ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පස්දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මිඩ්ලන්ඩ් හා ඔඩිස්සා නගර යා කරමින් දිවෙන මාර්ගයකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර මෙය ටෙක්සාස් ප්‍රාන්තයේ මාසයක් ඇතුළත සිදුවූ දෙවන වෙඩි තැබීම බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෝටර් රියකින් පැමිණි තුවක්කුකරු එම ස්ථානයෙන් ගමන්ගත් මෝටර් රථ වලට වෙඩි තැබූ බවත් ඔහු නැවැත්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරියකුට ද වෙඩි තබා ඇති බවත් බලධාරීහු පවසති.
සැකකරු ට්‍රක් රථයක් පැහැරගෙන පලායාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් වෙඩි ප්‍රහාර වැදී මියගොස් ඇතැයි සඳහන් වේ.
වෙඩිතැබීමට හේතුව පැහැදිලි නොමැති බව පොලිසිය පවසයි. සති තුනකට පමණ පෙර එල් පැසෝ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 22 දෙදෙනෙකු මියගියහ.
(බීබීසී ඇසුරිණි - 085)
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ටෙක්සාස් වෙඩි තැබීමකින් 5 ක් මරුට