IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජවිපෙ මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි

(විනීතා එම් ගමගේ)
 
කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය හා ඉදිරි මැතිවරණය පැවැත්වීමේ නීතිමය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසන් සභාවෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇත.
  
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්තික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිසන් සභාව වෙත ලිපියක් යවමින් අද (14) මෙම ඉල්ලීම කර තිබේ.
 
 කොවිඩ්ර 19 වයිරසයේ ව්‍යාප්තිය, ඉන් සිදුකරන සමාජමය බලපෑම හා එය මර්දනය කිරීමට ගන්නා ලද පියවරයන් තුළ 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවක් කළ යුතු යැයි අදහස් කරන බැවින් මෙම ඉල්ලීම කරන බව එම ලිපියේ සඳහන්ව ඇත.
 
 එබැවින් මෙම ගැටළුවේ ඇති වැදගත්කම සලකා ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් ලෙස අපට මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවක් සඳහා ඉක්මන් දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසද එමගින් ඉල්ලා තිබේ.



අදහස් (30)

ජවිපෙ මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Wimale Tuesday, 14 April 2020 12:17 PM

මොන සාකච්ඡාද, ඔය හදන්නේ කාට හරි බනින්න..

:       0       0

max Tuesday, 14 April 2020 12:21 PM

සජිත් මල්ලි ඉල්ලන්න කියන්න ඇත්තේ...!!!

:       0       0

red elephant Tuesday, 14 April 2020 12:25 PM

කිසිම වැඩක හොදක් දකින්නේ නැති විවෙචනයට විතරක් දක්ෂ නළලෙන් කතාකරන අය...

:       0       0

saman Tuesday, 14 April 2020 12:28 PM

මෙයාලට ඔන විදිහටද ඉලෙක්ෂන් කමිෂන් එක වැඩ කරන්න ඔනෙ? හොදට තියේවි...

:       0       0

nalin Tuesday, 14 April 2020 12:33 PM

මේ රට අවුල් වෙලා තියෙන වෙලාවේවත් පාඩුවේ ඉන්න. නැති ප්‍රශ්න ඇති නොකර ..!!! නැතිනම් 3% ,1% ට බහියි.

:       0       0

akila Tuesday, 14 April 2020 12:34 PM

හාමුලාට අවුලක් වෙලා බැහැනේ...

:       0       0

namal Tuesday, 14 April 2020 12:36 PM

ඊට කළින් ඔයාලගේ ලොකු එක්කෙනාගේ පුතා කොහෙද ඉන්නෙ කියලා බලන්න..!!!

:       0       0

bandara Tuesday, 14 April 2020 12:38 PM

ග්‍රැජුවේට්ලට දුන්නු ජොබ් ටික නැතිකරලා දාන්නවත්ද හදන්නේ? 

:       0       0

Anura Tuesday, 14 April 2020 01:12 PM

සේවකයිනි, මොහුව වහා බැඳතබනු !!

:       0       0

jayath Tuesday, 14 April 2020 01:45 PM

මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර බලයටම තියන කෑදරකම හින්දා මැතිවරණයක් බදාගෙන දඟලන මේ වගේ හිවල්ලු ගැන ජනතාව බලාගන්න ඕන මේ වෙලාවේ තියන ලොකුම එකද ? කවදාහරි මේ ලොක් ඩවුන් එක ඇරියම මිනිස්සු වැඩට යන්නේ කොහොමද ? කම්හල්වල වැඩ පටන් ගන්නේ කොහොමද ? ඒවා කරන ගමන් සමාජ දුරස්ථභාවය රකින්නේ කොහොමද ? ඕවා තමයි ප්‍රශ්න. ඒවා ගැන නොසොයා මැතිවරණයක් බදාගෙන...

:       14501       12632

bkTuesday, 14 April 2020 02:11 PM

තොරතුරු සොයලා බලලා කතා කරන්නකෝ. මැතිවරණ තියන්න හදන්නේ ආණ්ඩුවනේ. corona බලපෑමක් නැති බව අඟවමින් ඡන්දෙ ගැන කතා කරන්නේ.

:       0       0

Kumar (Galf)Tuesday, 14 April 2020 02:42 PM

අයියෝ ජෙප්පො කුජීතයි කියන්නෙ නිකන්ද? ජයත් කියලා තියෙන දේට අන්ලයික් කරපු අය3691 (මම මේ නිව්ස් එක බලන වෙලාවෙ). හැබැයි මේ නිව්ස් එක බලලත් තියෙන්නේ1229 යි. හැබැයි ඉතින් මේ අයට මොලේ කලඳක් වත් නැහැ කියන එක පේනවා... මේ නිව්ස් එක බලපු ගාණයි, අන්ලයික් කරපු ගාණයි දිහා බැලුවාම...

