(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බව හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේශ්වරන් මහතා කියා පවසයි.
ටී.එන්.ඒ උගුල්වලට හසු නොවී තම පක්ෂයට එකතු වන්නැයි ද විග්නේශ්වන් මහතා උතුරේ සෙසු පක්ෂ වලින් ඉල්ලා සිටියේය.
විග්නේශ්වරන් මහතා මේ බව කියා සිටියේ ටී.එම්.කේ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම යාපනය නල්ලූර් මාර්ගයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙම මධ්‍යම කාරක සභාවේදී දෙමළ ජනතා පක්ෂයේ මධ්‍යම කාරක සභාව සංශෝධනයට ලක් කරමින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාවක්ද පිහිටුවා ගෙන තිබේ.
එහිදී අදහස් දැක්වූ විග්නේශ්වරන් මහතා කියා සිටියේ
‘‘දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් ප්‍රතිපතිති නිසා ඔවුන් සමඟ එකට එක්ව දේශපාලනයේ නිරතවීමට නොහැකි වූ වාතාවරණයක් ගොඩ නැගීම නිසයි.
එම පක්ෂයෙන් ඉවත්වෙන්න තීරණයක් ගත්තේ තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙන යාමට සූදානම් දෙමළ ජාතික සන්ධානය ඉතාමත්ම යටි කූට්ටු වැඩ පිළිවෙලක් දියත් කරමින් තමන්ව එම පක්ෂයෙන් ඈත් කිරීමට කටයුතු කළා ඒ වගේම කුමන හේතුවක මතවත් මම මීළගට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරයට තරග කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කරන්නේ නැහැ.
‘දෙමළ ජාතික සන්ධානයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය මේ දිනවල දැක ගන්න පුලුවන් ඕනෑම අයෙකුට ඔවුන්ගේ උගුලේ හසු නොවී ටී.එම්.කේ. පක්ෂය සමග එකතුවීමට මෙය හොඳ අවස්ථාවක් මේ පක්ෂය යළි කිසිම විටක දෙමළ ජාතික සන්ධානය සමග ගණුදෙනුවක් කරන්නැහැ.
දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගොස් සිටින සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සමගත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ සමගත් ඕනෑම වේලාවක කටයුතු කිරීමට ගණුදෙණු කිරීමට සූදානම්‘. යනුවෙන් පැවසීය.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ටීඑන්ඒ උගුල් වලට හසු වෙන්න එපා යැයි විග්නේෂ්වන් කියයි