හර්ෂණ තුෂාර සිල්වා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියාවේ රෝ ආයතනය තමන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) පැවැති කැබිනට් හමුවේදී ප්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත ඇතුළු මාධ්‍ය කිහිපයක්ම අද (17) වාර්තා කර තිබිණි.
එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කළ බව ද එම පුවත් වාර්තාවල දැක්විණි.
දෙරටේ නායකයන් දෙදෙනා අතර සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වී ඇතැයි එම රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර අද (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ජනාධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.
මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්
වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනපති මෛත්‍රී - මෝදි දුරකතන සාකච්ඡාවක්
Saman Wednesday, 17 October 2018 02:16 PM
කට තිබුණු පලියට ගොන් කතා කියන්න එපා කියන්න ඇති....
ධනුෂ්ක Wednesday, 17 October 2018 02:50 PM
කෝටි 150කට අධික ජනතාවක් වෙසෙන ඉන්දියාවට කෝටි දෙකක් පමන ජනතාවක් වෙසෙන ලංකාව හොඳ වෙළඳපලක්. අැත්තම කිව්වොත් අපි ඉන්දියානු ජනතාවගෙන් කෝටි හතරක්වත් බලා ගන්නවා. මෙවන් තත්වයක් තුල ඉන්දියාව අපට ස්වයංපෝෂිත වීමට හෝ සංවර්ධනය වීමට කිසිලෙසකින් ඉඩ තබන්නේ නැත.සංවර්ධනය වීමට ඉඩ දෙන්නේ ඔවුන්ගෙන් මිල දී ගැනීමේ හැකියාවේ සීමාවට පමනි. ඔවුන් හට ලංකාවට වැටෙන වැස්ස වුවත් පාලනය කල හැක. බව භෝග වල පැවැත්ම පාලනය කල හැක, දේශපාලනය පාලනය කල හැක,මේ රට ස්වයංපෝෂිත හෝ සංවර්ධනය කිරීමට හැකි අාණ්ඩුවකට හෝ පාලකයකුට පත් වීටම හෝ පත් වී පැවතීමට ඔවුන් ඉඩ නොතබනු අැත.පැවති හා පවතින පාලනයන් දෙක තට්ටුමාරුවට ඔවුන් අාරක්ෂා කරනු අැත. වත්මන් ජනපති ඝාතනයට නම් ඉන්දියාවට කිසිදු වුවමනාවක් නොවනු අැත
udaravana hava eliya Wednesday, 17 October 2018 06:23 PM
මේකට හේතුව නම් නුඹලා ඉන්දියානුවන් බව නුඹලා අපිට අමතක වීමය මේ රටේ ආදී වාසීන් රාවණ පරපුර වනසා මේ බිම අල්ලාගෙන උන්ගේ නොවන නිසා සුද්දන්ට ලියා දී එහි ඇති වරාය ද විකුණගෙන කන මේ අය මේ රටින් පන්නා දැමීමට රාවණ රජු නැවත පහල වේවා............
SilvaThursday, 18 October 2018 03:47 AM
කෝටි 150කට අධික ජනතාවක් වෙසෙන ඉන්දියාවට කෝටි දෙකක් පමන ජනතාවක් වෙසෙන ලංකාව හොඳ වෙළඳපලක්. වෙළඳපොල සහ වෙළදාම ගැන තියෙන දැනීම නියමෙට ප්‍රදර්ශනය කරනවා.
ධනුෂ්කThursday, 18 October 2018 02:32 PM
කෝටි 150 කියන්නේ අපිට වඩා අති විශාල වෙළඳපලක් තමා නමුත් එ්ක රට අැතුලේ සිදු වෙන සංසරණයක්. රටකට වැදගත් වෙන්නේ අන්තර්ජාතික වශයෙන් සිදුවෙන වෙළඳාම. රට පෝසත් වෙන්නේ එම වෙළඳාමෙන්. අනික අපි මොනවද එහේ විකුනන්නේ. ඉන්දියානු නිෂ්පාදන 80%ක් විකුනන්නේ දකුනු අාසියානු, හා අප්‍රිකානු රටවලට. නැගෙනහිර අාසියානු රටවල් ඉන්දියානු බඩු ගන්නේ නෑ. මොකද ඔවුන් එ් සියල්ල අතිරික්ත මට්ටමින් නිෂ්පාදනය කරනවා. කුස්සියට ගිහින් බලන්න ඉන්දියානු නිෂ්පාදන කීයක් තියනවද? පාරට බැහැලා බලන්න ඉන්දියානු වාහන, කෝච්චි කීයක් තියනවද? ඔවුන්ට අපි හොඳ වෙළඳපලක් කියලා ඔබ නොදන්නවා වුනාට ඔවුන් දන්නවා. එ්කනේ හැම වෙලේම අපි චීනයට ලංවෙනකොට ඔරවන්නේ.මම දැනගෙන කතා කරන්නේ
Chaminda Wednesday, 17 October 2018 03:07 PM
මේ රටේ බුද්ධි අංශයේ තරම හිතාගන්න පුළුවන්... දැන් ඉන්දියාවෙන් තමයි විස්තර ගන්නේ. මේ රටේ බුද්ධි අංශයක් නැද්ද? දැන් හරිනම් වෙන්න ඕනේ මෙහෙ බුද්ධි අංශය රෝ ආයතනය එක්ක එකතුවෙලා හොයාබලන එක නෙමෙයිද? ලංකාවේ ලොක්කන්ටත් රටේ ආයතනය විශ්වාස නැතිකමයි පේන්නේ..
