IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ජනපති කටුනායක ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක

(ටී.කේ.ජී.කපිල )
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(16) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවූයේය.

ඒ මහතා ගුවන් තොටුපළෙහි විවිධ අංශවල  කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමටත්, ගුවන් මගීන්ට වැඩි පහසුකම් ලබාදීමටත් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
 
ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙතින් ගුවන් තොටුපළ තුළට පිවිසි ජනාධිපතිවරයා, සාප්පු සංකීර්ණය , ආගමන විගමන පරිශ්‍ර , රේගු පරිශ්‍ර , කුලී රථ කවුළු , බැංකු පරිශ්‍ර , මගී ගමන් මලු හුවමාරු අංශ , සංක්‍රමණික ගුවන්  මගී පර්යන්තය , ගුවන් යානා වෙත පිවිසෙන දොරටු සහ පැමිණීමේ පර්යන්තය පරීක්ෂාවට ලක් කළේය. ඒ අතරතුර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි දෙස් විදෙස් සංචාරයන් සමග ද සුහද පිළිසදරක ද නිරත වූයේය.

(ඡායාරූප - නාලක සංජීව දසනායක)

(ඡායාරූප - ටී.කේ.ජී.කපිල)

 



අදහස් (5)

ජනපති කටුනායක ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක

Asanga Thursday, 16 January 2020 02:05 PM

දීර්ඝායු ජනපතිතුමනි...................!

:       1       5

chandima Thursday, 16 January 2020 03:36 PM

මේ පරීක්ෂාව නම් ඉතාම හොඳයි. එක වතාවක් මම ශ්‍රී ලංකාවට එද්දී විදුලි සෝපාන යතුරුපුවරුවට අත තැබීමට පවා අප්‍රිය ලෙස කුණු බැඳී තිබුණා දුටුවා. ඒ වගේම සුදු යකඩින් තැනූ බිත්ති නිසිලෙස පිරිසිදුව තිබුනේ නැහැ. මෙය අනෙක් ජාත්‍යන්තර ගුවන් තොටුපල හා සැසඳීමේදී ඉතා අප්‍රසන්නයි. ලංකාවේ තීරුබදු සහිත සාප්පු සංකීර්ණය කොටුවේ වෙළඳ පොළක් හා සමානයි. ලොව නමගිය භාණ්ඩවල දේශීය වෙළඳ නියෝජිතයින්ට එහි තැනක් නැහැ. ඉඩ ලබාදී ඇත්තේ දේශපාලන හෙන්චයියලාට පමණයි. එ් නිසාම ලංකාවට පැමිණෙන බොහෝදෙනා ගෙනඒමට ඇලුම් කරන නමගිය මත්පැන් බෝතලයක්වත් ලංකාවෙන් මිලදී ගැනීමට බයනිසා පිටරටින්ම රැගෙන එනවා. මේ වෙළඳ සංකීර්ණය වෙනත් රටවල ගුවන් තොටුපොලවල වැනි ජාත්‍යන්තර තත්වයට ගෙන එ්ම අත්‍යාවශ්‍යයි. අවශ්‍ය නම් ගුවන් පාලමක් මගින් සම්බන්ධ කර දුරස්ථව තවත් වෙළඳ ගොඩනැගිල්ලක මෙවැනි පෙට්ටි කඩ කාරයින්ට ඉඩ ලබාදී එයට අනුයුක්තව තවත් රේගු අංශයක් සහ ආගමන කවුන්ටර් පිහිටුවිය හැකියි.

:       0       334

RaveendraThursday, 16 January 2020 06:10 PM

ඔබගේ අදහස් අගයන්නෙමු. එමෙන්ම ශ්‍රිලාංකිය අනන්‍යතාවය වන සිනාවකින් ආගන්තුකයන් සුහදව පිළිගන්න ඒ අපගේ මිලකළ නොහැකි එම ගුණාංගය එහි සේවය කරනා පුරවැසියන්ගේ මුහුණු වල නම් අප කිසිවිට දැක නැති බවත් කනගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු. වැඩිදෙනෙකු සිටින්නේ බයිසිකල් හැඩල් ගිලපු මිනිසුන් ලෙසය.

:       0       9

wikcy Thursday, 16 January 2020 04:15 PM

දුම්රිය දෙපාර්තමේන්තුවට පැමිණෙන්න. අපි වැඩට යන වේලාවලට වනවාසල, එඬේරමුල්ල, හොරපේ දුම්රිය ස්ථානවලට එන්න. උදේට වැඩට යන්න දුම්රිය කීයක් තියෙනවද? කොච්චර මගීන් ප්‍රමාණයක් නිකරුනේ වෙලාව දුම්රිය ස්ථානවලට වැය කරනවද කියලා බලන්න. හවසටත් එහෙමයි.. ඔය මොනවා කළත්, අන්තිමට රටේ ජනතාවට වෙලාවට වැඩට යන්න පිළිවෙලක් නැත්නම් වැඩක් නැහැනේ. විනාඩි 30ක දුම්රිය ගමනකට දුම්රිය පලේ පැයක් තපින්න ඕනෑ. කියන්න කෙනෙක් නැහැ.. ඔබතුමා ඕනෑම තැනකට එන්නේ නැත්තේ අැයි කියලා... එ්ක නම් ලොකු ගැටළුවක් මගියෙක් හැටියට...

:       0       0

jayasekara Friday, 17 January 2020 04:41 AM

අපෝ සහතික ඇත්ත. හරියට බස් හෝල්ට් එකක් වගේ. අපි කොච්චර බැන්නත් ඉන්දියාවේ ගුවන් තොටුපළවල් හරිම නවීනයි. දිල්ලි, මුම්බායි හරියට ඩුබායි ගුවන් තොටුපළ වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

වීඩියෝ දර්ශන

ඝාතනය කළ බවට සැක තරුණයෙකුගේ මළ සිරුරක්
2025 මාර්තු මස 13 1092 0

අගුණකොළපැලැස්ස ,අබේසේකර ගම ප්‍රදේශයේ තිබී ඝාතනය කර ඇති බවට සැකකෙරෙන තරුණයෙකුගේ මළසිරුරක් අද (13) උදේ හමුවූ බව පොලිසිය කියයි .


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුට රට පනින්න බැරි වේ
2025 මාර්තු මස 13 1747 1

මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයායේදී සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංග


කතරගම බස්නායක නිලමේගෙන් පැය තුන හමාරක ප්‍රකාශයක්
2025 මාර්තු මස 10 1675 3

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) පැය තුනහමාරකට පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.


‘‘ලංකාවේ ලස්සන ලෝකෙටම කියනවා‘‘
2025 මාර්තු මස 10 1864 3

ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවකු වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණි ජාත්‍යන්තර වශයෙන් පිළි


මාදම්පේ අනතුරකින් මවක් සහ දියණිවරු දෙදෙනෙක් මරුට
2025 මාර්තු මස 09 2316 6

තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ



මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 455 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site