(නාලක සංජීව දහනායක)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන මාසයේ දී චීනයේ නිළ සංචාරයක නිරතවීමට නියමිතය.
චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිට ආරධනා කරනු ලැබීය.
තාක්‍ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
එමෙන්ම චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා ඇතුළු එරට රජයේ උසස් නිළධාරීන් සහ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ද ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
තමන් මීට පෙර චීනයේ සංචාරය කළ බවත් කිසිවිටෙකත් චීනය තමන්ට ආගන්තුක නොවන බවත් ජනාධිපතිවරයා එහිදී චීන විදේශ අමාත්‍යවරයාට පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරනු ලබන දෙවැනි නිල සංචාරය මෙය වන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී ඉන්දියාවේ තුන්දින නිල සංචාරයක නිරත විය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජනපති ලබන මාසයේ චීනයේ සංචාරයක
Lakshitha Wednesday, 15 January 2020 11:37 AM
සුබගමන් ඔබට ජනාධිපතිතුමනි, දේශය වෙනුවෙන් යුගමෙහෙවරක් කිරීම සඳහා ඔබතුමාට ධෛර්යය සහ ශක්තිය නොඅඩුව ලැබේවා...!!! ශ්‍රී ලංකා දේශපාලනයේ කිලිටි නොවූ එකම නිර්භීත චරිතය සහ නායකත්වය ඔබයි. ඔබ අවට සිටින සියලුදෙනාගෙන් ආරක්ෂාවී රට සහ ජනතාව වෙනුවෙන් සේවය කරනු දැක්ම අපේ එකම අපේක්ෂාවයි. ඔබතුමා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා... !!!
athulaWednesday, 15 January 2020 12:31 PM
කිලිටි නොවූ, අත්කොට මිග් හොරකම, ඇවන්ට් ගාඩ්, වංචාව, සුදු වෑන්වලින් මිනිස්සු පැහැරගෙන ගොස් අතුරුදහන් කළේ අපිද? බම්බුව තමයි.., අඩුතරමේ මා හිතුවා මොනදේ කළත් කියපු විදිහට අඩුම තරමේ දේශපාලන තනතුරු වලවත් වෙනසක් කරාවි කියලා කෝ කියපු දේවල්... දැන් සිවාජිලිංගම් යාපනයේ හිරගෙදර ඉස්සරහ තිබුණු සංඝමිත්තා පිළිරුව සහ දේවානම්පියතිස්ස රජතුමාගේ පිළිරුව කඩා අයින් කරනකොට කොහෙද හිටියේ? දැන් කියපු අන්තවාදීන්ව ඇල්ලුවද? දැන් රට විකුණන එක නතර කළාද? රනිල් කරපු එකම දිගටම...
CHANDIMAWednesday, 15 January 2020 01:47 PM
ඉතින් වැඩේ පටන්ගත්තු කෙනාට සුදුහුණු ගාලා දිගටම කරගෙන ගිය කෙනාට බැනලා වැඩක් තියෙනවද?
LakshithaThursday, 16 January 2020 03:51 AM
හිතවත් අතුල ඔබේ ප්‍රතිචාරය ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම සිදුවුනේ මෙතුමා අතින් නම් ඇයි රනිල් සහ සිරිසේන ආණ්ඩුවෙන් නීතිය ක්‍රියාත්මක නොවුනේ? අනික මෙතුමා නෙමෙයි එදා රටේ රාජ්‍ය නායකයා. මෙතුමා එකල තවත් රාජ්‍ය සේවකයෙක් පමණයි. රාජපක්ෂ අනුස්මරණ චෝදනාවෙන් මෙතුමා නිදොස්කොට නිදහස් වූවා. අනික් චෝදනාවලට වෙනත් අය සම්බන්ධයි. මෙතුමාගේ කරපිටින් යවන්න හුඟක් අය උත්සාහ කළත් සාර්ථක වුනේ නැහැ. සුදු වෑන් කතාවත් ඒ වගේම තමයි.
Neela Wednesday, 15 January 2020 11:40 PM
තව මොනවහරි විකුනන්න වගේ යන්නේ. කොළඹින් නෙමෙයි මැදමුලනෙන් විකුනන්න. මෙහෙ චීන්නු වැහි වැහලා.
Amula Thursday, 16 January 2020 04:19 AM
චීනෙන් ඇවිත් කියන්න ඇති මේ දේවල්වලට කැමති මොකද කියලා.. ඒක තහවුරු කරන්න තමයි යන්නේ..