(මනෝජ් හර්ෂික)
ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් පාසල් සිසු සිසුවියෝ 6 දෙනෙක් ජපානය බලා අද (22) පිටත්ව ගිය බව ආතර් සී.ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධක්ෂක (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි.
ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය මගින් 15 වැනි වරටත් සංවිධානය මෙම තරගය ජපානයේ සගමිහාරා නුවර, කනගාවා හිදී හෙට (23) අනිද්දා (24) යන දිනයන්හි දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අභ්‍යවකාශ සහ තාරකා විද්‍යාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමේ පුරෝගාමී මෙන්ම කේන්ද්‍රීය ආයතනය වන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සඳහා සංවිධානය කළ ජාතික ජල රොකට් තරගයෙන් මුල් ස්ථාන දිනාගත් තරගකරුවන් 6 දෙනා මෙම ජාත්‍යන්තර තරග අවස්ථාව උදාකරගෙන ඇති බව විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
එම තරගකරුවන් පළමු ස්ථානයේ සිට පිළිවෙළින් මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලයේ කේ. ඩබ්. එස්. ජේ. බී කරඳගොල්ල, කොළඹ ආනන්ද විද්‍යාලයේ ජවිරු පසන්ජිත් ජිනසේන, මාවතගොඩ රිවිසද මධ්‍ය මහා විද්‍යාලයේ ඩී. කේ. ඒ. ඩී. චතුරංග, නුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ යූ. ජී. දිදුල ආදිත්‍ය, හලාවත ආනන්ද ජාතික පාසලේ බී. එම්. සචින්ත යශෝමාල් බාලසුරිය, ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ රුමානා රියසත් යන සිසු සිසුවියන් මෙම තරගය සඳහා සහභාගී වෙති.
ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ විද්‍යාව නංවාලීම අරමුණු කරගෙන ආතර් සී ක්ලාක් ආයතනය මීට අවුරුදු 14 කට පෙර ජල රොකට් හා ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට හඳුන්වාදී තිබේ.
ආතර් සී ක්ලාක් ආයතනය මගින් ජපානය(2005), ඉන්දුනීසියාව(2006), ඉන්දියාව(2007), වියට්නාමය(2008), තායිලන්තය(2009),ඔස්ට්‍රේලියාව(2010),සිංගප්පුරුව(2011),මැලේසියාව(2012),වියට්නාමය(2013),ජපානය(2014),ඉන්දුනීසියාව(2015),පිලිපීනය (2016), ඉන්දියාව(2017) සහ සිංගප්පූරුව (2018) යන රටවල්වල පැවති තරග සඳහා ශ්‍රී ලංකාවෙන් තරගකරුවන් 100 කට අධික පිරිසක් මෙම ජාත්‍යන්තර ජල රොකට් තරග සඳහා සහභාගී කරවා ඇති අතර ඒවායින් සුවිශේෂී ජයග්‍රහණ රැසක් ද හිමි කරගෙන ඇත.
ඒ අනුව 2005 වසරේදී ජපානයේ පැවති තරඟයෙන් 3 වන ස්ථානය දිනා ගැනීමත් 2009 වසරේ දී තායිලන්තයේ පැවති තරගයෙන් 4 වන සහ 5 වන ස්ථාන දිනා ගැනීමත්, 2015 වසරේ ඉන්දුනීසියාවේ පැවති තරගයෙන් 2 වන ස්ථානය දිනා ගැනීමත්, 2017 වසරේ දී ඉන්දියාවේ පැවති තරගයේ දී සහ 2018 වසරේ සිංගප්පූරුවේ පැවති තරගයේ දී ප්‍රථම ස්ථාන දිනා ගැනීමටත් ශ්‍රී ලංකාවට හැකිව ලැබී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජල පීඩන රොකට් තරගාවලියට 6 ක් ජපානයට යති
පිටිගල මිලානෝ Friday, 22 November 2019 10:01 AM
රොකට් කිව්වම මම බයවුණා... බාප්පගේ පිහිටෙන් අරයා තවත් රොකට් එකක් අරින්න හදනවද කියලා...
RaveendraFriday, 22 November 2019 11:28 AM
ඔය බේබිලා ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරීමකි. අප මේ දුවලා පුතාලාට අපගේ හදවතින්ම සුබ පතමු නේද? පුතාලා, දුවලාට තමන් උපන් මේ අපේ මාතෘභූමියට කීර්තියක් ගෙනඒමට හැකි වේවා !!! සියල්ලන්ටම සුබගමන් !!