(සුජිත් හේවාජුලිගේ)
වේගවත් පැතිරීමක් ඇති සහ බරපතළ සංකූලතා මතු කරවන ඩෙල්ටා සැර කොරෝනා වයිරසයෙන් බේරීමට නම් එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යෙන්ම ලබා ගත යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
ඇස්ට්‍රාසෙනිකා සහ කොවිෂීල්ඩ් යනුවෙන් හැඳින්වෙන්නේ එකම එන්නත බවත් කිසිදු බියක් සැකක් නැතුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගන්නා ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගෙන මාස දෙකක් නොව මාස පහක් ගත වුවත් දෙවැනි මාත්‍රාව අනිවාර්යෙන්ම ලබාගත යුතු බව පැවසූ ජීවන්දර මහතා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් අයගේ ප්‍රතිශක්ති පද්ධතිය ආශ්‍රිතව මතක සෛල සැළකියුතු ලෙස ගොඩනැංවී ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති හෙයින් එසේ ප්‍රමාදවී හෝ දෙවැනි මාත්‍රාව ලබා ගත්තද ප්‍රතිදේහ ගුණනය හොඳින් සිදුවනු ඇති බවත් ප්‍රකාශ කළේය.
ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් අයගේ කාර්යක්ෂම ප්‍රතිදේහ සති දහසයක් යන විට සියයට 26 කින් පමණ අඩු වී පැවතුණද නැවත ප්‍රතිදේහ ගුණනයට අවශ්‍ය කෙරෙන මතක සෛල හොඳින් වර්ධනය වී ඇති බව එම පරීක්ෂණවලදී පෙනී ගියේ යැයිද ඔහු කීවේය.
ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් විවිධ කරුණු විමසමින් දිනකට දුරකතන ඇමතුම් සියයකට වැඩි ප්‍රමාණයක් තමාට ලැබෙන බවත් ඒ සෑම සියලු දෙනාටම තමා මේ උපදේශය ලබාදුන් බවත් චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.
මෙරට භාවිතා කෙරෙන සියලුම කොරෝනා එන්නත් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඩෙල්ටාවෙන් ගැලවීමට එන්නත් මාත්‍රා දෙකම ඕනෑ
Sri Lanka Monday, 02 August 2021 05:08 PM
බොරුවට ඩෙල්ටා හොයන්න අපේ සල්ලි විනාශ නොකර ඔන්න ඔහොම එන්න... ස්තුතියි.