IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජලගැලුම් නිම්නය දෙකඩ කිරීමට එරෙහිව අධිකරණයට යනවා

 

(විනීතා එම් ගමගේ)

පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් ඉදිකිරීමට යෝජිත මහා මාර්ගයේ ඉදිකිරීම්වලට විරුද්ධව නඩු මගට බසින බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

එම ව‍නෝද්‍යානය මැදින් මහවැලි ගඟට සමාන්තරව යක්කුරේ දක්වා කිලෝ මීටර් 13 ක් දුරට මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතව තිබේ.

සමාජ හා පාරිසරික වශයෙන් බලපෑම් රාශියක් ඇතිවිය හාකි මෙම මාර්ගය ඉදිකිරීම් ආරම්භ කළ හොත් කල්ලාරු රක්ෂිත වනාන්නතරයට  අභියාචනාධිකරණය ඊයේ දුන් තීන්දුව පදනම් කරගෙන අධිකරණයට යන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසිය.

වස්ගමුව ජාතික වනෝද්‍යානයට නව පිවිසුමක් ලෙස අඹන්ගඟ ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව පිවිසුම් මාර්ගයද පවතින අලි මිනිස් ගැටුම වැඩි වනවා මෙන්ම රක්ෂිතයේ වන සතුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වන  බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

එකී යෝජනාව අනුව මෙම මාර්ගය ඉදි කිරීමේදී  දැනට ඉතිරිවී ඇති බන්ඩියා විල්ලුව සහ හඳපාන්විල්ලුව, වැනි සුවිශේෂී විල්ලු පද්ධතිය විනාශයට ලක්වීමේ අවදානමක් ඇතැයි කී  හේමන්ත විතානගේ මහතා බරපතල පාරිසරික විනාශයක් සිදුවීමේ ආරම්භයක් ලෙස මෙම යෝජනාව හැදින්විය හැකියැයි ද කීය.

මේ තත්ත්වය යටතේ වනාන්තරය මැදින් මාර්ගයක් ඉදිකිරීම් කළහොත් නඩු පවරන බවත් කල්ලාරැ වනයෙ කැපූ පිරිසට මෙන් ගෙවන්නට නියෝග කළ විට ගෙවීම සඳහා මුදල් සූදානම් කරගෙනම වැ‍ඩ පටන්ගන්නැයි තමන් මේ යෝජනාව ගෙනෙන දේශපාලකයන්ට කියන බවත් විතානගේ මහතා කීය.

පොලොන්නරැව පුලතිසි චන්ද්‍ර මණ්ඩප‍යේ දී ඉකුත් 15 වැනිදා.වන වගා කිරීමේ ගරු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්‍වයෙන් පැවැති ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ රැස්වීමේ දී මෙම මාර්ගය ඉදිකිරීමට තීරණය වී තිබේ.මේ සම්බන්ධව නිලධාරින් අති බහුතරයක් විරෝධ්‍ය පළ කර ඇතැයි දැනගන්නට ලැබී ඇති අතර වනජීවී අඩවි සහකාර වෘත්තිකයින්ගේ සංගමය “පොලොන්නරුව කලාපයේ වනජීවී රක්‍ෂිතවලට එල්ලවී ඇති අහිතකර බලපෑම් ඉවත් කිරීම සඳහා” මැයෙන්  වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙහි ඇති අනතුර පෙන්වා දී තිබේ.         

රක්‍ෂිතයක් මැදින් මාර්ගයක් ඉදි කිරීම මගින් සිදුවන්නේ රක්‍ෂිතයේ ජීවත්වන වනජීවී ගහනයන් සහ ඔවුන්ගේ පරිසරය ඛණ්ඩනය වීම බවත් ජීවීන්ගේ වඳවීමේ සීග්‍රතාවය ගහණයේ විශාලත්වය මත තීරණය වන අතර වාසස්ථාන ඛණ්ඩනය වීමෙන් ගහණයන් ජීව විද්‍යාත්මකව හුදෙකලා කුඩා ගහණයන් බවට පත්ව ගහණයේ වඳවීමේ සීග්‍රතාවය බලවත් ලෙස ඉහළ යාමට හැකි බව ද ඔවුන් පෙන්වා දී තිබේ.



අදහස් (2)

ජලගැලුම් නිම්නය දෙකඩ කිරීමට එරෙහිව අධිකරණයට යනවා

Rata Perata Wednesday, 18 November 2020 07:25 AM

දැන් අධිකරණය කියන්නේ නිකම් රූකඩයක් විතරයි. 20න් පස්සේ පාර්ලිමේන්තුවත්, අධිකරණයත්, විගණනයත් ජනපතිට යටයි. පුුළුවන් නම් නන්දසේනට කියලා බලන්න. දැන් අපිට වෙන විකල්පයක් නැහැ. ඒත් නන්දසේන ලංකාගමට ගිහින් කරපු දේ දැක්කම ගිහින් වැඩක් වෙයිද කියලා සැකයි.

:       0       0

Nisha Wednesday, 18 November 2020 01:28 PM

අනිවාර්යයෙන් නතර කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 639 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 177 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 530 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1785 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site