IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඩබ්ලිව්.ජයසිරි කලාභූෂණ සම්මානය එපා කියයි

බිඟුන් මේනක ගමගේ 
 
 
2018 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේ සම්මානලාභියකු හැටියට ආරාධනා ලැබී ඇතත් තමා සම්මානය ප්‍රතික්ෂේප කරන්නේ යැයි ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
 
ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ අනාගතය සමඟ ජනාධිපතිවරයා ක්‍රීඩා කරමින් සිටින්නේ යැයි ද ඒ නිසා එවැන්නකුගෙන් සම්මාන ලැබීම මෙන්ම එවැනි සම්මාන උළෙලකට සහභාගී වීම ද පිළිකුල් කටයුතු යැයි ද ජයසිරි මහතා කීය.
 
ඒ අනුව සම්මාන උළෙල වර්ජනය කිරීමට තමා තීරණය කළේ යැයි ද ජයසිරි මහතා කීය.
 
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 34 වැනි වරටත් සංවිධානය කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, නෙළුම් පොකුණ රඟහලේ දී අනිද්දා (15) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතය.
 



අදහස් (21)

ඩබ්ලිව්.ජයසිරි කලාභූෂණ සම්මානය එපා කියයි

Sanath Kandy Thursday, 13 December 2018 07:19 AM

කලාකරුවෙකු සතුවිය යුතු අභිමානය නලාකරුවන්ට පෙන්වා දුන් ඔබට අපේ උපහාරය.

:       583       5117

Ravi Thursday, 13 December 2018 07:23 AM

නියමයි. මම කැමති කලාකරුවෙක්. රටට ආදරය ඇති කෙනෙක්

:       0       0

sandy123 Thursday, 13 December 2018 07:26 AM

ඔබට මගේ ප්‍රණාමය.

:       0       0

parakkrama Thursday, 13 December 2018 08:03 AM

එහෙම කෙලින් කතා කිරීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. මම ඔබට ගරු කරමි.

:       0       0

wadantha Thursday, 13 December 2018 08:07 AM

ඔබ නියම කලාකරුවෙක්

:       0       0

Darshana Thursday, 13 December 2018 08:21 AM

මෙයත් එක්තරා දේශපාලන පක්ෂයකට කඩේ යනවා වගෙයි. ....

:       2159       578

Lanka Perera Thursday, 13 December 2018 08:21 AM

ඔබ සැබැවින්ම ශ්‍රේෂ්ඨයි................

:       294       1381

Nissanka Thursday, 13 December 2018 08:32 AM

සියලුම කලාකරුවන් සෑම පක්ෂකටම අයිති සියලුම දේශපාලකයින් සහභාගී වන උත්සව වර්ජනය කළ යුතුයි. ඒ වගේම දෙමාපියන් ගුරුවරුන් අහිංසක දරුවන් දේශපාලකයින් ඉදිරියේ දන ගසා වැන්දවිම නතර කළ යුතුයි.

:       0       0

Perakum Thursday, 13 December 2018 08:51 AM

මෙන්න නියම දේශප්‍රේමී කලාකරුවෙක්. දේශපාලුවන්ට කඩේ යන අය මේවා ආදර්ශයට ගන්න!

:       51       618

Bandula.. Thursday, 13 December 2018 09:05 AM

ඔබ උතුම් කලාකරුවෙක් මේ රටම ගොඩක් ආදරේ කරන! එනිසා එක එක පක්ෂ වලට කඩේ යන්න එපා, එක ඔබේ නමට කැළලක්.

:       0       0

iron Thursday, 13 December 2018 09:22 AM

මෙන්න නියම කොන්දක් ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙක්... මෙවන් කලාකරුවන් තව තවත් බිහිවේවා...!!!

