(සුජිත් හේවාජුලිගේ )
ඩෙල්ටා සහ ඔමික්‍රෝන් වයිරස ප්‍රභේද එකට මුසුවීමෙන් නිර්මාණය වූ "ඩෙල්ටාක්‍රෝන්" යනුවෙන් හැඳින්වෙන නව සැර කොරෝනා වයිරස ප්‍රභේදයක් ලෝකයේ විවිධ රටවලින් සොයා ගෙන ඇති හෙයින් ශ්‍රී ලංකාවද ඒ පිළිබඳව විශේෂ අවධානයකින් පසුවිය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
නව සැර කොරෝනා වයිරස ප්‍රභේද මෙරටින් ඉදිරියටත් හමුවිය හැකි බවත් මේ වයිරසවලින් ගැලවීමට ඇති එකම මාර්ගය එන්නත්කරණය බවත් හෙතෙම සඳහන් කළේය.
නව වයිරස ප්‍රභේද මෙරටට පැමිණීම සම්පූර්ණයෙන්ම වැළැක්විය නොහැකි බව පැවසූ දීපාල් පෙරේරා මහතා කළ හැක්කේ එවැනි වයිරස පැමිණීම ප්‍රමාද කිරීම පමණක් බවද පැවසුවේය.
වයස 12 ට වැඩි පුද්ගලයන් පළමු එන්නත් මාත්‍රාවද වයස 20 ට වැඩි පුද්ගලයන් බූස්ටර් එන්නතද කඩිනමින් ලබා ගැනීම වැදගත් බවත් මරණ අඩුවීම, සංකූලතා අඩුවීම සහ රෝහල් ගතවීමේ අවශ්‍යතා අඩුවීම එන්නත්කරණයේ ප්‍රතිඵල බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.
"ඩෙල්ටාක්‍රෝන්" සැර කොරෝනා වයිරස ප්‍රභේදය සයිප්‍රසය ඇතුළු රටවල් කිහිපයකින් දැනට හමුවී ඇත. සයිප්‍රසයෙන් පමණක් දැනට හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 25කි.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ සහ ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ජාන සමාන මට්ටමින් සංයෝජනයවීමෙන් මෙම නව ප්‍රභේදය නිර්මාණය වන බව පර්යේෂකයෝ සඳහන් කරති.
මෙරට තවමත් ප්‍රබලව පැතිරෙන කොරෝනා ප්‍රභේදය වන්නේ ඩෙල්ටාය. මෙයට අමතරව ඔමික්‍රොන් ආසාදිතයෝ පිරිසක්ද මෙරට විවිධ ප්‍රදේශවලින් පසුගියදිනවල සොයා ගනු ලැබූහ.
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
’’ඩෙල්ටාක්‍රෝන්’’ ගැන ශ්‍රී ලංකාවත් විමසිල්ලෙන්
මහසෙන් Tuesday, 11 January 2022 01:31 PM
විමසිල්ලේ තරම ගැන නම් කියලා වැඩක් නෑ මහත්තයෝ.ඔය විමසිල්ල ගැම කියන නිසාම තමා බය වෙන්න ඕන.මොක ද ඔමික්‍රෝන් එන්න දෙන් නෑ කියලා කටපත් ඇදලා ඔහොම තමා කීවේ.
සනත් Tuesday, 11 January 2022 01:57 PM
නමට මහසෙන් වුණාට නුඹ නම් මහ ගොබ්බයෙක්. හරියට ඌරන් රංචුවක් දඬුවැට කඩාගෙන හේනට රිංගන එක වළක්වනවා වගේ වැඩක් කියලා හිතුවද? ඇසට නොපෙනෙන වයිරස් එකක් නවත්වන එක...
Karl Tuesday, 11 January 2022 01:44 PM
ඔව් ඔව් අපේ අයගෙ විමසිල්ල නම් සුපිරියි.... . හැබැයි කරන දෙයක් තමයි නැත්තෙ!!
Sriland Tuesday, 11 January 2022 04:26 PM
වෛරස් අප අවට ඕනෑ තරම් තියෙනවා. ඒවට නම් දාගෙන බෙහෙත් හදලා විකිණීම දැන් හොඳ ව්‍යාපාරයක් වෙලා...