IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ටැබ් - සුරක්ෂා රක්ෂණය ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

(නිමල කොඩිතුවක්කු)

උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම  සහ පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

මෙම ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන සහ තොරතුරු සන්නිවේදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  කැබිනට්  මණ්ඩලයෙන් කළ ඉල්ලීමක් මත මෙම පියවර ගත් බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට අද (28) එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

මෙයට අමතරව රාජ්‍ය දේපල අවභාවිතය, රාජ්‍ය බලය උපයෝගී  කරගනිමින්  ආදායම් ඉපයීම, වංචා, දුෂණ, අක්‍රමිකතා සිදුකළ දේශපාලඥයන් මෙන්ම ඊට සම්බන්ධ සියලුම පාර්ශ්ව වලින් පලිගැනීමේ චේතනාවෙන් තොරව අධිකරණ ක්‍රියාමාර්ග තුළින් අවශ්‍ය උපරීම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (21)

ටැබ් - සුරක්ෂා රක්ෂණය ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

සුවාරිස් Thursday, 28 November 2019 01:17 PM

අපිට ඔය ටැබ්වත්, සුරක්ෂාවත් නෙවෙයි ඕනෑ. අපි ඉල්ලුවේ ජීවත් වෙන්න රටක්... මීට 69න් කෙනෙක්...

:       787       1029

saaliThursday, 28 November 2019 02:27 PM

ඔයාට රටක් තිබුණේ නැත්ද? කල්ලතෝනිද?

:       1207       925

ලියනගේ Thursday, 28 November 2019 02:49 PM

කෝටි ගණන් වියදම් කරලා ටැබ් සහ සුරක්ෂා රක්ෂණය දෙන්නේ මොකටද? අලුත් ජනාධිපතිවරයා සහ ඇමතිවරයා ප්‍රයෝජනවත් දේවල් කිරීමට සිතා නවත්වලා ඇති..

:       717       699

ශ්‍රීThursday, 28 November 2019 03:54 PM

අපිට නම් ජීවත් වෙන්න රටක් තිබුණා. නොතිබුණේ යහපත් පාලනයක්.

:       2       257

Don Thursday, 28 November 2019 01:58 PM

මොවුන් ආවම ඒ අය කරපුවා නවතී. ඔවුන් ආවම මොවුන් කරපුවා නවතී. මොවුන් සියලු දෙනාටම ජාතික ප්‍රතිපත්තියක් නැත. ඇත්තේ පුද්ගලික බල තණ්හාවකි. ජනතාව මෝඩයන් සේ හැසිරෙන තාක් ජඩ දේශපාලුවන් රජ කරති.

:       64       1157

සුදුබණ්ඩා Thursday, 28 November 2019 11:29 PM

සම්පූර්ණ ඇත්ත සහෝදරයා

:       0       0

රසික Thursday, 28 November 2019 02:18 PM

ළමයින්ගේ රක්ෂණයත් නවත්තනවද?

:       2       125

පුරවැසියා Thursday, 28 November 2019 07:16 PM

ලක්ෂ 69ක් ඡන්දය දුන්නේ තිබෙන ඒවා වෙනස් කරලා අලුත් දෙයක් කරන්න. තවටික දවසක් බලාගෙන ඉන්නවා හොද හොඳ දේ ලබාදේවි...

:       0       0

Naushi Thursday, 28 November 2019 02:38 PM

මේවගේ අය ටිකක් ඈතට අධ්‍යාපනය කළොත් රටට අබසරණයි.

:       35       273

Sasika Thursday, 28 November 2019 02:56 PM

තව අවුරුද්දකින් මේ අය කරපු බොරුව හැමෝටම දැනගන්න ලැබේවි.

:       144       929

සමන්ත Thursday, 28 November 2019 02:57 PM

දැන් මෙහෙමනේ. තමන්ට දේශපාලන් වශයෙන් අවාසි නම්, මිනිස්සුන්ට හෙණ ගැහුවත් ඒ වැඩේ අපේ රටේ අනිත් අය ඇවිත් නවත්තනවා. අපරාධ දූෂණ, හොයන එක හොඳයි. හැබැයි පහුගිය කාලේ පටන් ගත්ත ඒවත් වෙට්ටු නොදා හොයන්න ඕනේ. ස්විස් එම්බසියේ නිලධාරිනිය පැහැරගෙන ගිය එවුන් අල්ලගන්න ඕනේ. සී.අයි.ඩී යේ කිසිම චෝදනාවක් නැති සියළුම නිලධාරීන්ට රට යන එක තහනම් කරලා, නාමල් වගේ හිරේ යන්න ඕනේ ඒ අයට රට යන්න දෙන එක නවත්තන්න ඕනේ...

:       66       528

saman wimala Friday, 29 November 2019 10:35 AM

හංසයින්ගේ විලාපයද?, උම්බෑ හඬද?

