IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


’’ජනපති-මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන අනාවරණයක්’’

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුපක් ලැබීමට වසර දහයක් සේවය කළ බවටවූ  යෝජනාව ඉදිරිපත් කළේ  ආණ්ඩු පක්ෂයේ සිටින තරුණ මන්ත්‍රීවරුන් බවත් තමා ඒ මන්ත්‍රීවරුන්ට ගරු කරන බවත්  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් සියයට හතළිහක්ම සිටින්නේ  තරුණ මන්ත්‍රීවරුන් බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නව  පනතකින් සකස් කළ යුතු වන බවත් ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්  ද සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මුදල් ඇමතිවරයා සඳහන් කළේය.



අදහස් (8)

’’ජනපති-මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන අනාවරණයක්’’

ජනතාව Saturday, 13 November 2021 03:37 PM

ටිකක් ප්‍රගතිශීලී අදහසක් වූවත් මෙය රජයේ අනෙකුත් සේවකයින්ගේ සාමාන්‍ය කාලසීමාව වන වසර තිහෙන් හරි අඩක් වන වසර 15 ටවත් දීර්ඝ කළ යුතුයි. මක්නිසාද කිවහොත් ‘ජනතාව, ජනතාව’ යනුවෙන් දිවා රෑ මතුරන අපේ ගරු ඇමැති ගොල්ලො මේ කරන්නේ විශ්‍රාම වැටුප බලාගෙන කරන සේවයක් නොවන අතර වැටුප ගෙවන්නේද, ජනතා මුදලින් බැවින් මෙසේ අත්පොලසන් නාදයකට දෑත එසවීමටවත් මැලිකමක් දක්වා මේසයට ගහන්නට තරම් අලසවන කිහිපදෙනෙකුත් මෙයින් ප්‍රතිලාභ ලබන බැවින් මෙසේ මුදල් නාස්තිය මෙවැනි රටකට නොවටියි...

:       0       38

senaSaturday, 13 November 2021 05:44 PM

කිසිම ප්‍රගතිශීලී බවක් නැහැ.. හිටපු ජනාධිපතිතුමා කට ඇරියනේ... ඒක නිසා එයාට වැඩක් දුන්නා. එච්චරයි. ඊට එහා ගිය දැක්මක් මෙයාලා කාටවත් තියෙන බවක් පේන්න නැහැ.

:       46       25

Narada Saturday, 13 November 2021 03:50 PM

මේක ඉතා හොඳයි...

:       2       55

Rocky Saturday, 13 November 2021 06:15 PM

මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම මුළුමණින්ම අහෝසි කළ යුතුයි..

:       1       63

gundaWednesday, 17 November 2021 05:52 PM

Rocky, ගේ අදහස් නිවැරදියි. 1989 වන තෙක් මන්ත්‍රීවරුන්ට විශ්‍රාම ගෙව්වේ නැහැ.

:       0       0

vikum Saturday, 13 November 2021 10:44 PM

බැසිල්ට මේ රටේ මුදල් ඇමැතිවීමට ඇති සුදුසුකම් මොනවද...? බැසිල්ට විතරක් නොවෙයි, මහබැංකු අධිපති වූ අර්ජුන මහෙන්ද්‍රටත් මේක වලංගුයි... මිනිස්සු විඳින දුක් මොවුන් 225 වත් ඔවුන්ගේ පරම්පරාවටත් දැනෙන්නැහැ.

:       0       6

ranjith Sunday, 14 November 2021 08:15 AM

හොඳ යෝජනාවක්. අපි බලමු මේකට විරුද්ද වෙන මහජන නියෝජිතයෝ එයිද කියලා ආයේ නම් පාර්ලිමේන්තු යැවීම සුදුසුම නැත.

:       0       6

sarath w Sunday, 14 November 2021 02:49 PM

මේවා සම්පූර්ණයෙන්ම වල්පල්... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නියමාකාරයට වෙනස්කරන්න පවා ඔහු නොදනී. මේ රටේ බොහෝ දෙනා මෝඩයින්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 589 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 1063 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 239 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1768 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2147 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 110 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 268 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site