IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජනපති - අගමැති ප්‍රධානත්වයෙන් මත්කුඩු විරෝධී රැළියක්

(හසිත රංග ගුණතිලක)

මත්කුඩු හා මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට මත්කුඩු විරෝධී පෙළපාලියක් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 31 දින කොළඹ දී පවත්වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අද (19) පැවැසූහ.

අනාගත දරු පරපුර සහ සංස්කෘතිය විනාශ කර දමන මත්කුඩු හා මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් සහමුලින්ම ඉවත් කිරීමට සියලුම ජාතීන් එකට එකතු විය යුතු කාලය එළඹ ඇතැයි ද කාදිනල්තුමන් කීහ.

බොරැල්ල මරදාන පාරේ පිහිටි  අගරදගුරු මැදුරේ අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රංජිත් හිමිපාණෝ මේ බව ප්‍රකාශ කළහ.

රටේ සියලුම ජනතාව මත් උවදුරින් මුදවා ගැනීම සහ මාර්තු 31 වන දින බස්නාහිර පළාතේ සියලුම ක්‍රිස්තියානි දේවස්ථානවල දේවමෙහෙයන් පවත්වන බවත් දේවමෙහෙයෙන් අනතුරුව එම ජනතාව දේවස්ථාන ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වන බවද කාදිනල්තුමා පැවැසූහ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (21)

ජනපති - අගමැති ප්‍රධානත්වයෙන් මත්කුඩු විරෝධී රැළියක්

vijitha Tuesday, 19 March 2019 02:58 PM

කුඩුකාරයන්ට නිදහසේ සිවිල් සමාජයේ ඉන්නකල් බෝකිරීම නැවතත් දිගටම යනවා. ඔවුන්ව හරියට පුනරුත්ත‍ාපනය කරනකල් වෙන්කළ යුතුයි. සියලු කුඩු ව්‍යාපාරිකයන් එල්ලුම් ගහට යැවිය යුතුයි. මම මාසයක අධ්‍යයනයකින් මේ කියන්නේ... මොකද අද කොළඹ දිස්ත්‍රික්කයේ ගෙවල් 8කින් එක ගෙයක් කුඩුකාරයෙක් ඉන්නවා. මේ ව්‍යවසනය සුළුවෙන් තැකිය හැකි දෙයක් නොවේ. කැස්බෑව වගේ කොනකත් මරදාන වගේ මැදත් එකම අනුපාතය තියෙන්නේ රටේම පැතිරිලා ඉවරයි...

:       0       166

Sumith Tuesday, 19 March 2019 05:12 PM

ගමේ, නගරේ බාර් ළඟ හවස පොඩිඑවුන් පවා පෝලිමේ...

:       0       59

Dhinuk Tuesday, 19 March 2019 06:41 PM

අපි නිමල් ලන්සව ක්‍රිස්තියානි කටයුතු ඇමති කරවමු. අගරදගුරු තුමෙනි, මේවා පිට වැරදි වසාගැනීමට අගරදගුරු කරන උපක්‍රමයක් පමණි.

:       441       449

J.s Tuesday, 19 March 2019 08:03 PM

මෙම ජාතිවාදී නිසා රට හදන්නේ නැහැ.

:       9       0

Don perera Tuesday, 19 March 2019 09:52 PM

මීගමුවේ ලන්සාට දෙවියන් වහන්සේගේ සමාව ලැබෙන පාටයි.

:       1       28

janithWednesday, 20 March 2019 03:31 AM

ඇයි ජෝන් බබා කියලද හිතාගෙන ඉන්නේ?

:       5       23

Samanjaya Wednesday, 20 March 2019 05:41 AM

නිමල් ලන්සාව ක්‍රිස්තියානි කටයුතු බාර ඇමති වශයෙන් පත්කරද්දී වචනයක් කතා නොකරපු අගරදගුරුතුමා කුඩු වලට එරෙහිව ලොකු ප්‍රචාරයක් කරගෙන යනවා. මම දැක්කා කමෙන්ට් එකක්... පල්ලියේ අාදායම 90% අඩුවෙනවා කියලා කුඩු නතර කලොත්. සහතික ඇත්ත.... අගරදගුරුතුමා දේශපාලනීකරණය වෙලා ඉවරයි. මට තියෙන ගැටලුව වතිකානුව වුණත් මෙය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත්තේ අැයි කියන කාරණය... අගරදගුරු තුමාගේ ඥාති දියණියක් කිසිඳු සුදුසුකමක් නොමැතිව තානාපති සේවයේ පිහිටෙව්වා...!!! මේ පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේදී මීට පිළිතුරක් දීමට මෙතුමාට නොහැකි වුණු.... සහෝදර කතෝලිකයිනි.., මේවා පිළිබඳව සොයා බැලීමට කාලය පැමිණ ඇත. මේ කරන්නේ සංදර්ශනයක් පමණි.

