ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ ජැක් ඩෝර්සි මහතාගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් වෙනත් පුද්ගලයෙක් ඇතුළු වී ඇති බව වාර්තා වේ.
මිලියන හතරකට අධික ට්විවර් පරිශීලකයන් ප්‍රමාණයක් සිටින ඔහුගේ ගිණුමෙහි මිනිත්තු 15 ක පමණ කාලයක් අතිශය ආක්‍රමණශීලී හා ජාතිවාදී ප්‍රකාශ පළකර ඇත.
ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ ගිණුම කිසියම් ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
එම ට්ටිටර් ගිණුමට භාවිත කර ඇති ජංගම දුරකථන අංකය අයත් දුරකථන සේවා සමාගමේ ප්‍රමාද දෝෂයකින් මෙම තත්ත්වය ඇති වී ඇති අතර එය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ.
මෙම සිදුවීම ට්විටර් සමාගමෙන් බාහිරව සිදුවී ඇති බව දක්නට ඇතත් ලෝකයේ බලවත් නායකයින් රැසකට සේවා සපයන ට්විටර් සමාගම ඉන් අපහසුතාවට ලක්වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
-226-
(බීබීසී ඇසුරෙනි)
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ට්විටර් නිර්මාතෘගේ ට්විටර් ගිණුමට නීතිවිරෝධීව අයෙක් ඇතුළු වෙයි