IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ඩොයිලිලාගේ ක‍්‍රමයට ඉඩ දෙන්න එපා

(මුදිතා දයානන්ද)

විදේශිකයන්ට පන්දම් අල්ලන, විදේශිකයන්ගේ චින්තනය කරේ තියාගෙන යන ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරන ඩොයිලිලාගේ ක‍්‍රමය මේ රටේ ක‍්‍රියාත්මක කිරිමට උත්සාහ කරන දේශපාලඥයින්ට ඌව වෙල්ලස්ස අරගලයෙන් පාඩම් කියාදීම මේ රටේ ජනතාවගේ වගකීමක් යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුයේ ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ දෙසියවස් සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී මෙම උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේද සහභාගිත්වයෙන් පැවැත්විණ.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල මහතා මෙසේද පැවසීය.

   ‘‘අවුරුදු දහස් ගණනක ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගුරුවරයෙක් ලෙස අපට කෙතරම් පාඩම් කියාදෙනවාද. අපි ඌව වෙල්ලස්ස අරගලය ගැන කතා කළ යුත්තේ ඒ පාඩම් ඉගෙන ගැනීමටයි.

අවුරුදු හැත්තෑවක නිදහසක් ගැන අපි කතා කළත් එය පොතට ,ව්‍යවස්ථාවට නීතියට පමණක් සීමා වෙලා. ඇත්තට රටේ ජනතාවගේ මනස නිදහස් වෙලා නැහැ. ඔවුන් තවමත් යටත් විජිතවාදයට ඔලූව නවන මනසක් සහිත ජනතාවක්. ඒ සමාජය අපිව වෙනත් ලෝකයකට ගෙනියන්න හදනවා. අද ඇත්ත දේශපේ‍්‍රමියා හා දේශද්‍රොහියා හඳුනාගන්න ජනතාවට නොහැකි වෙලා.

කවදත් සටන්කාමී ශ‍්‍රී ලාංකික ජනතාව, සමගියෙන් සටන් දිනූ ජනතාව බේද භින්න කරන්නට ඩොයිලිට හැකිවුණා. එයින් ඔවුන් සටන දිනුවා. අදත් එවැනි ජෝන් ඩොයිලිලා නැවත ඉපදීලා. ඔවුන්ට එරෙහිව සටන් කිරිම ඔබේත් මගේත් වගකීමක්.‘‘යැයි ජනාධිපතිවරයා පැවැසීය.

ඡායාරූප- ඉෂාන් සංජීව

 

 



අදහස් (30)

ඩොයිලිලාගේ ක‍්‍රමයට ඉඩ දෙන්න එපා

chamath Friday, 30 November 2018 02:23 PM

බොහොම හොඳයි ජයවේවා !!!

:       3376       3438

liyanage Friday, 30 November 2018 02:46 PM

අද ඇත්ත දේශපේ‍්‍රමියා හා දේශද්‍රෝහියා හඳුනාගන්න ජනතාවට නොහැකි වෙලා වගේම ප්‍රජාතන්ත්‍රවාදියා සහ ප්‍රජාතන්ත්‍රවිරෝධියා කව්ද කියලත් ජනතාවට නොහැකිවෙලා...

:       109       535

chamath Friday, 30 November 2018 02:48 PM

කෙළින් වැඩ කරන අපේ සෙන්පති ජයවේවා!!!

:       2217       1949

sandy123Saturday, 01 December 2018 07:47 AM

කෙලින් කියන්නේ කකුළු ක්‍රමයට වෙන්න ඇති.

:       141       183

sirimal Friday, 30 November 2018 02:49 PM

ඔබතුමා කියන කිසිම දෙයක් දැන් පිළිගන්න අපහසු තත්වයකට පත්වෙලයි තියෙන්නේ. එක දවසක කියනවා සමනල සන්ධානය නිසා වැඩ කරන්න බැරි වුණාය කියලා. තව දවසක කියනවා සංස්කෘතික නොගැලපීමක් නිසා එකට කටයුතු කරන්න අපහසු තත්වයක් ඇති වුණාය කියලා. ආයෙ දවසක කියනවා ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණාය කියලා. ඒ අතරේ " මැයි 03 වෙනිදා තාජ් සමුද්‍රා හෝටල් රථ ගාලේදී කෝටි 2ක් අල්ලස් ගනිද්දී හසුවූ එවකට කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ආචාර්ය අයි. එච්. කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක දෙදෙනා සමග දහම් සිරිසේනද සිටිබවට සාක්ෂි ලැබී ඇති බැවින් ඒ සිද්ධිය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියානු රෝ ඔත්තු සේවය එක්ව තමාවත්, තම පුත්‍රයාවත් සිරගත කිරීම පිණිස ඇටවූ උගුලක් වෙන බවත් පැවසු බවක්" අද අන්තර් ජාලයේ පලවී තිබෙනවා ඔබතුමාගේ උපදේශකයින් දුටුවාද නොදන්නෙමු.