:       0       0

සෙනෙවිරත්න Tuesday, 14 April 2020 02:50 PM

මැතිවරණය හීන්නූලට බදාගෙන ඉන්නේ රජය මිසක් වෙන කවුරුවත් නොවෙයි. ඒක ඔබට නොතේරුනාට අපට වැටහෙනවා. රටේ මේ ප්‍රශ්නය දොරකඩට ආවම පාර්ලිමේන්තුව විසිරෙව්වේ කවුද? රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් සහන සලසන්න කෝ මුදල් ප්‍රතිපාදන? හිතන්න එපා විධායකයට මේක දිගටම අල්ලගෙන යන්න හැකිවේය කියා , ජනතාවට සහන සම්බන්ධයෙන්...

:       0       0

ChampaTuesday, 14 April 2020 03:26 PM

ජගත් - ජේවීපී එකත් එක්ක මගේ කිසි ගනුදෙනුවක් නැහැ. නමුත් ඔබේ චෝදනාව වැරදියි. අගමැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ කැඳවලා සාකච්චා වට දෙකක් තිබ්බා. පක්ෂ නායකයන්ට කතා කරන්න දුන්නා. හකීම්ටත් කතා කරන්න ඉඩ දුන්නා. නමුත් ඔය ඔබ සඳහන් කරන ප්‍රශ්න වලට විසඳුම් ගැන තීරණ ගන්න අගමැතිතුමාට හෝ පක්ෂ නායකයන්ට ඉඩක් නැහැ, තීරණ ගැනීමේ අයිතිය රාජ්‍ය පාලනයේ, අමාත්‍ය මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ කිසි නියෝජනයක් නැති පිරිසකට බාර දීල තියෙන හින්දා. ඒ හින්දා ඔබේ ප්‍රශ්න වලට වග කියන්න ඕනේ තනි පුද්ගලයෙක් ලෙස වැඩ කරන ජනාධිපති සහ ඔහුගේ තනි අභිමතය අනුව පත් කරගත් කාර්ය සාධක බලකායේ ප්‍රධානි හැටියට ඉන්න ඇමරිකන් පුරවැසියා. මේ දක්වා කොරෝන ව්‍යාප්තිය මැඬලීම වෙනුවෙන් වෙහෙසුණු එකම පිරිස සෞඛ්‍ය අංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය. ඔවුන්ට හිමි කාර්යය හරියට කරලා තියෙනවා. සමාජය සහ සම්බන්ධ ප්‍රශ්න එකකවටවත් විසඳුමක් නැහැ. චන්දයක් තියන්න නම් මුඛ ආවරණය අවශ්‍ය නොවෙන්න ඕනේ. පරතරය නොතිය ගමන් යන්න පුළුවන් වෙන්න ඕනේ. එකේ ඉන්න අසදිතයෝ ඇතුළු සියලු ආසදිතයෝ ගෙදර යන්න ඕනේ. නිරෝධායන ආයතන වහන්න ඕනේ. මිනිස්සු රස්සා වලට ගිහින් ඊළඟ වැටුප ගන්න ඕනේ...

:       0       0

VajiraTuesday, 14 April 2020 06:22 PM

ආණ්ඩුව මැතිවරණ කොමිසමට චන්දය තියන්න බලකරන එකට විරුද්ධවයි සාකච්චාවක් පවත්වන්න ඉල්ලන්නේ. බලයට කෑදර කමේ කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසුරවපු ආණ්ඩුව මේ අර්බුදයට වගකිව යුතුයි..

:       0       0

වන්නිනායක Wednesday, 15 April 2020 01:48 AM

ජන බලවේගය උත්සාහ කරන්නේ මේ අවස්ථාවාදී මැතිවරණය නොපවත්වන ලෙසයි. මේ අවස්ථාවේ මිනිස් ජීවිතවලට ඇති තර්ජනය ගැනයි ඔවුන් පැමිණිලි කරන්නේ. ආණ්ඩුව තමා අර යුද්ධය දිනුවා වගේ කොරෝනා ජයග්‍රහණය විකුණන්න හදන්නේ.

