IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


ජුලි 18 - 19 විදුහල්පතිවරු - ගුරුවරු ලෙඩ වෙති

(දයාරත්න ඇඹෝගම)

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් ජුලි මස 18,19 යන දෙදින අසනිප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අද (10) අනුරාධපුරයේදී පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ උතුරු මැද හිටපු මහ ඇමති රංජිත් සමරකොන් මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

බි.සි.පෙරේරා වැටුප් විෂමතා කමිටු නිර්දේශය පරිදි වැටුප් විෂමතා ඉවත් නොකිරීම, අධ්‍යාපනය සඳහා පොරොන්දු වූ පරිදි 6%ක මුදලක් වෙන් නොකිරීම, 2016 වසරේ සිට ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව සහ ඉගැන්වීමේ ක්‍රියාවලියට අමතරව ගුරුවරුන් ලවා සිදුකරන අනවශ්‍ය කොළ පිරවීමට එරෙහිව මෙලෙස ජුලි මස18 හා 19 යන දෙදින ලෙඩ නිවාඩු දැමීමට ගුරු සංගම් තීරණය කර ඇතැයි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මෙහිදී පැවසුවාය.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන අදහස් දක්වමින් වසන්තා හදපාන්ගොඩ මහත්මිය මෙසේද පැවසුවාය.

‘අපි ගුරු විදුහල්පතිවරුන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ඉතිහාසය පුරා දිගින් දිගටම සටන් කළා.අපි කිසි අවස්ථාවක ගුරුවරුන්ගේ සටන්, ඉල්ලීම් පවා දීලා නැහැ. සමහර අවස්ථාවල සටනට විරාමයක් දුන්නා. රටේ පැවතුණ තත්වය අනුව සාමය ආරක්ෂා කර ගැනීමට, ඉල්ලීම් දිනා ගැනීම සඳහා දිගින් දිගටම කටයුතු කළා. ගුරු විදුහල්පතිවරුන්ට ගැටළු කිහිපයක් තියෙනවා.

එකක් තමයි වැටුප් විෂමතා ඉවත්කර ගැනීම බි.සි.පෙරේරා වැටුප් විෂමතා වාර්තාව අනුව වසර වසර 22 ක් ගතවුනත් වැටුප් විෂමතා ඉවත් කරලා නැහැ.

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා බලයට ආවත් මේ දේවල් රජය මෙතෙක් ඉටු කළේ නැහැ. ඒ වාගේම 2016 න් පස්සේ ගුරුවරුන් ලෙස බඳවා ගත් අයට විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කළා. 2001 බලයට ආපු එක්සත් ජාතික පක්ෂ රජය මේ දෙයම එදත් කළා.

පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විශ්‍රාම වැටුප් හිමිකම ගුරුවරුන්ට ලබාදුන්නා. අනිත් කාරණාව ගුරුවරුන් අනවශ්‍ය පීඩනයක් ඇතිකරන මේ ලිපි ලේඛන පිරවීම. පවුල් සෞඛ්‍ය සෙවිකාවකගේ ඉදලා මරණ පරීක්ෂකගේ සියලුම කොළ පුරවන්න ගුරුවරුන්ට සිද්ධවෙලා තිබෙනවා. මේ අනවශ්‍ය කොල පිරවීමෙන් ගුරුවරු නිදහස් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ගුරුවරුන්ගේ මෙ හඬ යටපත් කරමින් මේ කිසිවකට සවන් නොදී අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයට දුෂිත ආකාරයට විවිධ පත්වීම් කර ගෙන යනවා. ඒ සියල්ල නවතා මෙම ඉල්ලීම් හතරවත් ඉටුකර දෙන්න කියලා අපි අධ්‍යාපන ඇමතිවරයා ගෙන් ඉතාම අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.

මේ නිසා අපි ජුලි මාසයේ 18 සහ 19 අසනීප නිවාඩු දමා සේවයෙන් බැහැර වීමට තීරණය කර තිබෙනවා.මේ සඳහා සියලු ගුරු වෘත්තීය සංගම්වල සහාය ලැබෙනවා"  ඇය මෙහිදී පැවසුවාය.

 



අදහස් (8)

ජුලි 18 - 19 විදුහල්පතිවරු - ගුරුවරු ලෙඩ වෙති

Raveendra Wednesday, 10 July 2019 05:09 PM

අපේ විදුහල්පතිවරු සෘෂිවරුන්ටත් වඩා දක්ෂයෝනේ... බලාගෙන ගියාම.. සතියකට කලින් තමන් අසනීප වෙන බව තමන් දන්නවා... අම්මපා දොස්තරලාගේ රැකියාවටත් "කිඹුලෝ"හඬලයිද කියලත් හිතෙනවා..

:       4       74

ශ්‍රි Thursday, 11 July 2019 02:42 AM

ඔය වසන්තාවත්, එයාගේ ගුරු සංගමයවත් ගුරුවරුන් වෙනුවෙන් හෝ විදුහල්පතිවරුන් වෙනුවෙන් කරපු කිසිම දෙයක් නෑ. ඔවුන් කරන්නේ දේශපාලන මහින්දට කඩේ යන එකයි..

