IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘ජිනීවා යෝජනාවට කල් ලැබුණේ රජයේ වැඩපිළිවෙළ නිසා’


(නිමල කොඩිතුවක්කු)
 
ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලැබුණේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ලැබුණු ප‍්‍රසාදය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජබර් රහුමාන්  මහතා කොළඹදී  පැවැසීය.
 
තමන් විදුලි පුටුවට ගෙන යන බවට පපුවට ගසමින් කෑ මොර දුන් මහින්ද රාජපක්ෂ මහතාට  රැකවරණය හිමිවූයේද   වත්මන් රජයට ජාත්‍යන්තරයෙන් ලැබුණු ප‍්‍රසාදය  නිසා බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්තානයේ අද(29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජබර් රහුමාන්  මහතා මෙසේද කීය.
 
“මානව හිමිකම් කවුන්සිලයට ගිහින් විපක්ෂය විසින් අපි මේ රටේ පරමාධිපත්‍ය, හමුදාව පාවලා දීලා කියන චෝදනාව සුපුරුදු පරිදි දේශපාලන වේදිකාවේ කියමින් සිටිනවා. මානව හිමිකම් කවුන්සිලයට අපිට යන්න සිද්ධ වුණේ 2009 යුද්දය අවසන් වුණාට පස්සේ.  බෑන් කී මූන් මහතා දිවයිනට ඇවිත් එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා  සමග යම් යම් එකඟතාවලට ආවා. 
 
2009 ඉදන් එවකට හිටපු රජය යම් යම් කරුණුවලට එකඟ වෙලා ඒවා ක‍්‍රියාත්මක කරන බවට ජාත්‍යන්තරයට නොයෙකුත් පොරොන්දු දුන්නා. මේ දීපු පොරොන්දු එකක්වත් 2012 වනතෙක් මේ අයට ඉටු කරන්න බැරි වුණා. එතැන් සිට අපිට සම්බාධක පැනවෙමින් කොන්වෙමින් තිබුණා.
 
ශ්‍රී ලංකාව සම්බාධක අභියස හිටියා කියලා එවකට මානව හිමිකම් කවුන්සිලයට ගිය මහින්ද සමරසිංහ මහතා පිළිගෙන තියෙනවා. 
මහින්ද රජාජපක්ෂ රටේ ජනාධිපති වුනත් වැදගත් රටවලට එතුමන්ට යන්න බැරි වුණා. එහෙම ගියත් එතුමන්ට පිළ්ගැනීමක් ලැබුණේ නැහැ. ඒ නිසා එතුමන්ගේ සම්බන්ධතාවය තිබුණේ අප‍්‍රිකානු  රටවල් සමඟයි. මැතිවරණ ආවහම මහින්ද රාජපක්ෂ මහතා හැම වේදිකාවකම බෙරිහන් දුන්නා එයාව විදුලි පුටුවට ගෙනියන්න හදනවා කියලා, මේ රටේ රණවිරුවන් විදුලිපුටුවට ගෙනියන්න හදනවා කියලා. අත් දෙකෙන් පපුවට ගහගෙන  ලොකු ප‍්‍රචාරයක් ගෙන ගියා.අද වනවිට  ඒ විදුලි පුටුවේ කතාව නැතිවෙලා තියෙනවා. අද මහින්ද රාජපක්ෂ මහත්තයා කොහේවත් ගිහින් කියන්නේ නැහැ තමන්ව විදුලි පුටුවට ගෙනියනවා කියලා. 
2015 දී අපේ ආණ්ඩුවේ ජයග‍්‍රහණයත්, ජාත්‍යන්තරයේ අපි ගොඩනගපු ප‍්‍රතිරූපයත් එක්ක  අපිට පුලූවන්  වෙලා තියෙනවා ජාත්‍යන්තරය සමඟ යම් යම් එක`ගතාවලට එළැබෙන්න.  ඒක තමා අපි  ලබපු විශාලතම ජයග‍්‍රහණය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපිට තව අවුරුදු දෙකකට අවස්ථාව ලබා දුන්නා.  43 වන  සැසිවාරයේදි නැවත අපේ ප‍්‍රගතිය බලන්න ඔවුන් එකඟ වෙලා තියෙනවා. 
 
දෙමුහුන් අධිකරණ විදේශ විනිසුරුවන් පිළිබඳ අපිට තිබුණ චෝදනා විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මානව හිමිකම් කවුන්සිලයයේදී ප‍්‍රතික්ෂේප කළා. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි දෙයක් කරන්න බැහැ කියලා එතුමා බය නැතුව ප‍්‍රකාශ කළා.
 
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන වාසි තකා ප‍්‍රකාශ කළ හැම දෙයක්ම පුස්සක් බව අද වනවිට තහවුරු වී තිබෙනවා” යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.
 
 



අදහස් (21)

‘ජිනීවා යෝජනාවට කල් ලැබුණේ රජයේ වැඩපිළිවෙළ නිසා’

sudath Friday, 29 March 2019 09:27 AM

බඩුත් හාමුගේ නඩුත් හාමුගේ... කාට කියලද සම අනුග්‍රහය දැක්කුවේ?

