IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජය

වසර 16 කට ආසන්න කාලයක් තිස්සේ, ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය.

ඒ අනුව, ජර්මනියේ නව චාන්සල්වරයා ලෙස එම ධුරයට පත් වනු ඇත්තේ මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයේ නායක 63 හැවිරිදි ඕලෆ් ෂොල්ස් ය.

ආසන 735 කින් සමන්විත ජර්මන් පාර්ලිමෙන්තුව හැඳින්වෙන්නේ 'බුන්ඩස්ටාග්' (රයිස්තාග්) සභාව යනුවෙනි. ෆෙඩරල් මැතිවරණය පැවැත්වූයේ 'බුන්ඩස්ටාග්' මන්ත්‍රණ සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට මෙන්ම ජර්මනියටනව චාන්සල්යරයකු පත් කර ගැනීම සඳහාය.

මැතිවරණය ජයග්‍රහණය කළ මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 206 ක් දිනා ගත්තේය. ඔවුන් ඔවුන්ට හිතවාදී සෙසු පක්ෂ සමඟ එක් වී නව රජයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කර තිබේ.

මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙසේ ජර්මනියේ බලයට පත් වූයේ 2005 වසරෙන් පසුව වීම ද විශේෂත්වයකි. ජනතා තීන්දුවට ස්තුති කරන බවත්, ජනතාවට සුදුසු සහ ගැලපෙන පාලනයක් ආරම්භ කිරීමට මෙය හොඳ අවස්ථාවක් බවත් ජයග්‍රහණයේ සතුට සමරමින් ඕලෆ් ෂොල්ස් පවසා තිබේ. ජනතා විශ්වාසය කඩ නොකරන බවට ද ෂොල්ස් ප්‍රතිඥා දී ඇත.

67 හැවිරිදි ඇන්ජෙලා මර්කල් සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමඟ ජර්මන් ෆෙඩරල් මැතිවරණය පැවැත්වූයේ ඊයේ (26) ය. 2005 වසරේ සිට ජර්මනියට ශක්තිමත් නායකත්වයක් දෙමින්, එරට ආර්ථිකය වර්ධනය කිරීමට ඇන්ජෙලා මර්කල් සහ ඇගේ 'යූනියන්' සන්ධානය සමත් වී තිබුණි.

යුරෝපයේ 'යකඩ ගැහැනිය' යන නමින් ඇන්ජෙලා මර්කල් හැඳින්වෙන අතර, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇය මුළුමහත් ජර්මන් වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියකි.

ඇන්ජෙලා මර්කල් නියෝජනය කරන්නේත් පසුගිය වසර ගණනාව පුරාවට ජර්මනියේ පාලක පක්ෂය ලෙස කටයුතු කළේත් 'ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්' පක්ෂයයි. 'ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්', 'ක්‍රිස්ටියන් සෝෂල් යූනියන්' පක්ෂය සමඟ සන්ධානගතවී සිටී. මෙම සන්ධානය පොදුවේ හැඳින්වෙන්නේ 'යූනියන්' යනුවෙනි.

ඇන්ජෙලා මර්කල් විශ්‍රාම යෑම තීරණය කිරීමත් සමඟ පක්ෂයට නව නායකයකු තෝරා ගැනුණි. එසේ තෝරා ගැනුණේ 60 හැවිරිදි අර්මින් ලැස්චේ ය. ඇන්ජෙලා මර්කල්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට අර්මින් ලැස්චේ ප්‍රතිඥා දී තිබුණත්, මැතිවරණ ප්‍රතිඵල අනුව පෙනී ගියේ ජනතාව අර්මින් ලැස්චේ කෙරෙහි හෝ 'යූනියන්' සංධානය කෙරෙහි හෝ වැඩි විශ්වාසයක් නොමැති බව යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (3)

ජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජය

Hafeel Monday, 27 September 2021 07:44 PM

නමුත් ලංකාවේ ජනාධිපති, අගමැති ඇමතිලාට වඩා වයසින් අඩු.

:       0       1

චන්දන Tuesday, 28 September 2021 07:15 AM

මේ වන විට යුරෝපා රටවල වාමාංශික දේශපාලනයේ නැගී සිටීම ක් සිදු වෙමින් තිබෙනවා .

:       0       1

Raveendra Tuesday, 28 September 2021 08:10 AM

අපේ රටෙත් "පට්ටි ගොන්නු" ටික මෙහෙම හිතාගෙන ඇති නේද ඒ ඒ ගොන්නුන්ගේ අනාගතය ගැන..

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 156 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 134 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 799 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 221 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 657 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site