:       0       0

anon69 Friday, 30 November 2018 02:49 PM

එතකොට චීනේට පන්දම් හොඳයිද?

:       0       0

V.warnakulasuriya Friday, 30 November 2018 03:14 PM

යටත් විජිතවාදයට ඔලුව නැමුවත් රටේ සිටින හොරුන්ට ඔලුව නැමුවත් අපට නම් සමානය. යටත් විජිත යුගයේ රටවල් මංකොල්ල කෑවේ ඔවුන් මංකොල්ලකරුවන් වශයෙනි. අද ශ්‍රී ලංකාව මංකොල්ල කන්නේ ⁣වර්තමාන දේශපාලකයන් විසින් දේශප්‍රේමින් සහ ප්‍රජාතන්ත්‍රවාදීන් වශයෙනි.

:       0       0

මයුර Friday, 30 November 2018 03:20 PM

ඒක හරි

:       0       0

Kumara Friday, 30 November 2018 03:45 PM

එතකොට සිරිසේන ක්‍රමයට මොකද කරන්නේ?

:       146       165

Pŕema kumara.Saturday, 01 December 2018 10:16 AM

ඒක මහ බැංකුවේ තියෙනවා ඊළඟ පාර කොල්ල කන්න.....

:       0       0

MGLFERNANDO Friday, 30 November 2018 04:29 PM

ස්වාධීනත්වය, අප එය ඉතා ගාම්භීරව සැමරුවද, සැබැවින් අපට ඇත්තේ ව්‍යාජ නිදහසකි. මිතුරන් ලෙසින් අපේ රටේ කරට අත දමාගෙන ඉන්නා ජාත්‍යන්තරය, උගුරු දණ්ඩට පිහිය තබාගෙන ඉන්නේ... දැගළුවොත් කැපීයන අාකාරයටයි.

:       0       0

muditha Friday, 30 November 2018 05:51 PM

ජනපතිතුමනි, රට, ජාතිය වෙනුවෙන් නොබියව කටයුතු කරන ඔබතුමාට අපගේ ප්‍රණාමය

:       0       0

kumar Friday, 30 November 2018 06:57 PM

පාර්ලිමේන්තු ක්‍රමය ලංකාවට ගෙනා එක්සත්රජධානියේ මේ වෙන තෙක් මේ වැනි අර්බුධ ඇතිවී නැත.

:       0       0

nuwab Saturday, 01 December 2018 01:25 AM

නියමයි. අන්න එහෙම කෙනෙක් තමයි අපිට ඕනි

:       0       0

ROSHAN Saturday, 01 December 2018 02:36 AM

ලංකාව ඉන්දියාවේ ප්‍රධාන වෙළඳපළ වී හමාරයි. මම පත්තරේ දැක්කා ඉන්දියාවෙන් ගිනිපෙට්ටියක් වගේ කාර් එකක් ගෙන්නන්න යනවා. එය බලන්න පත්තරේ කට්ටියත් ගිහිල්ලා තිබුණා. නමුත් මික්රෝ ලංකාවේ කාර් එක බලන්න ගියාද? දුම්රිය, නැව්, ගිලන්රථ සහ තෙල්ටික පවා ඉන්දියාවේ. ගොන්ටික රැස්වෙලා හොඳට බත් ගිලලා දවසට කෝටි ගනන් වියදම් කරලා දැන් බයිලා කියනවා...

:       0       0

Chanak Los angeles Saturday, 01 December 2018 02:43 AM

ඩොයිලි අායිමත් ඉපදිලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩා ජනතාව බේධකරවා ගහපුගේම තමයි එදා වීර කතානායක නතර කලේ ..

:       0       0

Saman Saturday, 01 December 2018 04:11 AM

ඩොයිලි ගැන වැඩක් නැහැ.. දැන් 'ඩමිය' දකුණු පැත්තේ එක්කෙනාද? වම් පැත්තෙ එක්කෙනාද?

:       0       1

Nihal Saturday, 01 December 2018 04:38 AM

ලංකාව දූපතක්... ලිඳක ඉන්න ගෙම්බෝ වගේ මමවත්, අනිත් රටවසියෝවත් ඉන්න සූදානම් නැහැ. කීදෙනෙක් දන්නවද ඩොයිල්..., කෝල්බෘෘක් ගිවිසුම්වල? සිරිසේන නම් නුසුදුසුයි.