:       14       23

බද්රානි Tuesday, 19 March 2019 09:25 PM

යාඥාකරලා පමණක් කුඩු බිස්නස් එක නවත්වන්න බැහැ කාදිනල්තුමෙනි, පහුගිය කාලේ කුඩුකාරයින්ව පොලිසිය වටලනකොට හිටපු ජනාධිපතිලා හෙලිකොප්ටර් වලින් ගොඩ බැහැලා කුඩු බිස්නස් කාරයින්ව ගලවා ගත්තා එ්ක ඔබ වහන්සේ නොදන්නවා වුණාට පුංචි රෝමය යයි විරුධාවලිය ලබා තිබෙන මීගමුවේ එවකට හිටපු පියතුමා හා කතෝලික දන්නවා ඇති. පුහු දේශප්‍රේමියෙකු වෙනවාට වඩා, සැබෑ ක්‍රිස්තියානු නායකයෙකු සේ ක්‍රියා කරන්න කාදිනල්තුමනි...

:       3       20

BamunuarachchiWednesday, 20 March 2019 07:22 AM

ඒ කාලේ අල්ලන්න බැරි වූ කුඩු කාරයින්ව දැන් පුළුවන්නේ අල්ලන්න ඇයි අල්ලන්නේ නැත්තේ? උත්තර දෙන්න බද්රානී මම උත්තර දෙන්න කලින්...

:       13       1

බද්රානි Wednesday, 20 March 2019 09:14 AM

කුඩු බිස්නස්කාරයා 2015 ආණ්ඩු පෙරලියේදී, ආණ්ඩු පක්ෂයට හේත්තු වුණා. ඔබට මතකද බමුණුආරච්චි? හැබැයි ඊට පස්සේ කුඩු බිස්නස්කාරයව පොලිසිය ඇල්ලුවෙත් නැහැ, ජනාධිපතිලා හෙලිකොප්ටරෙන් බැහැලා බේරාගත්තෙත් නැහැ. පහුගිය වකවානුවේ, සමාජය මත පැලකරපු විෂ බීජ, දැන් හොඳින් පලදරන මහා ගස් බවට පත්වෙලා ඉවරයි. දැන් ඒ විෂබීජ ගස් වලින් සෙවන ලබන ජනතාවකුත් හැදිලයි ඉන්නේ. මේ කතාව මීගමුවට පමණක් නොවේ, සමස්ත රටටම අදාලයි. කොළොන්නාවේ වර්තමාන තත්වෙත් ඕකම තමයි. කාදිනල්තුමාත්, ඉඳහිට කරන ප්‍රකාශ තුළින් මා නම් දකින්නේ අමුතු පුහුදේශප්‍රේමයක් ආරුඩ කරගෙන සිටින බවයි. කතෝලික පල්ලිය හා කතෝලික සභාව හරහා ජනතාවගේ අධ්‍යාත්මය පිරිසිදු කරනු වෙනුවට, තක්කඩි දේශපාලකයින් මෙන් පුහු දේශප්‍රේමීත්වයෙන් කතෝලික ජනතාව මුලා නොකිරීමට කාදිනල් තුමා උත්සාහ නොකළ යුතු බව තමයි මගේ හැඟීම. බමුණු ආරච්චිලා වැනි දේශපාලන බැතිමතුන්ට එවැනි විකාර වැදගත් වුවත්, අපට අවශ්‍ය වන්නේ, කුමන ආගමක පූජකයෙක් වුවත්, දේශපාලකයින්ගේ හව්හරණය නොපතා, පූජ්‍ය පක්ෂය පමණක් ජනතාව, යහමගට ගන්නා ධාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසයි.

:       0       27

BamunuarachchiWednesday, 20 March 2019 10:59 AM

2015දී කුඩුබිස්නස් කාරයින් මේ ආණ්ඩුවට හේත්තු වුණු නිසා මේ ආණ්ඩුව රැකවරණය දී ඇල්ලුවේ නැතිනම් ඒ කුඩු බිස්නස් කාරයින්ටම ඒ ආණ්ඩුකාලයේ රැකවරණය දුන්නා කියා චෝදනා කරන්නේ ඇයි? ඒ ගොල්ලෝ රැකවරණය දීම විතරද වැරදි? ඔබේ ඉතිරි කියමන් මෙතනට අදාළ නැත...

:       15       0

shirly kurera Tuesday, 19 March 2019 09:43 PM

අපේ රටේ ආගමික නායකයන් දේශපාලකයින්ට කඩේ නොගියා නම් මීට වඩා යහපත් රටක්...

:       0       9

Bamunuarachchi Wednesday, 20 March 2019 12:30 AM

ජනපති අගමැති පෙළපාලි ගියා කියලා මත්කුඩු නවතින්නේ වත් රටේ මිනීමැරුම් හෝ අනිකුත් කිසේම දූෂණයක් නවතින්නේවත් නැත. කුඩු ගෙන්වන්නන්ට සව්දි අරාබියේ දෙන දඬුවම් දීගන්න බැරි මේ නායකයින්ට මෙරටේ කළහැකි දෙයක් නැත.

