(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුපක් ලැබීමට වසර දහයක් සේවය කළ බවටවූ යෝජනාව ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂයේ සිටින තරුණ මන්ත්‍රීවරුන් බවත් තමා ඒ මන්ත්‍රීවරුන්ට ගරු කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් සියයට හතළිහක්ම සිටින්නේ තරුණ මන්ත්‍රීවරුන් බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නව පනතකින් සකස් කළ යුතු වන බවත් ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ද සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මුදල් ඇමතිවරයා සඳහන් කළේය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
’’ජනපති-මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන අනාවරණයක්’’
ජනතාව Saturday, 13 November 2021 03:37 PM
ටිකක් ප්‍රගතිශීලී අදහසක් වූවත් මෙය රජයේ අනෙකුත් සේවකයින්ගේ සාමාන්‍ය කාලසීමාව වන වසර තිහෙන් හරි අඩක් වන වසර 15 ටවත් දීර්ඝ කළ යුතුයි. මක්නිසාද කිවහොත් ‘ජනතාව, ජනතාව’ යනුවෙන් දිවා රෑ මතුරන අපේ ගරු ඇමැති ගොල්ලො මේ කරන්නේ විශ්‍රාම වැටුප බලාගෙන කරන සේවයක් නොවන අතර වැටුප ගෙවන්නේද, ජනතා මුදලින් බැවින් මෙසේ අත්පොලසන් නාදයකට දෑත එසවීමටවත් මැලිකමක් දක්වා මේසයට ගහන්නට තරම් අලසවන කිහිපදෙනෙකුත් මෙයින් ප්‍රතිලාභ ලබන බැවින් මෙසේ මුදල් නාස්තිය මෙවැනි රටකට නොවටියි...
senaSaturday, 13 November 2021 05:44 PM
කිසිම ප්‍රගතිශීලී බවක් නැහැ.. හිටපු ජනාධිපතිතුමා කට ඇරියනේ... ඒක නිසා එයාට වැඩක් දුන්නා. එච්චරයි. ඊට එහා ගිය දැක්මක් මෙයාලා කාටවත් තියෙන බවක් පේන්න නැහැ.
Narada Saturday, 13 November 2021 03:50 PM
මේක ඉතා හොඳයි...
Rocky Saturday, 13 November 2021 06:15 PM
මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම මුළුමණින්ම අහෝසි කළ යුතුයි..
gundaWednesday, 17 November 2021 05:52 PM
Rocky, ගේ අදහස් නිවැරදියි. 1989 වන තෙක් මන්ත්‍රීවරුන්ට විශ්‍රාම ගෙව්වේ නැහැ.
vikum Saturday, 13 November 2021 10:44 PM
බැසිල්ට මේ රටේ මුදල් ඇමැතිවීමට ඇති සුදුසුකම් මොනවද...? බැසිල්ට විතරක් නොවෙයි, මහබැංකු අධිපති වූ අර්ජුන මහෙන්ද්‍රටත් මේක වලංගුයි... මිනිස්සු විඳින දුක් මොවුන් 225 වත් ඔවුන්ගේ පරම්පරාවටත් දැනෙන්නැහැ.
ranjith Sunday, 14 November 2021 08:15 AM
හොඳ යෝජනාවක්. අපි බලමු මේකට විරුද්ද වෙන මහජන නියෝජිතයෝ එයිද කියලා ආයේ නම් පාර්ලිමේන්තු යැවීම සුදුසුම නැත.
sarath w Sunday, 14 November 2021 02:49 PM
මේවා සම්පූර්ණයෙන්ම වල්පල්... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නියමාකාරයට වෙනස්කරන්න පවා ඔහු නොදනී. මේ රටේ බොහෝ දෙනා මෝඩයින්...