IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘‘ජනපති ආ විගස සතොසේ සියලු තොරතුරු කියනවා‘‘

 (සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයා අද හෙටම මුණ ගැසී සතොස දූෂණ වංචා සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

ඒ සඳහා සියලු ලියකියවිලි සූදානම් කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

මෙයට අමතරව එම දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතවද කරුණු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව පැවසූ ගුණවර්ධන මහතා මෙයට අදාළ සියලු කටයුතු ඉන් අනතුරුව අවසන් කරන බවද පැවැසුවේය.

එම දූෂණ,වංචා,අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉන්පසු බලධාරීන්ට අයිති රාජකාරියක් බවද ඔහු පැවැසීය.

ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහා ඔහු හමුවී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහාද මූලික කටයුතු කරගෙන යන බවත් තුෂාන් ගුණවර්ධන මහතා කීවේය.

මෙයට පෙර තමා ගෑස් ප්‍රශ්නය පිළිබඳව නීතිපතිවරයා හමුවී කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාවේදීද තමාට බලධාරීන්ගෙන් විරෝධතා එල්ලවූ බවත් හෙතෙම සඳහන් කළේය.

 

 

 



අදහස් (9)

‘‘ජනපති ආ විගස සතොසේ සියලු තොරතුරු කියනවා‘‘

sam Friday, 24 September 2021 08:37 AM

ඇමතිලා දෙන්නම දැන් තිගැස්සිලා බයිලා කිය කියා ඇවිදිනවා.

:       3       9

දාස Friday, 24 September 2021 08:47 AM

වැඩක් වෙන්නෙ නැහැ මහත්තයො , අර සිනි වලින් ගහපු වැඩේට වෙච්ච දේ මතක නම් , ඔය එක වල්ලෙ පොල්.

:       3       12

අයේශ් Friday, 24 September 2021 09:29 AM

වැඩක් වෙයිද?

:       3       13

සුමිත් Friday, 24 September 2021 09:38 AM

බොරුකයිය නැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේනතුවට ගොස් පැමිණිලිකරන්න. ජනාධිපතිට කියනවා කිය කිය කල්මරන්නේ නැතිව. අන්න බන්ධුල ගුණවර්ධන නම් ඔබට විරුද්ධව පැමිණිල්ලක් දාලා කියලා මාධ්‍යට කිව්වා. එතුමත් එක්ක රූපවාහිණියේ විවෘත සංවාදයකට ආරාධනා කරන්න. ඔබට එසේ කරන්න බැරිනම් ඔබත් දේශපාලඥයෝවගේ බේගල් ඇදබාන්නෙක් විතරයි.

:       0       16

Raveendra Friday, 24 September 2021 10:38 AM

කවුරුන් අවංකද කවුරුන් වංකද යන්න දන්නේ ඒ ඒ අයගේ යටි සිත බව නොරහසකි. බන්දුල පිලිබදව ඉතිහාස පිටු පෙරලිමේදී උන්දැගේ වංචා වැඩ, ජඩවැඩ හොරා කෑම්, කොමිස් මෙන්ම අතයට ගනුදෙනු "පිළිබද ගිණුමේ ශේෂය ( අද දින දක්වා ) නම් බිංදුව" බව කව්රුත් දන්නා කරුණකි. එනමුත් අනිත් කෙනා ගැන නම් ඉතිහාස පිටු අස්තානගතවී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වෙතත් මහජන මුදල් හොරාකන එවුන් ලක්ෂේට කොඩිය දාගෙන හිටියත් විදවන්නේ සිල්ලර ලෙස නොව තොග වශයෙන් බව එවැනි හොර හැත්ත පිලිබදව ඉතිහාසයේ හොදින් ලියා ඇති බවත් කිව යුතුය.

:       1       14

Ratne Friday, 24 September 2021 12:29 PM

හොරාගේ අම්මාගෙන් පේන ඇහැව්වා වගේ වෙයිද? ඔබතුමන් කොතරම් නිවැරදි හෝ සත්‍ය තොරතුරු පැවසුවත්, පාස්කු ප්‍රහාරයේ වින්දිත ජනයා වෙනුවෙන් පෙනී සිටින කාදිනල් තුමන් හටද මෑතකදී සිට මඩ සහ ව්‍යාජ චෝදනා නගමින් සිදුකරන පීඩනය හා නොදෙවැනි තත්ත්වයකට මුහුණු දීමට ඔබතුමන්ට ද සිදුවන බැවින් විමසිලිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් වනු ඇත...

:       3       3

Lal Friday, 24 September 2021 12:39 PM

එහෙමවත් කියලා බලන්නකෝ.හැබැයි ඉතින් ඒ සියලු දෙනාම එක රෑනේ කුරුල්ලෝ.

:       0       3

Saleem Friday, 24 September 2021 12:56 PM

මහජනතාව ගොනාට අන්දවන්න බැ. සියල්ල හෙලි කරන්න

:       0       3

Nihal Friday, 24 September 2021 01:06 PM

මුලින් නම් මෙතුමා ගැන යම් පැහැදීමක් තිබුණා. දැන් නම් මීට විරැද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ධුරයේ ඉද්දි බැරි නම් දැන් කියඒ් විශ්වාසේ නැති වෙලා . කියව ගිහින් අල කන්න ද?. ජනාධිපතිට ලකුණු දාන්න හදනවා වගේ පේන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 661 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 184 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 548 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1823 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site