( තිළිණි ද සිල්වා )
ජෝර්දානයේ ‘අම්මාන් නුවරට‘ ඈතින් පිහිටි එරට කර්මාන්ත පුරයක ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 දෙනෙකුට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා අද (04) ලංකාදීපයට පැවසීය.
එලෙස කොරෝනා වයිරසය ආසාදනය වී රෝගාතුරව සිටින ලාංකිකයින් පිරිස අතුරින් එක් අයෙකු ඊයේ (03) ජීවිතක්ෂයට පත් වී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇත්තේ කුරුණෑගල පදිංචිකරුවෙක් යැයි ද පැවසේ. රෝගාතුරවූ ඇඟළුම් කම්හලේ සේවයේ නියුතු ලාංකිකයින් 350 දෙනා මේ වනවිට එම කර්මාන්ත පුරය පිහිටි ජෝර්දානයේ මළ මුහුද වෙරළ තීරයට ආසන්නයේ එරට රජය විසින් සැකසූ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා අදාළ ප්‍රතිකාර සිදු කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මොවුන් පිළිබඳ සොයා බැලීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක්ද ඊයේ (03) දිනයේ අදාළ ස්ථානයට ගිය අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර එරට සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් සොය බලමින් සිටින බවද මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මියගිය පුද්ගලයා සේවය කළ ජෝර්දාන් ඇගළුම් කර්මාන්ත ශාලාව පිහිටි කර්මාන්ත පුරයේ සේවය කරන 1200 ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන් 400 දෙනෙකු ලාංකිකයින් වන අතර ඉන් 350 කට පමණ මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ගෙන ඇත.
මොවුන් සියලු දෙනාම එම කර්මාන්ත ශාලාවල පිහිටි නේවාසිකාගාර වල නවාතැන් ගෙන සිටීම නිසා මෙම වයිරස සීඝ්‍රයෙන් පැතිර යන්නට ඇතැයි විශ්වාස කරන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා කීය.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජෝර්දානයේ ඇඟලුම් කම්හලක ශ්‍රී ලාංකිකයන් 350 කට කෙරෝනා
බද්රානි Sunday, 04 October 2020 05:09 PM
ඕමාන් රජයේ වියදමින් කොරෝනා රෝගයට බෙහෙත් කරගෙන අතේ ඉතිරි වෙලා ඇති මුදල කරුණාකර ලංකාවට එවන්න. ලංකාවට විදේශ විනිමය අත්‍යවශ්‍ය මොහොතකයි. අපි දැන් ඉන්නේ. දේශප්‍රේමී ලාංකිකයින් මැරෙන මොහොතේ පවා පාලකයින්ට කඹුරන්න ඕනා. නැත්නම් ලබන ආත්මයේදී වත් ආයේ මේ පින් බිමේ උපදින්න වරම් ලැබෙන්නේ නැහැ?
de silva Monday, 05 October 2020 05:59 AM
මුදල් ගෙවලා හෝටල්වල නිරෝධානය වෙන්න පුළුවන්. පුළුවන් කෙනෙක් ණයට හරි මුදල් අරන් හෝටල් වල නිරෝධානය වෙන්න.