IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ජී.එම්.ඕ.ඒ හෙට වැඩට නොඑති

(ඩයනා උදයංගනී)

ස්ථාන මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව ප්‍රශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පා දිස්ත්‍රික්ක පහක රෝහල්වල වෛද්‍යවරු හෙට (20) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල සියලු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනනවල වෛද්‍යවරුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බවරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

නීත්‍යානුකූලව මාරු මණ්ඩල හරහා සිදුවිය යුතු කටයුතු සෞඛ්‍ය ලේකම්වරයා විසින් හමුදා මානසිකත්වයකින් යුතුව සිදුකිරීම නිසා මෙම ගැටලුව මතුවී ඇතැයි ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය ඇතුලු රාජ්‍ය සේවා පවත්වාගෙනයාම සදහා සිවිල් අමාත්‍යාංශයක් ලෙස කටයුතු කිරීමේදී එහි නීත්‍යානුකුල පාර්ශවයන්ගේ එකගතාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, සෞඛ්‍ය ලේකම්තුමන් සිවිල් අමාත්‍යාංශයක ක්‍රියාකාරිත්වය තේරුම් නොගෙන හමුදා මානසිකත්වයකින් කටයුතු කරන බවත් ඔහු කීවේය.

වැඩවර්ජනයක් ක්‍රියාත්මක වුවත් හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන බවත්, මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල හා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවා බිද වැටීම පිළිබඳ වගකීම හමුදා මානසිකත්වයෙන් කටයුතු කරන සෞඛ්‍ය ලේකම්වරයා භාරගත යුතු බව ද හෙතෙම පැවසීය.

නීත්‍යානුකූල මාරු මණ්ඩලවල අවසන් එනගතාවයකින් තොරව ප්‍රකාශිත පශ්චාත් සීමාවාසික ලැයිස්තුව නිසා ඉදිරියේදී ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බැවින් මෙම විරෝධය දක්වන බව ද සෙනාල් ප්‍රනාන්දු මහතා කීවේය.

මෙම ලැයිස්තුව අනුව වෛද්‍යවරුන් යොමු කර ඇත්තේ අවශ්‍ය රෝහල්වලට නොවන බවත්, ස්ථානමාරු ලබාදිය යුත්තේ රෝගීන්ගේ අවශ්‍යතාව මත මිස නිලධාරීන්ට අවශ්‍ය අයුරින් නොවන බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය අමාත්‍යාංශය සංවේදී නොවන්නේ නම් ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට (20) දින හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවා ඇතැයි ද හෙතෙම පැවසීය.

 



අදහස් (5)

ජී.එම්.ඕ.ඒ හෙට වැඩට නොඑති

MO77 Sunday, 19 December 2021 08:24 PM

GMOA ක් මුළු රටටම සාපයක්. ඔවුන්ට කියන්න ඕනේ රජයේ ඉස්පිරිතාල හරි, පෞද්ගලික ඉස්පිරිතාල හරි දෙකෙන් එකක් තෝරගන්න කියලා. නීති සම්පාදනය කරන්න ඕනේ පෞද්ගලික ඉස්පිරිතාල සඳහා තමන්ගේම කාර්යමණ්ඩලයක් පවත්වාගෙන යන්න. රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන්, රජයේ ඉස්පිරිතාල සඳහා පත්වීම්ද, පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්, පෞද්ගලික ඉස්පිරිතාල සඳහා පත්වීම් ද ලබාදෙන ක්‍රමයක් සකස් කළ යුතුයි...

:       0       0

Mohan Sunday, 19 December 2021 08:28 PM

අනේද කියන්නේ? GMOA එක රෝගීන්ගේ අවශ්‍යතා සඳහාම පෙනී සිටිනවා. දන්නෝ දනිති මෙයාලාගේ වැඩ. මෙයාලගේ අතිකාල දීමනා හරියට ගණන් බැලුවොත්, මං ජීවත් වෙලා තියෙන්නේ ඉස්පිරිතාලෙ ඇතුලේම විතරයි...

:       0       1

ravin Sunday, 19 December 2021 08:32 PM

ආ දීගෙට මොකද වෙන්නේ ?ආවඩා ආයුබෝ වේවා කියලා ඉවරද?අර පස් විශේෂඥයා මොකද කියන්නේ?

:       0       0

Rohan Sunday, 19 December 2021 09:32 PM

පාදෙනියගේ ගෙදර නත්තල් පාටියක්

:       0       1

Sunil Monday, 20 December 2021 07:30 AM

රජයෙන් තවත් අනවශ්‍ය ඇඟිලි ගැහීම්.. රට අගාධයට යන එක අමුතුවෙන් කිව යුතුද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 604 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 149 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 164 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 361 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 647 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 279 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site