විනීතා එම්.ගමගේ
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුභපතන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද කරයි.
2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරාදා (15) දින ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කළ අතර, එහිදී ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයේ දී ද තේරි පත්වන නව ජනාධිපතිවරයා වෙනුවෙන් සිය සුබපැතුම් පළකරමින් ඔහුගේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කර ඇත.
මේ අතර ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ එම සියලු දෙනා හා එක්ව තම උතුම් මාතෘභූමිය සහ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් යුතුව තමා විසින් ඉටුකළ වගකීම් හෙට දිනයේ ද ඉටුකිරීම අධිෂ්ඨානය බව යැයි ද එම නිවේදනය කියයි.
පෞද්ගලිකවම විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නි
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්ක වල වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන බව කෘෂිකා
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ
තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ජනපති මෛත්‍රීගෙන් ගෝඨාභයට සුබපැතුම්
sirimal Sunday, 17 November 2019 11:17 AM
" කාට හරි අණ කරන්න ඉල්ලලා අස්වෙන්න කියලා මට පාර්ලිමේන්තුවට යන්න" කියල කිවේ නැද්ද සිරිසේන මහත්තයෝ.
Mf Sunday, 17 November 2019 11:20 AM
ආවේ රනිල් එක්ක. යන්නේ සජිත් එක්ක.
මුණසිංහ Sunday, 17 November 2019 11:27 AM
දැන් බොරුවට කෙකර ගානවා. යටින් වැඩ කලේ සජිත්ට.. පොලොන්නරුවේ ප්‍රතිඵලෙන් ඒක පෙන්නුවා.
Ruhunu Sunday, 17 November 2019 11:27 AM
ගේ දීලා යන්න...
රවින් Sunday, 17 November 2019 11:29 AM
මෙයාගේ සුභපැතුම් ගණන් ගන්න එපා. මතකනේ ආප්ප කෑවා. ලඟින් ගියොත් ඇහැක් නැහැ. බැරි වෙලාවත් කිට්ටු කරගන්න නම් එපා.
විජිත් Sunday, 17 November 2019 11:48 AM
දැන් යන්න.... එළවලා දමන්න කලින්.
nimal Monday, 18 November 2019 04:37 AM
මතු කිසිම දිනක මේ අයව ගාවගන්න එපා කිසිම දෙයකට... පොළොන්නරුවට ගිහින් පතෝල වවන් ඉන්න. ඉන්න ගමන් ඉටි කෞතුකාගාරය බලන්න. අම්මෝ ඇති යන්තම් මෙයාගේ කාලය ඉවරවුණා..