IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


‘ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක්‘

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (19) ප්‍රකාශ කළේය.

දෝෂාභියෝගය ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අවසානය සටහන් කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද රුසියානු ජනාධිපතිවරයා කීවේය.

“දෝෂාභියෝගය සෙනට් මණ්ඩලයෙන් සම්මත විය යුතුයි. රිපබ්ලිකන් පක්ෂයට එහි බහුතරයක් තිබෙනවා” යැයි ද ජනාධිපති පුටින් කීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජනාධිපති ට්‍රම්ප් එරෙහිව දෝෂාභියෝග යෝජනාව සම්මත කරගැනීමෙන් පසුව ජනාධිපති පුටින් ඒ බව පැවැසීය.

බලය අවභාවිත කිරීම සහ කොංග්‍රසයට බාධා කිරීම යන චෝදනා දෙක යටතේ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාව සම්මත කරගත්තේය.

“රිපබ්ලිකන් පක්ෂය තමන්ගේ පක්ෂයේම කෙනෙක් බලයෙන් ඉවත් කරන එකක් නැහැ. එවැන්නක් වෙන්න තියෙන්නේ ඉතාම සුළු ඉඩක්. දෝෂාභියෝග යෝජනාව සකස් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු පදනම් කරගෙන” යැයි රුසියානු ජනාධිපතිවරයා කීය.

වාර්ෂික මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රුසියානු ජනාධිපති පුටින් එම කරුණු සඳහන් කළේය.

“මේ දෝෂාභියෝග ක්‍රියාවලිය අභ්‍යන්තර දේශපාලන අර්බුදයක්. එය දිගටම සිදුවෙනවා. මෙය ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර තරගයක්” යැයි ද හෙතෙම කීය.

දෝෂාභියෝගයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ කාලය අවසන් වනු ඇත්දැයි මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුසියානු ජනාධිපතිවරයා තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන ජෝ බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් කරමින් දුරකතන ඇමතුමක් දුන්නේ යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය සම්මත කරගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී බදාදා (18) දෝෂාභියෝග යෝජනාව සම්මත කරගැනුණි.

ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට ගෙන ඒම සඳහා රුසියාව ඇමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත් වූ බවට මීට පෙර චෝදනාවක් එල්ල වූ බව ද රුසියානු ජනාධිපතිවරයා මෙහිදි සිහිපත් කළේය. ජනාධිපති ට්‍රම්ප් එම චෝදනාවට කොටු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය උත්සාහ කළ බවත් එය අසාර්ථක වූ තැන මෙලෙස දෝෂාභියෝගයක් ගෙනැවිත් ඇති බවත් රුසියානු ජනාධිපතිවරයා වාර්ෂික මාධ්‍ය හමුවේදී කීය.

“ට්‍රම්ප් රුසියාව සමඟ සැලැසුම් සකස් කළේ යැයි ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කළා. එය අසාර්ථක වුණා. එම චෝදනාව දෝෂාභියෝගයකට පදනම් කරගන්න බැහැ” යැයි ද පුටින් කීවේය.

“එයින් පසුව ඩිමොක්‍රටික් පක්ෂය ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව යුක්රේනය ඇඳෑ ගත්තා” යැයි රුසියානු ජනාධිපති පුටින් වැඩිදුරටත් කීය.  

ඒ.එෆ්.පී   

055

 



අදහස් (0)

‘ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක්‘

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 248 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 993 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 225 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1692 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2081 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site