:       0       0

nishantha Thursday, 13 December 2018 09:25 AM

ලංකාවේ ගොඩක් අයට නැති කොන්දක් හා ආත්ම ගෞරවයක් ඇති ඔබ වැන්නවුන් දේශපාලකයිට වැඳුම් කරන කලාකරුවන් ඉදිරියේ වීරයෝ බවනම් කිව යුතුමයි. එයා එන්නේ නැත්තන් මට දෙන්න කියලා ඕකට රිංගන්න නිවටුන් කට්ටිය දැන් පොරකනවා ඇති... නලාකාරයින් මිස කලාකාරයින් බිහි වෙන්නැති උදේ ඉඳන් රෑ වෙනකන් බොරු බේගල් ඇදබාන දේශපාලකයින් ඉන්න කන්න නැතත් ඒ අයටම කඩේ යන නිවට රැලක් ඉන්න රටේ ඔබේ මෙම ක්‍රියාවද විවේචනයට ලක් නොවුනොත් තමයි පුදුමේ..

:       0       0

jaya Thursday, 13 December 2018 09:56 AM

මෙවෙනි කලා කරුවන් රටට ආඩම්බරයක්.

:       0       0

Asiri Thursday, 13 December 2018 09:58 AM

ඔබ ශ්‍රේෂ්ට පුද්ගලයෙක් . අපේ ප්‍රණාමය !!

:       0       0

Bandara Thursday, 13 December 2018 10:07 AM

සම්මානය එපා කිව්වට කමක් නැහැ. අද අපි කට්ටිය සෙට්වෙනවා. ඒකට එන්න.

:       0       0

sg Thursday, 13 December 2018 10:22 AM

මෙයා ඒජාපයට කඩේ යන කෙනෙක්...

:       0       0

ranjith Thursday, 13 December 2018 10:27 AM

වර්තමාන යථාර්තය දකින ශ්‍රේෂ්ට කලාකරුවෙක් .

:       0       0

nihal Thursday, 13 December 2018 11:09 AM

අද ශ්‍රී ලංකාවේ සිටින ඇති දක්ෂ රංගන ශිල්පියෙක් වන කලා ශුරි ඩබ්ලිවු විජේසිරි මහතාගේ තීරණය කලාකරුවෙක් ලෙසට නුසුදුසුයයි මගේ හැගීමයි. රංගනයේදී කුමන චරිත රගපෑවත් සාමාන්‍ය ජීවිතයේදී නිහතමානී විය යුතුයි. එය කාටත් පොදුයි. ජනාධිපති යනු මෛත්‍රීපාල සිරිසේන නොවෙයි එය ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියාගේ තනතුරේ නාමයයි. ඔහු එම සම්මානය ලබාගන්නේ මෛත්‍රීපාල සිරිසේනගේන් නොවෙයි ලංකාවේ පළමු පුරවැසියාගෙනුයි. සිනමාවේ සල්ලාලයාගේ චරිතයට අපි වෛර කලත් එම චරිතය රගපාන ඩබ්ලිවු විජේසිරිට අපි වෛර නොකරන්නේය. චීවරයක් දරාගෙන සිටින බෞද්ධ භික්ෂුවකට අපි වැද නමස්කාරකර ගෞරවපුර්වකව කතාකරන්නේ ඔහු චීවරයක් දරාසිටින නිසයි. ඔහු උපවාදී වූ විට අපි ඔහුට වැද නමස්කාර කරන්නේ නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති මමද අනුමත නොකරන නමුත් ජනාධිපති තනතුරට ගරුකරමි

:       0       0

tharidu Thursday, 13 December 2018 11:29 AM

කලාකරුවෝ දේශපාලුවන්ගේ අතකොලු නොවේ

:       2       70

විජිත් Thursday, 13 December 2018 11:45 AM

කලා ලොවේ සිටින අභිමානවත් චරිතයක්.ඒ වගේම තමයි මම ඉතාමත්ම අගේ කරන කලා ශිල්පියෙක්.

:       1       4

sandy123 Thursday, 13 December 2018 01:09 PM

දර්ශන - සත්‍ය පැවසීම හා අසත්‍ය පිටු දැකීම කඩේ යාමක් නෙවෙයි. නමුත් ඔබ නම් කඩේ යන හැඩයි...

:       12       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 393 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 139 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 151 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 596 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 200 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 631 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site