙවර මේ රටේ සුවහසක් ජනතාව ඉතා හොදින් දන්නවා. ඔබතුමා ඔය කරන දෙයත් රටට කොතරම් සෙතක්ද. ඡන්ද ප්‍රචාරක රැලි වල ඉන්න සෙනග දැක්කම ඔබතුමා දැනටත් දිනලා ඉන්නේ. ඔබතුමාට ජයෙන් ජය.

:       58       461

lalithm Wednesday, 06 November 2019 02:58 AM

කමෙන්ට් කියවපුවම දුකයි කොච්චර වහල් මනසක් තියෙන අයවලුන්ද කියලා. පරිසරයට පක්ෂ පාට අදාළ නැහැ. සංකල්පයයි වටින්නේ.

:       21       185

දිලුම් Wednesday, 06 November 2019 03:03 AM

ඔය ප්‍රඥප්ති නම් මොනවද කොල කෑලි අත්සන් කර කර ඉන්නවා. එක්කෙනෙක් හරි පරිසර ප්‍රඥප්තිය ප්‍රායෝගික කරල පෙන්වන්න.

:       30       90

sharm warnWednesday, 06 November 2019 09:28 AM

අන්න හරි. මමත් ඔබ සමගයි. " වැඩ පිළිවෙලක් " " සංකල්පයක් " " ප්‍රඥප්තියක් " මේ වගේ වචන අපිට අහලා අහලා ඇති වගේ අරහෙන් කෙනෙක් කිව්වනේ හරිත සංකල්පයක් ගෙනෙනවා කියලා. මෙයාටත් පොඩි කික් එකක් එන්න ඇති මමත් මොකුත් නොකිව්වොත් නරකයි වගේ.

:       0       1

sampath Wednesday, 06 November 2019 09:46 AM

උපන්දවසේ ඉඳලා පාර්ලිමේන්තුවේ දැන් අන්තිම මොහොතේ දෙකොන රත්වෙලා තියෙන්නේ මේවා මහවිහිළු වැඩ... මේ යන විදියට ආයේ කසාදයට වුණත් අත්සන් කරයිද මන්දා... කලබලෙන් රටේ මිනිස්සු බහුතරයක මෝඩ වෙන්න ඇති... එ්ත් මේ රටේ මේවා තේරෙන මිනිස්සුත් ඉන්නවා... මේවාගෙන් වෙන්නේ තියෙන ඡන්දත් නැති කරගැනීමක්...

:       1       0

athuraThursday, 07 November 2019 04:52 AM

උපන් ගමන් පාර්ලිමේන්තු අවේ රජාගේ පුත්තු මිසක් මෙතුමා නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 504 1

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 243 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 160 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 800 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 399 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 399 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 518 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site