IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ජීවනෝපාය අහිමි පවුල් 5,75,520කට දෙදෙහස ලබා දෙයි

(ඩයනා උදයංගනී)

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් 5,75,520 ක් සදහා මේ වන විටත් රුපියල් 2,000 දීමනාව ලබා දී අවසන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

පළමු අදියර සඳහා මෙම දීමනාව ලබාදීම ඉකුත් 23 වැනිදා සිට සිදුකෙරිණි.

නිරෝධාන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් 20,38,530 ක් මෙම දීමනාව ලබාදීමට තෝරාගෙන ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 3,76,531ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 3,45,847ක්, කළුතර දිස්ත්‍රික්කයේ 55,425ක්, මහනුවර දිස්ත්‍රික්කයේ 1,37,475 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 1,07,677 ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 1,07,291ක් , ගාල්ල දිස්ත්‍රික්කයේ 3,82,69ක් , හම්බන්තොට දිස්ත්‍රික්කයේ 66,476 ක් මෙම දීමනාව ලබාදීමට තෝරාගෙන ඇත.

මෙම දීමනාව ලබාදීම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ හරහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවේ.

 



අදහස් (7)

ජීවනෝපාය අහිමි පවුල් 5,75,520කට දෙදෙහස ලබා දෙයි

Raveendra Saturday, 28 August 2021 11:19 AM

මේ මොන විකාරයක්ද...? මාගේ දුගී දුප්පත් ඒ සදාදරණීය ජනතාවට ජීවත්වීමට මෙම මුදල් ප්‍රමාණවත් නැත.. අඩු තරමින් රුපියල් 20000/= වත් මගේ සදාදරණීය ඡන්ද දායකයින්ට ලබා දිය යුතුමයි.. නොඑසේ නම් මාගේ පියාණන් මා වෙනුවෙන් හරිහම්බකළ ඒ සියලුම මුදල් කන්දරාව හෙට සිට ගමක් ගමක් සිසාරා ගොස් ලබා දෙනවා.. මීට මම බුද්ධිමත් පුතා.. එසේම උසින් අඩු අයට රුපියල් 10000/= මෙන්ම උසින් වැඩි අයට රුපියල් 20000/-ක් බෙදා දෙමි.

:       3       59

Sampath Saturday, 28 August 2021 01:30 PM

මේකෙන් භාගයක්ම යන්නේ, ග්‍රාමසේවකලා, සමෘද්ධි නිලධාරි, ප්‍රාදේශීය දේශපාලන හෙන්චයියන් ඇතුලු මේ මුදල් බෙදාදෙන සෙට් එකට. 1 වෙනි සැරේ 5000 දෙන දවස්වල තමන්ගේ ගෙදර හැම එකාගේමයි.. ගෙදර කුලියට ඉන්න එකාගෙයි, වෙන මිනිස්සුන්ගේ හැඳුනුම්පත් අංක වලට හොර අත්සන් ගහලයි ඔය සෙට් එක මහජන මුදල් තමන්ගේ සාක්කුවේ දාගත්තේ... 2 වෙනි සැරේ අහිංසක මිනිස්සුන්ගේ නම් ලිස්ට් එකේ නැහැ කිය කියා ඒ මිනිසුන්ව ගෙදර යවලා, හොර අත්සන් ගහලා ඒ සල්ලි මිලියන ගණන් හොරා කෑවා... සමහර ග්‍රාම සේවකලා කාර් පවා ගත්තා.. අද රු 2000ක් කියන්නේ මොකද්ද? ඕක ගන්න මිනිසුන් පොරකනකොට කොරෝනා පැතිරෙන්නේ ඩබල් වෙලා... ඊට වැඩිය හොඳයි ඔය බිලියන ගණන් වියදම් කරලා ඔක්සිජන් වෙන්ටිලේටර්ස් හරි, රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට හෝටල් කීපයක් බදු පදනම මත රජයට ලබා ගත්තා නම්..!!!

:       25       3

RaveendraSaturday, 28 August 2021 03:23 PM

ඔබගේ අදහස් 100% නිවැරදි නොවුනත් ( වචනයේ අර්ථයෙන්ම අවංක මිනිසුන් ඒ අතර සිටින බැවිනි) වැඩි ප්‍රතිශතයකට එය නිවැරදිය. මක්නිසාදයත් අප වැඩිම වැඩි පිරිසක් තක්කඩි හොරුන්ය.මහා එකාගේ සිට පොඩි එකා දක්වා එම තක්කඩිකම විහිදී ගොසින්ය.

:       0       3

BamunuarachchiMonday, 30 August 2021 07:34 AM

නම් ගම ඇතුව ඔබ දන්නවානම් පොලිස්සිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අපරාද විමර්ශනය, ඇමති,අගමැති, ජනපතිට පෙත්සම් මාර්ගයෙන් දැනුම් දෙන්න තිබුනා නේද එහෙම කලාද.

:       1       0

Bamnunuarachchi Monday, 30 August 2021 07:37 AM

මේවා කියවලා අපරාධ විමර්ශනයෙන් ප්‍රශ්න කලොත් උත්තර දෙන්න පුළුවන් නේද? මොකද මේක ලොකු චෝදනාවක්.

:       1       0

Bamunuarachchi Monday, 30 August 2021 07:38 AM

ඔබේ කතාව අදාළ තැන්වලින් කියවාවි. මොකද මේක ලොකු චෝදනාවක්.

:       0       0

Bamunuarachchi Monday, 30 August 2021 07:42 AM

ග්‍රාම නිලදාරීන් ගත්තේ බ්‍රෑන්ඩ් නිව් කාර්ද රීරීකන්ඩිෂන් ඒවාද? ඇයි බොරු කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 93 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 65 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 300 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 173 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 194 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1236 2

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 510 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site