IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජනනාත් වරකාගොඩට ඇප

කවිතා සුබසිංහ 

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක්  සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ මහතා ඇප මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (18) නියෝග කළේය.

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක්  සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ මහතා ඇප මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (18) නියෝග කළේය.

ඔහු රුපියල් 10,000 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

නඩු කටයුතු අවසන් වන තුරු විත්තිකරුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය. 

විත්තිය විසින් අගතියට පත් පාර්ශවය වෙත රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දී ඇතැයි ද අධිකරණයේ දී කියවිණි.

රුපියල් ලක්ෂයක වන්දි මුදල ට අමතරව තවත් රුපියල් 50,000 ක වන්දි මුදලක් විත්ති පාර්ශවය විසින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන්  (මරණකාරියගේ සොහොයුරිය වන ඩී.සිල්වා යන අයට) විවෘත අධිකරණයේදී ලබා දුන්නේය.

ඉකුත් 12 දා කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පදික මාරුවේදී මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්  ජනනාත් වරකාගොඩ යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

නඩුව අප්‍රේල් 29 වැනි දා යළි කැඳවීමට නියමිතය.



අදහස් (7)

ජනනාත් වරකාගොඩට ඇප

sirimal Monday, 18 March 2019 08:52 AM

"එළිය" තියෙද්දී පන්දම් අල්ලන්න ගියහම ඔහොම වෙනවා...

:       0       26

Jehaan Monday, 18 March 2019 09:25 AM

මේක මරණයක් සිදුවුණු රිය අනතුරක්..., කොහොමද ඇප ලැබෙන්නේ? අනෙක අගතියට පත් පාර්ශවයට බලපෑම් කර සුළු ගානක් අතමිට මොලවලා නඩුව ඉවර කරයි! නැති නම් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.. අන්තිමේ පාරේ කහ ඉර ඇඳපු මනුස්සයා හිරේ යාවිද දන්නේ නැහැ... එහෙම රටක් මේක..!

:       10       205

RaveendraMonday, 18 March 2019 10:38 AM

Jehaan, මයා වෙත, ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. අවසානයේ මේ අහිංසක හාදයාගේ පාරේ අයිනේ නවතා තිබුණු රථයේ වැඩිහිටි කාන්තාවක් අාදි වේගයෙන් දුවගෙන ගොස් (ඔලිම්පික් වාර්තාවටත් වඩා ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන්) නවතා තිබූ එම රථයටත් බරපතල හානි සිදුකර බලෙන්ම මියගියා කියයිද දන්නේ නැහැ...

:       5       50

dias Monday, 18 March 2019 10:04 AM

රුපියල් 150,000 වන්දිය ගෙවන එක මේ මනුස්සයට සිල්ලර. මෙවැනි දඬුවම් චූදිතයින්ට නොදැනීම තමයි අද අපරාධ වැඩිවීමට හේතුව...

:       0       105

වරුණ ජයවර්ධන Monday, 18 March 2019 10:26 AM

අනේ මන්දා අපේ රටකට ගිය කලක්.

:       0       114

gayan Monday, 18 March 2019 11:08 AM

පදිකයින් ද කහ ඉර මත ගමන් ගන්නා විට පරිස්සමින් අවදානයෙන් යා යුතුය . වාහන නැවතූ විට පාර මාරු වන්න . ඔබේ ජීවිතය වටින්නේ ඔබේ පව්ලේ අයටය

:       2       140

Ajith Tuesday, 19 March 2019 02:36 AM

අපි අපරාදයක් කරන්න බය වෙන්න ඕන නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 99 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 98 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 767 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 214 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 639 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 147 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site