IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


ජලයටත් මිල සූත්‍රයක් එයි

(විනීතා එම් ගමගේ)
 
මිල සූත‍්‍රයට මුවාවී තෙල් මිල වැඩි කරන්නට සැරසෙන ආණ්ඩුව ඉදිරියේ දී විදුලි බිලටත්, ජල බිලටත් සූත‍්‍රයක් ගෙන ඒමට කටයුතු යොදමින් සිටින බවට විශ්වාසදායක ආරංචි වලින් වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා අද (9) ප‍්‍රකාශ කළේය. 

සෑම මසකම දහවැනිදා පටි තද කරගන්නට ජනතාවට සිදුවන කාලය පැමිණ ඇති බවත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතා පහත වැටී තිබු අවස්ථාවක පවා ආණ්ඩුව තෙල් මිල ඉහළ නංවමින් සිටි බවත් පැවසූ පතිරණ මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ වහාම එම සහනය ජනතාවට ලබා දී තෙල් මිල පහත හෙලූ  බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

තෙල් මිල අඩුවීමත් සමඟ භාණ්ඩ බොහොමයක මිල අඩුවන්නේ යැයි ද එයින් ජනතාව තුළ නව ප‍්‍රබෝධයක් ඇති වන්නේ යැයි ද කී මන්ත‍්‍රීවරයා මේ වනවිට සිදුවෙමින් පවතින්නේ සමස්ත රටේ ජනතාවම කබලෙන් ලිපට වැටීම යැයි ද කීය.

හැමදාම ජනතාවට නත්තල් ඇති කරන්නේ යැයි කී ආණ්ඩුවක් ජනතාව පීඩාවට පත් කරන අන්දම කණගාටුදායක යැයි ද වෛද්‍ය පතිරණ තව දුරටත් කියා සිටියේය. 

ජනාධිපතිවරයාට 2020 වනතුරු බලයේ සිටින්නට අවස්ථාව ඇති බවත් මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය නොලැබෙන්නේ නම් නීත්‍යානුකූලව හිමි පළාත් සභා මැතිවරණය හෝ වහා ලබා දෙන මෙන් ජනතාව ඉල්ලා සිටින බව කී පතිරණ මහතා ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයකට කැමති නැති බව පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය. 



අදහස් (10)

ජලයටත් මිල සූත්‍රයක් එයි

sam Wednesday, 09 January 2019 11:51 AM

බොහොම හදිසියෙන් අගමැති වෙලා තෙල් මිල අඩු කරලා මහජනතාවට සහන ලබා දුන්නා යැයි කියන තැනැත්තාම ජනාධිපති කාලේ පැට්‍රල් රුපියල් සීයට දෙන්න කියලා අගවිනිසුරු දුන්න තීන්දුව ක්‍රියාත්මක නොකළේ මහජනතාව පැට්‍රොල් ලාභවුණාම ඇඟේ වත්කරගෙන ගිනි තියා ගනී කියලද?

:       944       844

nalakaThursday, 10 January 2019 09:49 AM

ඒ කාලේ කරපුවා දැනුත් කරන්න ඕනිනම් ඒ ආණ්ඩුවම තියා ගන්නවානේ....

:       0       0

dias Wednesday, 09 January 2019 12:06 PM

ඉන්ධන, ජලය, විදුලිය වැනි දේ මිලදී ගැනීමට හෝ ජනනය කිරීමට යන මුදලට සරිලන සිල්ලර මිලක් ගෙවන්නට සිදු වීමේ ඇති වරද කුමක්ද?

:       393       406

FAITO Wednesday, 09 January 2019 01:13 PM

කළුතර දිස්ත්‍රික්කයට ලුණු ජලය... එ්කට මිල සූත්‍රයක්ද?

:       28       29

lankaWednesday, 09 January 2019 01:56 PM

ගාල්ල ප්‍රදේශයේ වතුර කිවුල් රහයි. එතකොට එහෙට වෙනම සුත්‍රයක් ඕනෙද? "දේසේ හැටියට බාසේ" කියලා මතක තියාගත්තම ඉවරයි.

:       72       22

naradha Wednesday, 09 January 2019 01:49 PM

මේ මිල සූත්‍රයෙන් වැඩිවන ඉන්ධන, ජලය, විදුලිය වැනි දේවල මිල ගණන්, රජයේ මැති ඇමතිවරුනුත් තමන්ගේ වැටුපෙන් ගෙවනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, මේ මැති ඇමතිවරුන් තමන්ගේ ඉන්ධන, ජලය, විදුලිය, දුරකථන වැනි වියදම් ඔවුන්ගේ වැටුපෙන් නොගෙවා, මහජන බදු මුදලින් ගෙවන්නට යයි කීම අසාධාරණයකි.

:       0       125

vernonThursday, 10 January 2019 05:14 AM

ඒ මැති ඇමතිවරුන් පත් කර යවන්නේ කවුද?

:       0       3

angelo nugara Wednesday, 09 January 2019 06:01 PM

මෙමගින් ජල නාස්තිය අවම කල හැකිය. නිකන් දෙනකොට ජනතාව නාස්ති කරනවා. යුරෝපයේ අඩු අදායම් ලාභීන්ට බිල්වලට පහසුකම් සලසනවා... ජනතාවට බදු ගැසීමට පෙර දේශපාලකයන් අරපිරිමැස්ම ක්‍රියාවෙන් ඔප්පු කළයුතුයි.

:       0       0

vipula Thursday, 10 January 2019 03:21 AM

ලෝක වෙලදපොලේ වතුර මිල වැඩි වෙනකොට ඒ මාසයේ වතුරමිල වැඩි වෙනවා , එහෙ අඩු වෙනකොට මෙහෙ නැවත වැඩි වෙනවා . දේශපාලන කුණාටුවක් හමන කොට යලිත් අඩුවෙනවා .

:       0       3

දිලුම් Thursday, 10 January 2019 05:09 AM

සෑම් හැමදේම දේශපාලනිකරණය කරමින් බලන වහල් බවින් මිදි අදහස් ප්‍රකාශ කරන්න. අපේ සිංහලයට හැමදාම හෙනගැහුවේ ඔය කැපුවත් කොල කැපුවත් නිල් ප්‍රතිපත්තිය නිසා. දෙයක් දිහා විචාරශීලිව බලා වෙන්න යන විපතින් බේරිමේ නුවණ සිංහලයාට කවදානම් ලැබේදැයි අප නොදනී. දන්නේම නැතිව අප ඒ පක්ෂයට හා මේ පක්ෂයට කොටා ගන්නා විට මොවුන් සැවොම එක්ව නව ව්‍යවස්ථාවද සම්මත කර රටද අදාල අයට බාරදී තියේවි. ඒ නිසා පාට කණ්නාඩි ගලවා බලන්න සැම දෙයම හරියට දකින්න පුරුදුවෙමු. මෙයා එකක් කලාම හැම එකටම අරය එහෙනම් කලේ ඒක හොදද අහන්න යාමෙන් වෙන්නේ අපි තවත් වලටම යාම පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 126 0

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .


කොල්ලකෑමේ යෙදුණ නාවික සෙබළා පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 22 118 0

කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන


මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 322 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 279 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 76 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


කොළඹට ආ පාවෙන රෝහල
2024 දෙසැම්බර් මස 22 1017 0

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site