(ඩයනා උදයංගනී)
පසුගිය වසර හා සසඳන විට මෙම වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මෙම වසරේ ගත වූ කාලයේ දී ඩෙංගු රෝගීන් 16,497 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාසයේ දී රෝගීන් 2,997 ක් ද, මෙම මාසයේ ගත වූ දින 29 තුළ රෝගීන් 3,029 ක් ද වාර්තා වී ඇත.
මෙම වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 70ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් දැනට පවතින නිරිත දිග මෝසම් වැසි තත්වය සමඟ ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළයාමේ අවදානමක් ඇති බවත් එම ඒකකය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය වයිරස් කාණ්ඩ හතරක් හඳුනාගෙන ඇති අතර වයිරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවල ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය.
රට තුල කොවිඩ් -19 වසංගත තත්වයක් පවතින අවස්ථාවක, ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇතිවුවහොත් එය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මහජන සෞඛ්‍යය කෙරෙහි ද දැඩි බලපෑමක් ඇතිකිරීමට ඉඩ ඇති බැවින් පහත සදහන් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම, මදුරු දෂ්ඨනයෙන් ආරක්‍ෂාවීම, රෝග ලක්‍ෂණ ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
Sri Lanka Thursday, 29 July 2021 07:18 PM
කොරෝනාවලට දුන්නු තැන ඩෙංගුවලට දුන්නා නම් මෙලහකටත් අපේ ජීවිත, අපේ රුධිරය බේරිලා.. වෙනස තියෙන්නේ ඩෙංගුවලින් හම්බ කරන්න අමාරුයි. කොරෝනාවලින් හොඳට හම්බ කරන්න පුළුවන්.. ස්තුතියි..!!!