( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නීතීඥ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙකු වූ ජනාධිපති නීතීඥ ඩී.එස්.විජේසිංහ මහතා සහ නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත.
කොවිඩ් ආසාදිතව දින කිහිපයක් තිස්සේ රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ ජනාධිපති නීතීඥ ඩී.එස්.විජේසිංහ මහතා පෙරේදා (24) ජීවිතක්ෂයට පත්ව ඇති අතර නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ඉකුත් 23 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය ගොස් ඇත.
මියගිය විජේසිංහ මහතා දීර්ඝ කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි ජ්‍යෙෂ්ඨ තනතුරු ගණාවක්ම හෙබවීය. එම දෙපාර්තම්න්තුවෙන් විශ්‍රමා යාමෙන් අනතරුව පෞද්ගලික නීතීඥවරයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඒ මහතා ව්‍යාස්ථා නීතිය පිළිබද විශාරදයෙකුවේ.
මීට අමතරව පරිපාලන නීතිය , වානිජ නීතිය , අපරාධ නීතිය ,සිවිල් නීතී ආදී විවිධ ක්ෂේත්‍ර වල නඩු වලට පෙනී සිටි කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකි.
මානව හිමිකම් නඩුවලදී උපදෙස් දීමේ කටයුතු වල සදහා වඩාත් ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මීය කොවිඩ් -19 ආසාදිතව දින කිහිපයක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූවාය.
ජනාධිපති නීතීඥ ක්.වී.තවරාසා මහතා දයාබර භාර්යාව වන ගෞරී සංගරී තවරාසා මහත්මිය මෙරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා උතුරු හා නැගෙහිර පළාත් සාමන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් නඩු විභාගයන් සදහා පෙනී සිටින කීර්තිමත් නීතීඥවරියක වූවාය. අපරාධ නීතිය ,සිවිල් නීතී ආදී ක්ෂේත්‍ර වල නඩු වලට ද ඇය පෙනී සිටියාය.
ඒසේම සිය වෘත්තීය වපසරිය තුළ ඇය අධිකරණ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නොමසුරුව සහයෝගයක් ලබා දෙන්නියක ද වූවාය.
ජනාධිපති නීතීඥ ඩී .එස්.විජේසිංහ
නීතීඥ ගෞරී තවරාසා මහත්මිය
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක
පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙක් කොරෝනාවට බිලිවෙති
Rata Perata Wednesday, 25 August 2021 07:25 PM
තවමත් මේ කොරෝනාවට හරි පවුල හොයාගන්න බැරුව නන්නත්තාර වෙලා වගේ...
VithanaFriday, 27 August 2021 06:25 AM
ඒ පවුල මැරෙන්නේ කොරෝනාවට ඇති මරන බය නිසා මොකද එක්කෙනාට දවසට තුන් හතර සැරේ ඇන්ටිජන්ට් පරීක්ෂාව කර ගන්නවා මරන බයට. රටම අනතුරේ හෙලලා එයාලා උපරිම විදියට පරිස්සම් වෙනවා ජනතා මුදල් ලොකු ගානක් වියදම් කරලා.
ranjan Wednesday, 25 August 2021 07:56 PM
දුපතක ජිවත් වන අපිට මේ වයිරස් එක පිටරටින් එන එක වලක්වගන්න බැරි වුනේ අපේ අදක්ෂ කමට.
විපරමා Wednesday, 25 August 2021 09:08 PM
කොරෝනා වසන්ගතය වළක්වා ගන්ඩ බැරි උනේ පාලකයින් ගේ තියෙන නොසැලකිලිමත්කකම නිසා.
BamunuarachchiFriday, 27 August 2021 07:56 AM
ඇත්ත ඇත්ත පාලකයින්ට බැරි උනා එක පුරවැසියාට එක PHI ගානේ දමන්න කොරෝනා නීති පිළිපදිනවාද බලන්න.. එනිසා තමයි කට්ටිය දාලා තිබෙන්නේ බෙල්ලට දමාගෙන ඉන්න මාස්ක් එක නහයට දාගන්න කියන්න, මාස්ක් එක නහයට දාගන්න ඉන්නවාද බලන්න. මෙහෙව් අය වෙනරටවලත් ඉන්නවා ඒ නිසා පුදුම නැහැ.
Kodi Wednesday, 25 August 2021 09:49 PM
කොවිඩ් ටෙස්ට් එක නියමයි සර්
Babun Appuhamy- Dewundara. Thursday, 26 August 2021 10:51 AM
විපරමා,මේක අපට වසංගතයක් තමා. ඒ වුනාට එහෙම වුනේ අපට. ඇතැමෙකුට මේක වසන්තයක්.