lalith Wednesday, 17 October 2018 03:40 PM
මෝඩි:- මොනවද මලේ මේ එක එක කියන කතා? ... මෙයා:- ගනන්ගන්න එපා ලොකුඅයියේ අවබෝධතාව ඉවරයි. දැන් සංක්‍රාන්ති කාලේ. පොඩි අඩව්වක් පෙන්නුවා කට්ටිය කැරකිලා වැටෙන්න. දැන් නයි වෛරක්කාරයෝ වගේ පරණ හිටපු තැනට හේත්තුවෙන්න පුළුවනි. අයිය කොළ තුනේ සූදුව දැකලා නැතිද?
ගල්කටස් Wednesday, 17 October 2018 07:29 PM
අපෙ ජනාධිපතිතුමා හොඳ කෙනෙක් වුවත් රටෙහි ජනාධිපති ධූරය දැරිමට නුසුදුස්සකු බව ඔහු විසින්ම පෙන්නුම් කරමින් සිටී. එතුමා විසින්ම නොහැකියාව පෙන්නුම් කරමින් සිටී. ජනතාවගෙ බලාපොරොත්තුව නම් කෙලින් තීරණ ගන්න නායකයකුය. හරි හෝ වැරදි තීරණ සෘජුව නොගැනීම නිසාම මුඵ රටම විඩගං මඩුවක් වී තිබීමයි කණගාටුවයි.
HafeelThursday, 18 October 2018 11:42 AM
ඔබේ අදහසට මමත් එකඟයි.
de silva Thursday, 18 October 2018 02:50 AM
රැස්වීමකදී ගැලරිය පිනවන කතා කියලා මිනිස්සු පිනවන එකේ එතුමා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වලට වැඩිය ලොකුවට සලකනවා.
jayath Thursday, 18 October 2018 02:57 AM
අපේ ජනාදිපති තුමා වේලාවෙන් වෙලා වලට කියන කතා මම හිතන්නේ නැහැ ඉන්දීය ආණ්ඩුව ගණන් ගනීවි කියලා.
සතයපාල Thursday, 18 October 2018 03:43 AM
පනින්නට පෙර සිතා බලනු කිවේ කට කහනවට නොවේ. යමක් කියන්න කරන්න කලියෙන් ඒ ගැන දෙපාරක් හිතා බලන්න ඕනා.
ඇත්ත සත්‍යපාල Thursday, 18 October 2018 03:44 AM
ඇති යාන්තම් හින්දි ටිකක් හරි හරි ඉගෙන ගත්තා.
Saththaya Thursday, 18 October 2018 03:53 AM
ඔය මේ රටේ මිනිසුන් සහ රට හෑල්ලුවට පත් කරන දුර දක්නා පෙනුමක් නැති , බලය ලබා ගැනීමේ උපාය මාර්ග පමණක් සැලසුම් කරනා ක්‍රියා . ඒ නිසා අපි ජත්‍යාන්තරය හමුවේ හෑල්ලුවට පත්වෙලා ඉවරයි. හේතුව රටට ආදරය නැති බලයට කෑදර සමාජ සේවකයන්ට කතිරය ගසලා ඡන්ද දායකයා හෑල්ලුවට පත්වෙන ගමන්ම ඔවුනුත් පරපුරත් ඔවුන් විසින්ම විනාස කරගෙන ඉවරයි. දැන් අපි විසින්ම අපිව හුරා කන්න කියලා දායක වෙලා ඉවරයි. ආපසු හැරෙන්න හිතන්නවත් බැහැ , ආයෙත් දුවන්නේ ජරාව පස්සෙන්මයි.
chinthaka Thursday, 18 October 2018 08:35 AM
මෝදී සිංහල දන්නවා ඇති.
saman Thursday, 18 October 2018 06:22 PM
අපරාදේ, ළඟ උන්නනම් අතට අත දෙන්නත් තිබුණ.