:       0       0

Akila Thursday, 28 November 2019 04:23 PM

ටැබ් දෙන්න හදපු එකනම් කලින් හිටපු නායකතුමාගේයි, ගෝලයාගෙයි ඔල මොට්ටල වැඩක්...

:       0       0

Mahesh Thursday, 28 November 2019 04:36 PM

ටැබ් වැඩේ නම් නවත්තපු එක හොඳයි. කිසිම තේරුමක් නැති රටේ මුදල් නාස්ති කරන්න හදපු වැඩක්. මොකද ඔය ටැබ් වගේ ඒවා අවුරුදු දෙක තුන යනකොට ලෙඩ එනවා. ඉතින් ඒවාට නිකරුනේ සල්ලි යනවා,.. අනික විදුලියත් යනවනේ. නිකන් ප්ලාස්ටික් ගොඩවල් බැටරි ගොඩවල් රටේ ගොඩගැහෙන වැඩක්. එහෙම බැලුවහම පොත කියන එකේ ඔය ප්‍රශ්නය නෑ.. ඔන්න පීනන්න සල්ලි තියෙන ලෝකෙට ණය නැති රටක් නම් ටැබ් දෙන වැඩේ අවුලක් නෑ.

:       0       0

Rohana Friday, 29 November 2019 12:25 AM

ආණ්ඩු වෙනස් වූවත් අධ්‍යාපන සැලසුම් සහ ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි. මේවා නිතර නිතර වෙනස් කරනවා කියන්නේ අපේ කිසිම වැඩකට සැලැස්මක් හෝ ප්‍රතිපත්තියක් නොමැති බව නේද?

:       0       0

Bamunuaarachchi Friday, 29 November 2019 01:24 AM

මේකෙන් පෙන්නේ අතිගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දැක්ම කොයි තරම් නිවැරදිද යන්නයි. මේ නිවැරදි තීන්දු ගත්තාට වත්මන් ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට අපගේ කෘතඥතාවය පිරි නමනවා. ළමයිට මොකටද රක්ෂණ, මොකෝ ඒ අය ඉස්කෝලේ යන්න ඩ්‍රයිවින් කරනවද? ඉතින් අපි ඡන්දයේදී ගත් තීරණය නිවැරදි බව ඔප්පු කලාට ස්තුතියි, ඔබ සැමට තෙරුවන් සරණයි.

:       0       0

යාප Friday, 29 November 2019 01:49 AM

ගෝඨාභය පාලනය ගැන සුභ පෙර නිමිති. සුරක්ෂා, ටැබ් කියලා මහජන මුදල් ප්‍රකෝටි ගානක් අවභාවිතා කල බව කෝප් කමිටුවේ ලිස්ට් එකේ මුලම තියන ඒවා. දැන් ඒකත් ඉවරයි. මෙවැනි තීරන ගැනීම ගැන ස්තුතියි.

:       0       0

රුවන් Friday, 29 November 2019 06:10 AM

සුරක්ෂා එක සෑහෙන ප්‍රයෝජන වුනා. සිසුන්ට මේවා නොවේ නවත්වන්න ඕනා....

:       0       0

නාමල් Friday, 29 November 2019 07:31 AM

දෙන්න තිබුන ටැබ් නැවතුනා. තිබුන සුරක්ෂාවත් නැවතුනා. නිල ඇදුම් වවූචරෙත් නැවතුනා. ඒවාට හරියන්න ඉල්ලපු VAT අඩු වුනා.

:       0       0

Rata Perata Friday, 29 November 2019 07:43 AM

මේක තමයි බන්දුලගේ, ඩලස්ගේ දේශපාලනේ.

:       0       0

බද්රානි Friday, 29 November 2019 08:27 AM

ඔය ටැබ් වලින් පලක් නැහැ. නැවතත් මේ රටේ අධ්‍යාපනය ලබන දරුවන්ව ගල් ලෑල්ලට හා අභ්‍යාස පොතට පමණක් හුරුකල යුතුයි. ඒ වගේම අපේ රටේ උගත් මන්ත්‍රීවරයෙක් ටැබ් එකක් අතේ දරාගෙනම පවසා තිබුනා, "ටැබ් භාවිතයෙන් පිළිකා ඇතිවිය හැකි බව" ඉතින් අපි ජනතාවක් ලෙස ඒවා පිළිගත යුතු නොවේද? දේශීයත්වයට නැඹුරු නොවී සුද්දන්ගේ දේවල් කරපින්නා ගත්තාම ඔහොම වෙනවා. ඒ වගේම බුද්ධ ධර්මය විෂයට, චුඩා මාණිඛ්‍ය හා නාග මාණිඛ්‍ය ගැන විෂය නිර්දේශයට ඇතුලත් කල යුතුයි. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, භූගෝලය වෙනුවට, ඉතිහාස විෂයට ප්‍රමුඛත්වයදී කටයුතු කිරීමෙන් අපේ සංස්කෘතික උරුමයන් අපට රැක ගත හැකිවනු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 136 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1242 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 345 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 181 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 106 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 807 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site