IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජල පහරට හසු වී අතුරුදන් වූ සිසුවියකගේ සිරුර සොයාගනී

(රංජිත් රාජපක්ෂ)                        

ආගරපතන පොලිස්  වසමට අයත් ටොරිංටන් ප්‍රදේශයේදී සැඩ පහරකට හසු වී අතුරුදන්ව සිටි 12 හැවිරිදි පාසල් සිසුවියගේ සිරුර කොත්මලා ඔයට ජලය ගලා බසිනා අග්‍රල්වත්ත ඔයේ  තිබී අද (19) පස්වරුවේ සොයාගත් බව ආගරපතන පොලිසිය පැවසීය.
 
එම සිසුවිය ගසාගෙන ගිය ස්ථානයට පහළින් මීටර් 1000 පමණ පහළ ඔයේ තිබී සිරුර හමුවී ඇත.
 
මෙසේ සොයාගනු ලැබුවේ  මදියලගන් ලක්ෂ්මි නැමති  12 හැවිරිදි පාසල් සිසුවියගේ සිරුරයි.
 
ආගරපතන ටොරිංටන් දමිළ මහ විද්‍යාලයේ 7 වෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුවියන් දෙදෙනා පාසල ඇරී ටොරිංටන් වත්ත හරහා ඔවුන් පදිංචි අග්‍රල්වත්තට යමින් සිටියදී  අධික වර්ෂාවත් සමඟ වතු මාර්ගය හරහා ගලා ආ  ජල පහරකට හසු වී  අතුරුදන්ව ඇති බව පොලිසිය පැවසීය.
 
අතුරුදන් ව සිටින අනෙක් සිසුවියගේ සිරුර සොයා යුද හමුදාව පොලිසිය ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇත.
 
පාසල් සිසුවියගේ සිරුර මේ වන විට ආගරපතන රෝහලේ තැන්පත් කර ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගතිලක)

 



අදහස් (4)

ජල පහරට හසු වී අතුරුදන් වූ සිසුවියකගේ සිරුර සොයාගනී

sanjeeva Friday, 19 July 2019 05:15 AM

පවු අහිංසක පැටව්

:       0       57

ලුම්බිණි Friday, 19 July 2019 05:45 AM

ඉතාම කනගාටුදායකයි.

:       0       56

දිමුත් Friday, 19 July 2019 05:46 AM

දුකයි දෙයියනේ!

:       0       60

අනුරාධපුරයේ සුගුණනන්ද ගිමි Friday, 19 July 2019 08:50 AM

හරිම සංවේගයි. සසර පුරාම කිසිදු අකල් මරණයක් නොවේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 21 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 577 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 721 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 203 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 205 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 817 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site