( තිළිණි ද සිල්වා )
දිවයිනේ රෝහල්වල භාවිතය සදහා ජර්මනියේ නිෂ්පාදිත රුපියල් කෝටි 30 ක් වටිනා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂ තුනක් ජර්මනිය මෙරටට පරිත්‍යාග කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
කොවිඩ්-19 මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ජර්මනියේ බේඩ්න්-වුර්ටෙම්බර්ග් ප්‍රාන්තයේ සමාජ කටයුතු, සෞඛ්‍ය සහ ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල තොගය ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කර ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ බේඩ්න්-වුර්ටෙම්බර්ග් හි ශ්‍රී ලංකා කොන්සල් ධර්ම විවේකචන්ද්‍රන් මහතා ගේ මැදහත්වීමෙන් මෙරටට ගෙන්වා ගත් ජර්මානු පරිත්‍යාගය සංකේතාත්මකව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයකදී එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා වෙත නිල වශයෙන් ඊයේ භාර දෙන ලදී.
කොව්ඩ්-19 වෛරසය හඳුනා ගැනීමට සහ එහි ව්‍යාප්තිය පාලනය කිරීමට උපකාරී වන මෙම වටිනා පරිත්‍යාගය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා ජර්මනියේ බේඩ්න්-වුර්ටෙම්බර්ග් ප්‍රාන්තයේ සමාජ කටයුතු, සෞඛ්‍ය සහ ඒකාබද්ධතා අමාත්‍යංශය වෙත සිය කෘතඥතාව පළ කළේ ය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනුග්‍රහයෙන් ගුවන් මගින් ප්‍රවාහනය කරන ලද මෙම පරිත්‍යාගය මෙරටට එවීමට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මහත්මිය සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහයෝගය ලබා දුන් බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජර්මනියෙන් කෝටි 30 ක් වටිනා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල
Nuwan Wednesday, 17 November 2021 01:52 PM
බදු දුන්නට නම් කමක් නැහැ සල්ලි නම් දෙන්න එපා ඒවා වාෂ්ප වෙනවා
Sriland Thursday, 18 November 2021 02:55 AM
ඔය නිකන් දෙන්නේ කොරෝනා ඉවර කරයි කියලා බයට.