:       0       0

siriwrdana Saturday, 01 December 2018 04:41 AM

මේ ගොල්ලන්ගේ කතාව එකක්. ක්‍රියාව තව එකක්. මේ සේරම මේ රටේ ජනතාව නොමග යවා බලය රැක ගැනීමයි. බලය රැක ගැනීමට ජාතික වීරයන්ව විකිණීමයි....

:       0       0

lal Saturday, 01 December 2018 04:52 AM

ඩොයිලිලා වගේම හිතුවක්කාර රජවරුත් නැවත ඉපදිලා...

:       0       1

jana Saturday, 01 December 2018 06:24 AM

ඕවා පුලුවන්නම් කියන්නකෝ තානාපතිලට, අපිද රැජිනට ගිහිල්ලා අත දුන්නේ? ලොකු ටෝක් නම් තියනවා...

:       0       3

Buddika Saturday, 01 December 2018 06:39 AM

ඔව්, ඔව්... ඒ වගේම මෙයාවගේ වැඩ කරන්න පුරුදු වෙන්න එපා. සත පහකට විශ්වාස කළ නොහැකි කෙනෙක්... අවුරුදු 25ක් එකටම හිටපු මහින්දට ඇනලා එජාප එකත් එක්ක හේත්තු වෙලා... ඒ පිහිටෙන් ජනාධිපති වුණා. ඊටපස්සේ ඒ ඔක්කොටම පයින් ගහලා තමන්ව මරන්න හිටපු කෙනා එක්ක දීගෙක ගියා. මේ සියල්ල ඇනුවේ මෙයාමයි. අද රටම විශාල අවුලක...

:       0       1

samantha Saturday, 01 December 2018 07:11 AM

ඔතන සැපට වාඩිවෙලා ඉඳලා ඕක සමරලා හරියන්නේ නැහැ. ඌව වෙල්ලස්සට ගිහින් ඕක සමරුවා නම් හොඳයි... ඒ අගතියට පත් ජනතාවත් එක්ක... ඔවුන්ගේ ප්‍රශ්න වලටත් විසඳුම් දෙන ගමන්...

:       0       0

sili bili Saturday, 01 December 2018 08:05 AM

ඩොයි්‍ලි ඉපදිලා රට කනවා.

:       2       111

sahan Saturday, 01 December 2018 10:45 AM

ගරු ජනපතිතුමනි... ඔබතුමා 2015 ගත්ත වැරදි තීරණය පමාවී හෝ නිවැරදි කිරීමට ගත් උත්සාහයට තුති පුදමි...

:       11       0

lakmal Saturday, 01 December 2018 06:28 PM

මෙතුමාගේ අපේ උරුමයන් ගැන කරන ප්‍රකාශයේ යම් සත්‍යයක් තිබෙනවා. නමුත්, අනිත් අතට ඩොයිලිලා මේ රටට අවේ නැත්නම්, අපි තවමත් රජෙකුට ආවඩන, කුල භේදයෙන් පිරි, වැඩවසම් යුගයක ජීවත්වෙන මිනිසුන් කොට්ටාසයක්. එමෙන්ම මා සිතන්නේ 1848 කැරැල්ල හැර, යටත් විජිතවාදී සමයේ සිදුවූ සියලු කැරලි සිංහල රදළයින් තමන්ගේ පැවැත්ම සඳහා කරන ලද කැරලි කියයි.

:       0       14

lakmal Saturday, 01 December 2018 06:28 PM

මෙතුමාගේ අපේ උරුමයින් ගැන කරන ප්‍රකාශයේ යම් සත්‍යයක් තිබෙනවා. නමුත්, අනිත් අතට ඩොයිලිලා මේ රටට අවේ නැත්නම්, අපි තවමත් රජෙකුට ආවඩන, කුල භේදයෙන් පිරි, වැඩවසම් යුගයක ජීවත්වෙන මිනිසුන් කොට්ටාසයක්.

:       0       0

Rohana Sunday, 02 December 2018 01:13 AM

බොරු සෝබන කතා. එහෙනම් ලංකාවේම ඉන්න. පිටරට යන්න එපා.

:       34       106

Don Sunday, 02 December 2018 07:47 AM

ඩොයිලි අගමැති ඇතුළු රටේ මුදල් හොරකම් කළ හොරු හොඳට ටයි, කෝට් ගහලා රටේ අහිංසක ජනතාවගේ මුදල් හොරකම් කරපු කෙනා...

:       0       14

sirimal Sunday, 02 December 2018 09:39 AM

මෙතුමා එකඑක දවසට එකඑක කතා කියනවා. අද කියලා තියෙනවා අර "පැරදුණා නම් පවුල පිටින්ම අඩි හයක් පොළව යට" කියලා කිව්වේ විහිළුවට කියලා. ඔල්මාදේ හැදීගෙන එනවා වත්ද මන්දා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 604 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 149 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 165 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 361 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 648 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 279 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site