:       0       0

wasanthaWednesday, 15 April 2020 03:16 AM

නුඹ කඩේ යන පාලකයින්නේ.. දැන් ඡන්දෙ තියන්න හදන්නේ... මාස 08කට වඩා පාර්ලිමේන්තුවේ කාලය තිබෙද්දී මේ කොරෝනා වසංගතය නැගගෙන එද්දී පාර්ලිමේන්තුව විසුරවා ඇරලා නාම යෝජනා දෙනකන් රට ඇරලා තිබ්බා. ජවිපෙට නෙමෙයි ඡන්දෙ තියාගන්න වුවමනා වුනේ. නුඹලාටයි. 2/3 කියකියා මල මිනී මතින් ඡන්දෙ කරන්න හැදුවා. ජනතාවට මොනවද කලේ? ජනතාව කන්න නැතිව ගෙවල්වල හිරකරලා දැන් ඡන්දෙ තියන්න යනවා. හොදම දේ තමයි ඡන්දෙ නොතියා පාර්ලිමේන්තුව නැවත කැඳවන එක. එතකොට ඡන්දෙ තියන්න ඕනෙත් නැහැ. රටේ ව්‍යවස්ථා ප්‍රශ්නෙත් ඉවර වෙනවා. එ්කට තමයි ජවිපෙ සාකච්ඡාවක් ඉල්ලන්නේ.... නුඹලාට මේවා තේරෙන්නේ නැහැ.

:       0       0

Sisira Tuesday, 14 April 2020 02:42 PM

ඉක්මනින් ඡන්දෙ තියන්න මාන බලන්නේ කව්ද? අද ඡන්ද කොමිසම වැටිලා ඉන්න තැන ගෙන දැනගෙන තමයි JVP එක මේ ඉල්ලීම කරන්නේ. ජයත් ලංකාවේ නිව්ස් ගැන දන්නේ මොනවද? හරිම දුකයි.

:       0       0

wije Tuesday, 14 April 2020 02:49 PM

අනේ මහත්තයෝ අපිට ආයෙත් ඡන්දත් එපා පාර්ලිමේන්තුත් එපා. මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු කිසිම කෙනෙක් එපා. මොකද එයාලා හිටියා කියලා මෙච්චර කාලයකට මේ රටට වෙච්ච යහපතක් නැහැ.. ඒ සේරම දෙනා මෙච්චර කාලයකට කලේ අසරණ මිනිස්සුන්ගේ මුදල් හුරාගෙන කාලා මේ රට දවසෙන් දවස තවත් පහළට ඇදලා දමපු එක විතරයි. මේ රටේ අහිංසක මිනිස්සු තුන්වේල කන්න විදියක් නැතුව හූල්ලනකොට ඔයාලා රජ සැප වින්දා. ඒ නිසා මේ යන විදියටම ජනාධිපතිතුමාට හමුදාව එක්ක මේ රටේ පාලනය කරගෙන යන්න ඉඩදීලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. අපිට ආයෙත් දේශපාලකයන් එපා. අතිගරු ජනාධිපතිතුමනි, ශවේන්ද්‍ර සිල්වා මහතාව ජෙනරාල් කරලා හැම දිස්ත්‍රික්කයටම ලුතිනන් ජෙනරාල් කෙනෙක් පත්කරලා හැම කොට්ඨාශයකටම මේජර් ජෙනරාල් කෙනෙක් පත්කරලා ප්‍රාදේශීය මට්ටමෙන් බ්‍රිගේඩියර් වරයකු බැගින් පත්කරන්න හොඳටම ඇති. එහෙම කලොත් වැඩිකල් යන්න කලින් මේ රට සංවර්ධනය කරන්න පුළුවන්.

:       0       0

Podi Lamaya Tuesday, 14 April 2020 03:06 PM

3%ට මොන සාකච්ඡා ද බොල?

:       0       0

ධම්ම Tuesday, 14 April 2020 03:23 PM

යූ.එන්.පි.ය කියන දේම ජවිපෙත් කියනවා. ජවිපෙ කියන දේම යූ.එන්.පි.යත් කියනවා. ඒක ජවිපෙට පාඩුයි. යූ.එන්.පි.යට වාසියි.

