(නිමල කොඩිතුවක්කු)
ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත වැටීම නිසා ජල විදුලිය නිෂ්පාදනය 10% දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක සහ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා පැවසීය.
මේ හේතුවෙන් තාප විදුලි බලාගාර වලින් විදුලිය උත්පාදනය 85% ක් දක්වා වැඩිවී ඇති බැවින් විදුලිය නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන පිරිවැය විශාල වශයෙන් වැඩි වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ජල විදුලිය ඒකකයක් සඳහා රුපියල් තුනකට අඩු වියදමක් දැරිමට සිදුවන අතර තාප විදුලිය ඒකකයක් සඳහා රුපියල් 25ත් 30ත් අතර මුදලක් වැය වන බවත් ජයවර්ධන මහතා කීය.
පවතින අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් අඛණ්ඩව විදුලිය සැපයිමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව ගිගා වොට් 47 කට ආසන්න වී තිබේ.
ඉන් 85% ක් පමණ තාප විදුලි බලාගාර මගින් ලබා ගැනෙන අතර තවත් 5% - 6% ත් අතර ප‍්‍රමාණයක් සුළං සහ සූර්ය බලාගාර වලින් සපුරාගැනෙන බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල සමස්ත ජල මට්ටම 21.3% ක් දක්වා පහත බැස ඇති බවත් සඳහන් කළ ඒ මහතා වසර 30 කට පසු ප‍්‍රධාන ජලාශවල ජල මට්ටම මෙතරම් පහළ මට්ටමකට පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් කළේය.
ජල විදුලිය නිෂ්පාදනය කරන ප‍්‍රධාන ජලාශයන් වන කාසල්රී ජලාශයේ ජල මට්ටම 26% ක් ලෙසත්, මවුස්සකැලේ ජලාශයේ ජල මට්ටම 26.2% ක් ලෙසත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 33.9% ක් ලෙසත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 12.7% ක් ලෙසත්, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 28.9% ක් ලෙසත්, සමනලවැව ජලාශයේ ජල මට්ටම 16.1% ක් ලෙසත් පහත බැස ඇතැයි ඔහු සඳහන් කළේය.
පවතින වියළි කාළගුණ තත්වය අගෝස්තු මාසය වන තෙක් අඛණ්ඩව පැවතිය හොත් ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් පහත බැස දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ජල විදුලිය නිපදවීම සියයට 10 කින් පහළ බසී
amila Tuesday, 16 July 2019 10:45 AM
න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට කාලේ හරි.