:       11       171

රවින් Thursday, 11 July 2019 02:58 AM

ලෝකයේ තියන රටවලින් උතුම්ම රට ලංකාව කියන්නේ මේකනේ... සියලු ශාස්ත්‍රයන්හි කෙලපැමිණි උදවිය තමා මෙහි වසන්නේ. තමන් ලෙඩ වන විත්තිය දන්නේ සතියකට පෙර. ගැහැණු දරුවන් හට අතවර කරන්න උදව් කරන්න දන්නේ, නිසි පරිපාලනයක් නොකර දෙමව්පියන් මරවන්න දන්නේ.., දේශපාලකයින්ගේ ලියුම් වලට පමණක් ළමයින් පාසල්වලට ඇතුළත් කරගන්න දාන්නේ... නිසි පාඨමාලාව නොපවත්වා ළමයින්ව ටියුෂන් යවන්න දන්නේ, මෙම අයට වෛද්‍ය සහතික නිකුත් කරන රට... මෙකී නොකී සැමදේම දන්නා උදවිය ඉන්න රට? ඉස්සෙල්ලාම ඔය නායකයෝ කියන උදවිය ඉදිරිපත් කරන සහතික වෛද්‍ය මඩුල්ලකට ඉදිරිපත්කර සනාථ කරගන්න. හොර සහතික ඇතිනම් නිසි පරිපාලන ක්‍රමවේදයන් අනුගමනය කරන්න.

:       0       25

RaveendraThursday, 11 July 2019 04:21 AM

රවින් මයා වෙත, අප රටේ පරිසරය පිළිබඳව ඔබගේ කියවීම ඉතාමත්ම සාර්ථකයි. මෙයට ප්‍රධාන හේතුව මුල් පුරවැසියාගේ සිට වැඩි ප්‍රතිශතයක් වංක පුරවැසියන් වීම නොවේද? කණගාටුව නම් වැඩිදෙනෙකු මේවා පිළිගැනීමට මැලිවීම මෙන්ම" මම හරි අනිකා සහමුලින්ම වැරදියි " යන මතයේ එල්බගෙන සිටීමයි. කිසිවිට මධ්‍යස්ථව බැලීමට වැඩිදෙනෙකු පුරුදු නොවීමෙන් මෙන්ම මම විතරක් ජීවත්විය යුතුය යන්න මුල් කරගත් කිසිතැනක දියුණුවක් නැත. අවසානයේ විදුහල්පතිවරුන් නමැති මහෝෂධ පණ්ඩිතයින්ටද එය එලෙසම පෙනෙනු ඇත.

:       0       0

කමල් Thursday, 11 July 2019 04:08 AM

මොකක්ද මන්දා මල්ලෙන් එළියට පැන්නා.

:       0       0

අයිවන් Thursday, 11 July 2019 05:49 AM

ගුරුවරු නෙමේ.. දේශපාලන වහල් බත් බැලයෝ.. පිටිපස්සේ ගහගෙන ඉන්නේ කවුද? ගුරුතුමා කියන උතුම් නාමය කෙලෙසමින් කරන මෙම ක්‍රියා තරයේ හෙලා දකිමු.

:       13       34

ase Thursday, 11 July 2019 06:47 AM

හරි, මේක තමයි ජ.වි.පෙ ගුරු සංගම් එක්ක කරපු කටුකුටුව... අපේ මේ දේශපාලනයේ කුණකටුවෝ මොවුන් තමා, ළමයින්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරන අෑයෝ, අරගල මොකට මොනවා වුණත් මොවුන්ට මොකෝ?

:       32       0

රත්නායක Thursday, 11 July 2019 09:34 AM

ගුරුවරු යනු දෙවිවරුය.. ඔවුන් ගමන් කරන්නේ ඉහළින් නිසා බස් ගාස්තු ගමන් වියදම් නැත. ආහාර, මිනිසුන් පූජාකරන නිසා කෑමබීම වියදමක් නැත. ලෙඩ රෝග නොසෑදේ. මඟුල් අවමඟුල් සිදු නොවේ. ඒ නිසා ඔවුන්ට අනෙක් අයට මෙන් කිසිඳු වියදමක් නැති නිසා කිසිදු වැටුපක් හෝ වැටුප් වැඩිවීමක් අවශ්‍ය නැත... ඉහත අදහස් දක්වා ඇති අය දන්නැද්ද ලංකාවේ අඩුම හා අසාධාරණම වැටුප් ලබන්නේ ගුරුවරු බව. හරියට මාසෙ ගෙවාගන්න බැරිව දහ අතේ ණය වෙලා. මේ ඉල්ලන්නේ අනෙක් රාජ්‍ය සේවකයින්ට ලබාදුන් ගුරුවරුන්ට අහිමි කල වැටුප. මතක තියාගන්න ඔය අදහස් දාන හැමෝමත්, රටේ හැමෝමත් ඔතන ඉන්නේ ගුරුවරු නිසා බව. සමහර මාසික බිල් ලියන අයගේ වැටුප රු.100000 (ලක්ෂක්) වගේ වෙනවා. මේසන් බාස් දවසට 2500ක් ⁣හොයනවා. ගුරුවරයාට 1000/1200 ක් වගේ.. ලැබෙන්නේ. ජර්මනියේ, පින්ලන්තය වගේ රටවල ගුරුවරු තමයි ඉහළම වැටුප් ලබන්නේ. ඒ නිසා ඒ රටවල අධ්‍යාපනය 100%.

:       0       26

ඔබේ අදහස් එවන්න

දියත

කොල්ලකෑමේ යෙදුණ නාවික සෙබළා පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 22 27 0

කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන


මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 259 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 231 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 73 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


කොළඹට ආ පාවෙන රෝහල
2024 දෙසැම්බර් මස 22 882 0

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ



මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 29 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site