ආරියරත්න රණබාහු, සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
බහුතර බලය ඇති කණ්ඩායමකට රටේ පාලන බලය ලබා දී රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පැත්තෙන් කැමැත්තක් ඇති නිසා ඔහු සමඟ සාකච්ඡා කරන්නැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
අතීතයේ සිදුවූ වැරදි අමතක කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ප්රජාතන්ත්රවාදී මූලධර්මත් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ඉදිරියේදී කටයුතු කරන බවට ඇති විශ්වාසය නිසා මෙම ඉල්ලීම කරන බවද ඇමැතිවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) රැස්වූ පාර්ලිමේන්තු රැස්වීම අමතමිනි.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජනපති සමඟ සාකච්ඡා කරන්න ඕනෑ බව ඇමැති විජයදාස කියයි
chathuri Thursday, 29 November 2018 12:13 PM
ඇට නැති දිව. මේවගේ කට්ටිය නඩු කතා කරලා වරදක් නැති කීදෙනෙක් හිර ගෙදර යවල ඇත්ද????
Rohana Thursday, 29 November 2018 12:25 PM
මේ මොකාටද එන්න හදන්නේ?
dias Thursday, 29 November 2018 02:01 PM
අපේ නම් විශ්වාසය පලුදු වුණා...
විජිත් Thursday, 29 November 2018 02:44 PM
"...අතීතයේ සිදුවූ වැරදි අමතක කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ප්රජාතන්ත්රවාදී මූලධර්මත් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ඉදිරියේදී කටයුතු කරන බවට ඇති විශ්වාසය නිසා මෙම ඉල්ලීම කරන බවද ඇමැතිවරයා කීය...." ඒ කියන්නේ ජනාධිපතිතුමා වැරදි කරලා කියලයි. අනේ මන්දා..මේ ඔක්කොම එකයි... නිදහස ලැබිලා අවුරුදු 70ක් ගිහිල්ලත් අපි හිටිය තැනටත් වඩා පිටුපසින් ඉන්නේ. මගේ ජීවිතයේදී එකම එක වාරයයි ඡන්දය පාවිච්චිකලේ. ඒ පුද්ගලයා ජයග්‍රහණය කරලා පස්සේ..රටම විනාශකලා. මගේ දෙවෙනි ඡන්දය පාවිච්චි කරන්න ලෝකයේ කොහේ සිටියත් ලංකාවට එනවා... නමුත් ඡන්දය දෙන්නේ එදා මෙදා රටකාපු එකම එක" නරියෙකුටවත් "නොවෙයි..." ...දේශපාලනයට අලුත්ම පුද්ගලයෙකුටයි, ඔහුගේ නව පක්ෂයටයි.
Don Thursday, 29 November 2018 03:34 PM
මෙයා තමයි කිව්වේ ජනාධිපතිට අගමැති අස්කරන්න, ආණ්ඩු විසුරුවන්න ඕනෑ වෙලාවක හැකියාව ව්‍යවස්ථාවෙන් ඉඩදීලා කියලා. මෙයාට දිවදෙකක් තියනවා.