(ලසන්ත නිරෝෂණ පෙරේරා)
ඇමති මණ්ඩලයටත් කොළේ වසා යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් පමණක් නොව එල්.එන්.ජී බලාගාරවල ඒකාධිකාරය ඇමරිකා සමාගමකට දෙනවා නම් එය ජනවරමට පටහැනියි යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය .
මේ ආණ්ඩුවට ගැන වරමක් ලබා දුන්නේ පොදුජන බලාපොරොත්තු වලට එරෙහිව යන්නට නොව පොදුජන අපේක්ෂාවන් සපථ කරන්නට බව කී විමල් වීරවංශ මහතා ජනතාව මල් වට්ටියට අත ගැසුවේ ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමෙන් බව ද බවද සඳහන් කළේය.
පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂ එකොළහක් විසින් සංවිධාන කරන ලද මහජන මන්ත්‍රණ සභාව සම්මන්ත්‍රණය අමතමින් ඊයේ (14 )විමල් වීරවංශ මහතා මේ බව කීය.
ඇහැලියගොඩ නගරයේ පැවති මෙම සම්මන්ත්‍රණයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා පැවසූයේ ආණ්ඩුවට ලැබුණු ජනවරම සමග කේන්ද්‍රීයව බැඳුණු තමා ඇතුළු කණ්ඩායමට ජනවරම සමග ලේ නෑදෑකමක් තිබෙන බවයි.එම නිසා ජනවරමේ අගය හොඳින් තේරෙන බව කී වීරවංශ මහතා ජනවරමට විරුද්ධ දෙයක් වෙනවා නම් සටන් කිරීමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.
රට විනාශයට රැගෙන යමින් තිබූ පසුගිය යහපාලන ආණ්ඩුව පෙරලුවේ පොදු ජන බලාපොරොත්තු ඉටු කිරීමට බව ද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබිණි .
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘‘ජනවරමට පටහැනිව ආණ්ඩුවට යන්න බෑ‘‘
gunarathna Tuesday, 14 December 2021 09:40 PM
අවුරුදු දෙකහමාර ඉවර වුන ගමන් ආණ්ඩුව විසුරුවලා දානවා ජනාධිපති විසින්. ඊටපස්සේ මොන ආණ්ඩුව ආවත් ජනාධිපති ගෝටාභය තමා
Shan Tuesday, 14 December 2021 11:24 PM
කළුතර විමලේ දන්න ජනවරම... උස්සන්න පුළුවන් ඔක්කොම උස්සනවා බඩට ගාණක් වැටෙනකොට... අපි නොදන්න මෙයාලගේ ජනවරම...
Demuni Uduwara Wednesday, 15 December 2021 03:08 AM
රාජපක්ෂලා හැමදාම ආත්මාර්ථකාමීයි!
පී. නන්දික Wednesday, 15 December 2021 07:07 AM
විමල් වීරවංශ ලා තවත් සැරයක් මිනිස්සු අන්දන්න බොරු රගපෑම් කරන්න හැදුවට මේ සැරේ නම් උන්ට මිනිස්සු අහුවෙන්නෙ නෑ. සැබෑවට ජනතාවට ආදරේ නම් ඇමතිකම් දාලා ආන්ඩුවේ වැරදි වලට එරෙහි වෙන්න ඕනෙ. හැමදාම බොරුවම විතරමයි.
Chaminda Wednesday, 15 December 2021 08:30 AM
රට විනාශයට යමින් තිබුණු නිසා යහපාලන රජය පෙරළුවා කියන මුන්දැලාම හදපු ආණ්ඩුව පාණ්ඩුවක් වෙලා මේ වනවිට ලංකාව ඉල්ලංකා වුණාට අමතරව මරියානා ආගාධයේ ගැට්ට ළඟටම ඇවිත් ගිලෙන්න ඔන්න මෙන්න තියෙන්නේ ...
බද්රානි Wednesday, 15 December 2021 08:39 AM
ජනවරම ඉල්ලූ දේ නේන්නම් මේ දීලා තියෙන්නේ? ආයේ වෙන මොනවද දෙන්න කියන්නේ? දේශප්‍රේමී ජනතාව ඉල්ලූ පෝලිම් යුගය දැන් ලැබී තියනවා. "ඔර්ජිනල් පුටින්" වෙනුවට "කටින් පුටින්" කෙනෙක් ලැබී තියනවා. කිරි බතක් උයා ගන්න දර තියනවා නම් කාලා බීලා ඉන්න පුළුවන්. ඉතින් මොකටද අපි මෙතන නාහෙන් හඬන්නේ?
kamal Wednesday, 15 December 2021 10:41 AM
ගිලෙන නැවෙන් පනින මීයන්ට ජාති ආලේ දැනිලා
Siri Wednesday, 15 December 2021 11:25 AM
ද්විත්ව පුරවැසියන්ට රට බාරදෙන්න අත උස්සපු මෝඩයෝ
Bamunuarachchi Wednesday, 15 December 2021 05:25 PM
ජනවරම අරගෙන පාර්ලිමේන්තු ගිය මන්ත්‍රී පක්ෂය වෙනස් කරනවා නම් රජයක් රටේ වුවමනාවට අදාළ වෙනස්කම් කළාම මොකද? අපි 2/3 බලයක් දුන්නේ මොකටද? කියකියා ඉන්න නොවෙයි වැඩක් කරන්න...