ප්‍රංශයේ දකුණු දිග කොග්නැග් ප්‍රදේශයේ කළ කැණීමකදී ඩයිනෝසරයකුගේ විශාල ප්‍රමාණයේ කලවා අස්ථියක් සොයාගත් බව ප්‍රංශ පොසිල විද්‍යාඥයෝ පවසති.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සතුන් වාසය කළ බව සැලකෙන එම ප්‍රදේශය 2010 වසරේ සිට කැණීම් කරන ලද භූමියක් බවද ඔවුහු කියති.
මීටර් 2ක් පමණ දිග මෙම අස්ථිය, ශාක භක්ෂක, දිගු ගෙලක් සහ වල්ගය සහිත කටුසු ආකාරය දරන ඩයිනෝසර් විශේෂයකට අයත් බවද, වසර මිලියන 140කට ඉහතදී, ජුරාසික් යුගය අවසාන කාලයේදී පමණ මොවුන් සිටින්නට ඇතැයි විශ්වාස කරන බවද ඔවුහු කියාසිටිති.
‘මෙය දැවැන්ත සොයාගැනීමක්, මෙතරම් විශාල ඩයිනෝසර අස්ථියක් මෙලෙසින් සුරක්ෂිතව පැවතීම ගැන මම පුදුම වුණා’ පැරිසියේ ජාතික කෞතුකාගාරයේ පොසිල විද්‍යාඥ රෝනන් ඇලයින් මහතා පැවසීය.
ප්‍රංශයේ කොග්නැග් ප්‍රදේශයේ කැණීම් අවස්ථාවලදී එම යුගවල සිටි බව සැලකෙන සත්ව විශේෂ 40කට අයත් 7, 500ට අධික පොසිල ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද ඔහු කීය.
(රොයිටර් ඇසුරිනි)
16844
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඩයිනෝසරයකුගේ අස්ථියක් ප්‍රංශයෙන් හමුවේ