:       1       241

Chanak Los angelesFriday, 29 March 2019 05:33 PM

කලබල වෙන්න එපා . අරයා කීවනේද ඔවුන් වෙනුවෙන් මම විදුලි පුටුවට නගිනවා කියා ? එහෙනම් මොකක්ද ප්‍රශ්නය ?

:       114       1

vipula Friday, 29 March 2019 11:55 AM

මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙනවා කියලා ඇහුණු එකත් ලොකු දෙයක්...

:       39       157

Bamunuarachchi Friday, 29 March 2019 12:13 PM

හලෝ ඔහෙලා මොන බම්බුවකටද සම අනුග්‍රහය දැක්වූයේ ඉන් රටට ලැබුණු වාසිය මොකක්ද? ජිනීවා යෝජනාවට කල් ලැබුණා කියලා රටට වුණු සෙත කියනවා. අර 57ට දැනගන්න ඕනේ රටට වෙච්ච සෙත... අර 62 ඔහෙලා කියා ඕනෙම කෙප්පයක් බාර ගන්නවා...

:       54       173

Bamunuarachchi Friday, 29 March 2019 12:16 PM

අපිට වාසිය ජිනීවා යෝජනාව සම්මත වුණාද? ඒක කියනවා පළමුව. අපිට වාසිය ජිනීවා යෝජනාව සම්මත වුණා නම් ඩයස්පෝරාව ජිනීවාවල පාට් දැම්මේ මොන බම්බුවකටද?

:       9       188

chamath Friday, 29 March 2019 02:17 PM

කට ඇරියොත් බොරු කියන්නේ...

:       0       31

kule Friday, 29 March 2019 02:40 PM

කල් දුන්නයි කියන්නේ ප්‍රශ්නය විසඳිලා නෑ කියන එකනේ... චෝදනාව එහෙමමයි.

:       0       83

sirimal Friday, 29 March 2019 02:58 PM

අනේ මගේ කට....

:       0       63

Hafeel Friday, 29 March 2019 03:31 PM

ඕවා යෝජනාව නොවේ. අපිට එල්ලකරන බලපෑම්... මොන යෝජනා, බලපෑම් අාවත් පීඩාවට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාවයි. ඔයාලා නොවේ. බලන්න මේ විදුලි කප්පාදුවෙන් පීඩාවට පත් වෙන්නෙත් සාමාන්‍ය ජනතාව තමයි.

:       0       38

Chanaklos angeles Friday, 29 March 2019 05:29 PM

ජිනීවාවලට ෆයිල් හංගගෙන ගිහින් ඉස්සෙල්ලම රට පවා දුන්නේ රාජපක්ෂයි. අද ඔවුනට එය පාරා වළල්ලක් වෙලා. අපරාධ කර නැතිනම් මොකටද භය?

:       147       1

rasikaFriday, 29 March 2019 09:39 PM

ලිබියාවේ ගඩාෆිව මැරුවා. ඔහු කළ වරද මොකක්ද? යුරෝපේ ඉඳන් අාව ප්ලේන් එකකට බෝම්බ තිබ්බා කියලා ඔහුට මානව හිමිකම් එකේ නඩු දැම්මා. පස්සේ ඔප්පු වූ එකට ඔහුගේ සම්බන්ධයක් නැහැ කියලා.. හැබැයි ඒ ඔහුව මැරුවට පස්සේ. සදාම් හුසේන්ව මැරුවා.. රසායනික අවි තියෙනවා කියලා. පස්සේ ඔප්පු වුණා එහෙම ඒවා නැහැ කියලා... හැබැයි මැරුවට පස්සේ... දැන් ලංකාවේ යුද අපරාධ කළා කියලා ගොඩ, මහින්දව, හමුදා නායකයන්ව එල්ලන්න හදනවා.. කිසිම දෙයක් ඔප්පු කරලා නැහැ බොරු සාක්ෂි හදලා.. මේවා ඔක්කොම බටහිරට ගැති නොවන අයට එල්ල කරන පීඩන.. නැත්නම් මරල දානවා.. පෙනිපෙනීම අපරාධ කරන ඊස්‍රායලයට කෝ නඩු..? ගාසා තීරයේ කොච්චර මුස්ලිම්වරුන්ව මරනවද..? මෙහෙ ඉන්න සමහර මුස්ලිම් ඇමතිලා තාම ඇමෙරිකාවට කඩේ යනවා..

:       0       10

Chanak Los angeles Saturday, 30 March 2019 02:25 AM

එදා ඔවුන් කරපු පව්වලට අද කමා කරගන්න වෙලා තිබෙන්නේ වෙනත් අයටයි. ඒක නිසා බොරුවට අපිව දඬුකඳේ ගහන්න යනවා නොකියා පව් කමා කරගන්න වෙහෙසෙන අයට සහයෝගය දී දඬුකදෙන් බේරීම නේද හොඳ?

