(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු පළාතේ වන ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ලබන සඳුදා (25) පෙරවරුවේ රත්නපුර නව නගරයේ පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩබාරගැනීමට නියමිත බව පළාත් ප්‍රධාන ලේකම් ඩී.එම්.මාලනී මහත්මිය පැවසුවාය.
ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (210 දිවුරුම් දුන්නේය.
නව ආණ්ඩුකාරවරයා සබරගමු මහ සමන් දේවාලයට ගොස් විශේෂ පුජාවක් පැවැත්වීමටද නියමිත අතර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ දොළොස්වැනි ආණ්ඩුකාරවරයායි.
මධ්‍යම පළාතේ අටවැනි ආණ්ඩුකාරවරයා ලෙස 2005 දෙසැම්බර් මස 16 දින සිට 2015 ජනවාරි 19 දා තෙක් වසර නවයකුත් මාස දෙකක් ටිකිරි කොබ්බෑකඩුව මහතා කටයුතු කළේය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලවලින් මූලික අධ්‍යානය හැදෑරූ ටිකිරි කොබ්බෑකඩුව මහතා මහනුවර දිස්ත්‍රික්කයේ ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කළේය.
1997 දී ඔහු මහනුවර නාගරික මන්ත්‍රීවරයෙක් වූයේ වැඩිම මනාපයෙනි.
පෞද්ගලික සමාගම් කිහිපයක විකුණුම් සහ වෙළඳ කළමනාකරුවෙකු, අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති ටිකිරි කොබ්බෑකඩුව මහතා ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසක කටයුතු කළේය.
පසුව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සහ තේ ශක්ති ව්‍යාපාරයේ සභපාතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
ටිකිරි කොබ්බෑකඩුව මහතා ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ කීර්තිමත් දේශපාලනඥයෙක් මෙන්ම කෘෂිකර්ම ඇමතිවරයෙක්, ජනාධිපති අපේක්‍ෂකයෙක් වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ බෑණාය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා පත්කර ඇත.
අම්පාර ගල්ඔය ගඟේ කොටවෙහෙර ප්‍රදේශයේ ඉවුර කැඩී යාමේ අවදානම වලක්වා ගැනීම සඳහා එම ස්ථානයේ වැලි ඉවත් කිරීම අද සවස සිට අරඹන බව වාරිමාර්ග සහ ඉඩම් නියෝජ්‍ය අ
පෞද්ගලිකවම විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නි
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්ක වල වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන බව කෘෂිකා
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ටිකිරි කොබ්බෑකඩුව සදුදා ආණ්ඩුකාරධූරයේ වැඩ බාරගනී
Sujeewa Thursday, 21 November 2019 03:29 PM
පෞද්ගලික අංශයේත්, රාජ්‍ය අංශයේත් ඵලදායී, ක්‍රියාන්විත, අවංක ඉතිහාසයක් ඇති මෙවන් පුද්ගලයින්, අප රට නැවතත් අගාදයෙන් බේරාගැනීමට නව ජනාධිපතිතුමා හා එක්වීම රටේ වාසනාවකි.