:       0       0

Raveendra Tuesday, 14 April 2020 04:21 PM

දියවන්නාව පට්ටියේ 225 න් වැඩිපුරම තප්පුලන අපේ මේ සත්ගුණවත් කළුකුමාර මැකොට චෝදනාවක් කරන්න වගේ යන්නේ.. මැතිවරණය තියන්නටත් පෙර සිට මහජනතාව අපේ චන්ද ප්‍රතිපල කෙසේ දන්නේද ? මෙහි කුමක් හෝ කොම්පිවුටර් ජිල් මාට් එකක් "මැකෝ " දාල නැතිනම් කොහොමද මිනිසුන් අපි 3% අඩුවෙන් මෙදා සැරේ ගන්නවා කියන්නේ ? අපේ මේ" මැකෝ "ට කොට්ට මෙට්ට අකුලාගෙන ගෙදර යන්න වෙයි මන්ද? (පව් සිනාමුසු මුහුණින් හැමවිටම ඉන්න රජයේ උසස් නිලධාරීන් කිපදෙනාගෙන් කෙනෙක් ) . මොකද මිනිස්සුන් කොහොමද දැනගත්තේ ඡන්ද ප්‍රතිඵල දැන්මම? අපරාදේ කියන්න බැහැ අන්තරේ ජෙප්පන්ගේ ප්‍රධාන අනුශාසක කලුකුමාරයා හරිම නීතිගරුක හාදයනේ... එ්කනේ දුවගෙන ආවේ නීති ප්‍රශ්නයක් අරගෙන...

:       0       0

Sk Tuesday, 14 April 2020 04:33 PM

මිනිස්සු කොරෝනාවෙන් දුක් විඳිනවා. දැන් මැතිවරණයක් ඉල්ලනවා.

:       0       0

Rasika Tuesday, 14 April 2020 07:20 PM

මේවගේ වෙලාවකවත් ජවිපයට බැරිද ආණ්ඩුවට සහයෝගයක් දෙන්න? අපි දැක්කනේ අර ගොවියන්ගෙන් ගන්න රජයේ වැඩසටහනටත් අකුල් හෙලනවා. හැමදේකම නරකක් හොයනවා. නමුත් ඒ කිසිම දේකට ඔවුන් ළඟ විසඳුමක් නැහැ.

:       0       0

චන්දන Tuesday, 14 April 2020 09:19 PM

ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් හමුදාවත් රාජ්‍ය යන්ත්‍රණයත් කොවිඩ් 19 මර්ධන වැඩේ එළටම පාලනය කරනවා. දැන් අවසාන දින කීපය බවත් දන්නවා. ඒක නිසා ඉන්න බැහැ නලියනවා අනේ. 3%න් අඩුම ගානේ 1% කටවත් මොලය පෑදේවා.

:       0       0

මුණසිංහ Wednesday, 15 April 2020 01:29 AM

ආණ්ඩුව කියලා නැහැ අහවල් දින මැතිවරණය තිබිය යුතුයි කියලා. ඕනැම කෙනෙකුට වුණත් තේරෙනවා රටේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙනකම් කිසි කෙනෙකුට දිනයක් කියන්න බැහැ කියලා. මේ අයට තියෙන්නේ කෙරෝනා භීතිකාවට වඩා ඡන්ද භීතිකාව.

:       0       0

Keppetipola Wednesday, 15 April 2020 01:54 AM

ගියපාර ඇපත් නැති වුණු එකේ අායෙමත් කැරැල්ලක් ගහන්නද? ඇස් දෙක ලොකු කරගෙන බයකරන්න හදන්නේ? අහිංසක ජනතාව සහ රටේ තරුණ පරපුර විනාශ කරන්න උත්සාහ කරන්නේ නැතුව කරපු මහා පාපකර්මයන් නැති කරගන්න පැත්තකට වෙලා පිනක් දහමක් කරගත්තොත් නරකද?

:       0       0

Jay Wednesday, 15 April 2020 03:14 AM

ජයත් කිව්වා හරියටම හරි. මොකක් හරි හොඳ වැඩක් වෙනකොට මේ අය හදන්නෙම බාල්දි දාන්න. අර දඹුල්ලේ එළවලු කේස් එක වගේ. දැන් දඟලනවා ඡන්දයක් අල්ලාගෙන. රටේ, ලෝකේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් තියෙද්දී මේ අයට ඕනෑ බලය සම්බන්ධ ප්‍රශ්නයක්. ආණ්ඩුව සහ අනිකුත් නිලධාරීන් ලොකු සටනක් දෙනවා කොරෝනා වසංගතය සම්බන්ධයෙන්... මේ ගොල්ලන් මේ කොහෙවත් තියෙන ඡන්දයක් අල්ලා ගන්නවා. කවදාවත් රටට වටිනා වැඩක් කරපු කට්ටියක් නෙමෙයි...

:       0       0

Rohitha Wednesday, 15 April 2020 03:36 AM

ඇයි පාර්ලිමේන්තුව...?

:       0       0

Addin Wednesday, 15 April 2020 03:47 AM

ජයලත් මේ වෙලාවේ හදිසියේම මැතිවරණය තියන්න උවමනාව තියෙන්නේ කාටද කියලා දන්නවා නේද පුතේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 83 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 57 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 80 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 297 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 463 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 159 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site