:       6       1

BamunuarachchiSaturday, 30 March 2019 03:42 AM

පව් පින් හඳුනනවාද? එහෙනම් ඉස්සෙල්ලාම පින්දෙනවා අකාලයේ ප්‍රභාකරන්ගෙන් පණ බේරලා දුන්නාට... මේ ගොල්ලන්ට තමයි සිංහල උපහැරණ කියන්නේ ගඟෙන් වතුරබීලා මුහුදට ආවඩනවා කියලා. මේ වගේ ගුණමකුවෝයි ප්‍රභාකරන්ට ටාගට් වෙන්න තිබුනේ...

:       0       10

athuraSaturday, 30 March 2019 06:29 AM

එතකොට බමුණු මහත්මයා ප්‍රභාකරන් මරපු එක බුදු දහමට අනුව පවක් නෙමෙයිද?

:       4       0

BamunuarachchiSunday, 31 March 2019 06:35 AM

හලෝ අපි ඉගෙනගෙන තිබෙන්නේ පළමුව රට දෙවනුව ජාතිය තුන්වෙනුව ආගම කියලා. රටක් රැකුණොත් විතරයි ආගමක් රැකෙන්නේ. මැට්ටෙක් විදිහට හිතන්න එපා. දුටුගැමුණු රජු සටන්කලේ පළමුව රට, ජාතිය බේරාගන්න. පළමුව පින්පව් ගැන සිතුවා නම් සිංහලයා මෙරටින් තුරන් වෙලා බොහොම කල්. පරබාකරන් සමග ගනුදෙනු කිරීමේදී මම බුද්ධාගම පැත්තකින් තියනවා. රාජපක්ෂත් ප්‍රභාකරන්ගේ මිනිය වලක් කපා වලට දැම්මේ නැත. ආදාහනය කර අළු සුළඟේ පාකර හැරියා. නමුත් රනිල්ලා ඒ ගෞරවය විජේවීරට දුන්නද?

:       0       1

BamunuarachchiSaturday, 30 March 2019 03:48 AM

දන්නා මගුලක් කතාකරන්න හලෝ. මලබද්දේ ආවත් මහින්ද පලි... ගෙදර උන්දැට විලිරුදාව හැදුණත් මහින්ද මහතා පලි...

:       1       8

Chanak Los angelesSaturday, 30 March 2019 05:42 AM

සේනාවේ ලොක්කා ඇතුලේ නිසා රටේ ජාතිවාදය පතුරුවා අන්‍ය ජාතිකයන්ට හිරිහැර කරගන්න බැරිව පිස්සුව තද වෙලා වගෙයි.

:       7       0

Chanak Los angelesSaturday, 30 March 2019 06:02 AM

සිංහල ජාතිය ගැන කැක්කුමක් තියෙනවා නම් අපේ වීරෝදාර පොලිස් නිලධාරීන් 800ක් ප්‍රයෝගයක් කොට ඝාතනය කළ අයට පක්ෂයේ උප සභාපතිකම් දීපු රාජපක්ෂලාට මෙහෙමත් කඩේ යන්නේ කොහොමද මන්දා?

:       2       0

BamunuarachchiSunday, 31 March 2019 06:58 AM

එ් මිනිහා පොලිස් නිලධාරීන් මැරුවේ එල්ටීටී ත්‍රස්තයෙක් හැටියට. ඔහු ත්‍රස්තයෙක් හැටියට ඔහුගේ කාරියක කළා. නමුත් ත්‍රස්තයින්ට අසුවුණු පොලිස් නිලධාරීන්ට සටන් කොට වීරයින් ලෙස මැරෙන්න නොදී තමාගේ නිවටකම පොලිස් නිලධාරීන්ටත් ආරෝපණය කර නිවටුන් ලෙස මියයන්න නියෝග දුන්නේ කවුද? ඒ විනාශය කළ උග්‍ර ත්‍රස්තයා තම පැත්තට හරවාගෙන ඔහු ලවා ඔහුගේම මිනිසුන් මරවා දැමීම අර සියල්ලටම වඩා දක්ෂකමක් නේද? අදත් ඒ පුද්ගලයා කතා කරන්නේ සිංහලයින් වෙනුවෙනි. රාජ පක්ෂගේ මොලසේදීම කොහොමද?

:       0       0

Chanak Los angelesSunday, 31 March 2019 05:28 PM

ඉතින් එහෙනම් මොකටද රාජපක්ෂලා බයවෙන්නේ අපිව ජිනීවා වලට දක්කලා දඬුකඳේ ගහන්න යනවා කියා ?ඔක්කොම අපරාධ ඒ සන්නද්ධ නායකයා කරේ කියා ඔප්පු කරන්න පුළුවන්නේ ? රාජපක්ෂගේ මොලේ තියන තරම හිතාගන්න පුළුවන් හොරෙන් අගමැතිකම් ගන්න ගිහින් කරගත්ත වින්නැහිය දුටුවාම .මොන මෝඩයාද ඔහොම ඇනගන්නේ?

:       0       0

BamunuarachchiMonday, 01 April 2019 11:21 AM

එජාපෙට කහින ගොන්තඩි දැක්කා... මෙහෙම තඩියෙක් දැක්කේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 657 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 184 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 546 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1815 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site