:       55       5

rocky Wednesday, 20 March 2019 02:09 AM

මෝඩ මිනිසුන්ව රවටන්න කරන බොළඳ බොරු සෝබන කටයුත්තක්... මේකත් හරියට විමලේගේ කුප්‍රකට උපවාසය වගෙයි. අම්මපා, මේ ගොල්ලන්ට මේ සම්බන්ධයෙන් කරන්න වෙනත් යමක් නැද්ද?

:       0       69

mahinda Wednesday, 20 March 2019 02:19 AM

මැදමුලනධාරීන් අධිකරණය වරද කරුවන් කළවුන් රැකීමට එම තීන්දු තඔයකට මායිම් නොකර මූල්‍ය පිණ්ඩපාතය සිඟද්දී කතෝලික හිමිවරුන් රටට මහත් ව්‍යවසනයක් තුරන් කිරීමට දේව මෙහෙයන් අනතුරුව පෙලපාලි යති. රත්නපුර රෝහලේදී ජනවාරි මුල් සතියේදී අපවත් වූ භික්ෂූන් වහන්සේ කෙනකුගේ දේහය සඳහා හිමිකරුවකු නැති බවත් දින 90 ඉක්මවූ තැන රජයේ මුදලින් අවසන් කටයුතු සිදුකෙරෙනු ඇතිබවත් ජාතික පුවත්පතක් වාර්තා කළා. අනේ කතෝලික හිමිවරුනි, ඒ හිමියන්ගේ දේහයට ඔබවහන්සේලා මැදිහත්ව අවසන් ‍ගෞරවය ලබාදෙන්න...

:       128       5

Sapumal. Wednesday, 20 March 2019 02:32 AM

ගරු අගරදගුරු හිමිපාණන් වහන්සේටත්, මේ සත් කාර්යය සඳහා උරදුන් සැමටත් අපගේ ආචාරය....

:       78       103

athula Wednesday, 20 March 2019 02:34 AM

ඔය මගුල් කරලා හරියන්නේ නැහැ.. පළමුව පාර්ලිමේන්තුවේ ඉන්න මත්කුඩු ජාවාරම් හැතිකරේ අල්ලා හිරකරලා දාන්න ඕනෑ...

:       0       86

gihan Wednesday, 20 March 2019 03:30 AM

එතකොට පල්ලිවලට එන ආධාරවලින් 90%ක්ම අඩු වෙනවනේ... කමක් නැද්ද?

:       56       47

Devon Wednesday, 20 March 2019 03:34 AM

කරනවා නම් හොඳ වැඩක්. ඒත් ඇත්තටම එහෙම වුනොත් මීගමුවේ පල්ලි ටික වහන්න වෙනවා.. දායකයින් ටික හිරේ යන නිසා...

:       14       49

Sumith Wednesday, 20 March 2019 03:44 AM

දැන් සිගරට්, අරක්කු මිල වැඩි කියලා බොන් නැද්ද? බාර්වලට අරක්කු නැව් වගේ ලොරි එන්නේ... දවස් 2ට ඉවරයි... රටේ මේවා රැළි තිබුණට වැඩක් වෙයිද?

:       0       3

followerofchrist Wednesday, 20 March 2019 04:44 AM

මරදානේ සාන්තුවරයකුගේ නමින් ඇති කතෝලික පාසලේ සපෝර්ට් ක්ලබ් නමින් ඇති තැබෑරුම වහන්න බැරි ඔබතුමා කෙසේද? රටේ කුඩු ප්‍රශ්නෙට විසඳුම් දෙන්නේ... ඔබතුමාගේ මුදල් කමිටුවේ සාමාජිකයෝ රටටම අරක්කු බෙදෙන මුදලාලිලා. ඔබතුමා පූජකයන්ට නත්තලට තෑගිදෙන්නේ රට අරක්කු. මීගමුවේ ජාත්‍යන්තර කතෝලික පාසලේ විදුහල්පති පූජකතුමාගේ රට අරක්කු කබඩ් එක ගැන ඔබතුමා නොදන්නවා වන්න බෑ. කාදිනල්තුමනි, වර්තමානයේ කුඩු මුදලාලිලාට දූෂිත දේශපාලකයන්ට වඩා බහුතරයක් ඔබතුමා ඇතුළු පූජකතුමන්ලා දූෂිත බව ජනතාව දන්නවා. නමුත් කණගාටුවට කරුණ නම් හැමෝම නොදන්නවා වගේ ඉන්නවා. ජේසුතුමා ශාන්තුවරු ජීවිත පූජාවෙන් ගොඩනගපු කතෝලික සභාව ඔබතුමා පාවා දෙමින් මේ කරන රැවටීම නවතා නියම කිතුනුවකු ලෙස රටට ආදර්ශයක් වන්න කටයුතු කරන මෙන් ජේසුගේ නාමයෙන් ඉල්ලා සිටිමු..

:       217       152

ඔබේ අදහස් එවන්න

 

 

දියත

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 13 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 39 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 100 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 365 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 544 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 630 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 739 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site