IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එල්මෝ ගුණරත්න අභාවප්‍රාප්ත වෙයි

මෙරටින් බිහිවූ විශිෂ්ට පුවත්පත් කලාවේදියෙකු වන එල්මෝ ගුණරත්න මහතා අද (28දා) පෙරවරුවේ කොවිඩ්-19 රෝගී තත්ත්වය හේතුවෙන් සිය නිවසේ දී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 89 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා දශක 6 ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවයක් කළ ජ්‍යෙෂ්ඨතමයෙකු ලෙස හඳුන්වා දිය හැකිය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ගුණරත්න මහතා සිංහලයා පුවත්පතින් මාධ්‍ය ජීවිතය ආරම්භ කළ අතර පසුව ලේක් හවුස් ආයතනයට එක්විය. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමට විරෝධය පා එයින් ඉවත් වූ කිහිප දෙනා අතර ඔහුද විය.

පසුව තායිලන්තයේ බැංකොක් පෝස්ට් පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා ලෙස සේවය කළ ඒ මහතා 1978 දී යළි ශ්‍රී ලංකාවට පැමිණ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය. එහිදී ලංකාදීප, සන්ඩේ ටයිම්ස් හා ඩේලිමිරර් යන පුවත්පත් තුනේම කර්තෘවරයා ලෙස සේවය කරමින් එවැනි දස්කමක් කළ ශ්‍රී ලංකාවේ පළමු හා එකම කර්තෘවරයා ලෙස සිය හැකියාවන් පෙන්වීමට ගුණරත්න මහතාට හැකි විය.

එල්මෝ ගුණරත්න මහතා පසුව අමාත්‍යංශ කිහිපයකම ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද සේවය කළේය.

පුතුන් සිව් දෙනෙකුගේ පියෙකු වූ එල්මෝ ගුණරත්න මහතා ගේ වැඩිමහල් පුත්‍රයා වූ දමිත ගුණරත්න මහතාද ඊයේ (27 දා) හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. ඔහුද කෙටි කලක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අයෙකි. ප්‍රවීණ පුවත්පත් කර්තෘවරයෙකු වන තුශාර ගුණරත්න මහතා එල්මෝ ගුණරත්න මහතාගේ තෙවැනි පුත්‍රයාවෙයි.

 



අදහස් (8)

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එල්මෝ ගුණරත්න අභාවප්‍රාප්ත වෙයි

නිවන් සැප ලැබේවා! Saturday, 28 August 2021 04:45 PM

කොවිඩ් අකාලයේ මෙවැනි වටිනා ජීවිත රටට, පවුලට අහිමි කරනවා. පියවරු මව්වරු වියෝවෙන් දුප්පත්, පොහොසත් භේදයක් නැතිව පවුල් අසරණ වෙන්නේ... මේ රෝගයෙන් දෙමාපිය දෙදෙනාම අහිමි වූ දරුවනුත් සිටිනවාලු. එන්නත විද ගන්න කිව්වාට මධ්‍යස්ථානවල වැඩ කරන අය එසේ නොකර මාරුවී යන්නේ එන්නත් හිඟයක් ඇති බව කීමට අකමැති නිසාද? එසේ නම් ඇතිතරම් එන්නත් විගස ගෙන්වාගෙන ජීවිත බේරා ගැනීමට කටයුතු කරන්න. පවුලේ අයට මේ ආදරණීයන්ගේ වියෝව දරා ගැනීමට ශක්තිය ලැබේවා...!

:       0       14

ගමේ එකාලා Saturday, 28 August 2021 04:59 PM

හරිම කණගාටුදායකයි... පිය, පුතු දෙපළටම අමා මහ නිවන්සුව ලැබේවා..!

:       1       20

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 28 August 2021 05:16 PM

ඔබතුමාට හා පුතුට නිවන් සැප ලැබේවා...!!!

:       0       19

ranjith Saturday, 28 August 2021 05:49 PM

වැඩිහිටි වයසේ වුණත් මේ අහිමි වෙන්නේ රටට සම්පතක්ව සිටින වටිනා ජීවිත.

:       1       10

විජිත් Saturday, 28 August 2021 06:52 PM

එල්මෝ ගුණරත්න මහත්මයාටත්, දමිත ගුණරත්න මහත්මයාටත් උතුම්වූ නිවන්සුව පතමි.

:       0       7

Prabha Saturday, 28 August 2021 07:44 PM

88-89 භීෂණ කාලේ bbc සංදේශයේ මෙතුමාගේ වාර්තාව හොරෙන් ඇහුව හැටි මතක් වුනා

:       0       2

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Saturday, 28 August 2021 08:53 PM

මෙතුමා ඉතා වටින කෙනෙක් අතීතයේ අපිට මතක් කළොත් සංදේශය බීබීසී වැඩ සටහනේ 1988 89 87 ඒ වකවානුව තුළ ඇත්ත පුවත් දැනගැනීමට විශාල මෙහෙවරක් කරපු පුද්ගලයෙක් මේ මනුස්සයා ඇත්තටම ඔබතුමා විශිෂ්ට ගණයේ පුවත්පත් කලාවේදියෙකි පෞද්ගලික හෝ පුද්ගලිකව කිසිම මාධ්‍යයක් ඇත්ත නොකියපු කාලෙක ඔබතුමා සියලු දේ සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික ජනතාවට පැවසුවා ඇත්තටම අපිට හරිම කණගාටුයි ඔබ වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් අපෙන් ඈත් වීම දරාගත නොහැකි ඔබට අජරාමර නිවන් සුව කටාර් වල අපි

:       1       6

chanchala Sunday, 29 August 2021 03:46 AM

ඔබට වැරදිලා වගේ. ඒ එල්මෝ ප්‍රනාන්දු. එතුමා නැතිවෙලා දැන් අවුරුදු කිහිපයක් ගතවෙලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නුවරඑළිය දිසාපති පත් කරයි
2025 පෙබරවාරි මස 05 18 0

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට
2025 පෙබරවාරි මස 05 25 0

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 21 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 63 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 95 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 178 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site