IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඩොලර් ගැටලුව සිමෙන්ති හිඟයට මුල

(යොහාන් භාසුර)

සිමෙන්ති හිඟයට ප්‍රධානම හේතුව සිමෙන්ති ආනයනික සමාගම් කීපයක්ම   ආනයනය අත්හිටවීම බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිමෙන්ති සමාගමක උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඩොලර් හිඟය හේතුවෙන් බැංකුවලින් ණයවර ලිපි විවෘත කරගැනීමට ඇති අපහසුව නිසා එම සමාගම් එසේ සිමෙන්ති ආනයනයෙන් ඉවත්ව සිටින බව එම නිලධාරියා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 60 ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඉතිරි සියයට 40 ආනයන කරන බව කී එම නිලධාරියා දැනට සිමෙන්ති ආනයනය කරන සමාගම්වලට මසකට මෙට්‍රික්ටොන් 10,000 ක පමණ අතිරේක ප්‍රමාණයක් ආනයනය කිරීමට හැකිවුවහොත් මෙම තත්වය මඟ හැරෙනු ඇති බව ද සඳහන් කළේය.

දේශීය සිමෙන්ති නිෂ්පාදනය මසකට මෙට්‍රික්ටොන් 150,000 ඉක්මවන බව සඳහන් කළ එම නිලධාරියා සිමෙන්ති හිඟයක් පැවතීම හේතුවෙන් මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් සහ පුද්ගලයන් සිමෙන්ති රැස්කිරීම නිසා හිඟය දැඩි වී ඇතැයි ද කීය.

සිමෙන්ති මෙට්‍රික්ටොන් 30,000 කට අධික ප්‍රමාණයක් මාසයකට ආනයනය කරන බවත් ආනයනික සිමෙන්ති ප්‍රමාණය මෙට්‍රික්ටොන්  50,000 ක් පමණ වුවහොත් ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

රජය සිමෙන්ති පාලන මිල පසුගියදා ඉවත්කිරීමත් සමඟ කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඉහළ දැමූව ද මේ වන විටත් දැඩි සිමෙන්ති හිඟයක් පවතී.

සිමෙන්ති හිඟය හමුවේ සුළු පරිමාණ ඉදිකිරීම් සමාගම් සහ පුද්ගලයන් මෙන්ම එම කර්මාන්තයේ යෙදී එදිනදා වැටුප් ලබන පුද්ගලයෝ දැඩි අසීරුවට පත්ව සිටිති.



අදහස් (3)

ඩොලර් ගැටලුව සිමෙන්ති හිඟයට මුල

gagana Wednesday, 27 October 2021 06:17 PM

අර රවී කරුණානායක කියන කෙනා බදු ගහන්නේ මොනාටද කියා කියා කල්පනාකලා අනුන්ගේ අපාට්මන්ට්ස් තමන් දන්නේන්ත් නැතිව තමාට අයිතිවෙලා කියල රටටම පෙන්නලා. වට්ස් ඇප් දුරකථන සහ මැසේජ් පහසුකමටත් බදු ගහන්න හිවල් කපටියගේ මනස වැඩකලා. ලංකාවේ උක් කර්මාන්තය දියුණුවෙලා ලාභාලබන ආයතනයක් වෙනකොට යහපාලකයෝ එම මුළු කර්මාන්තයම කොල්ල කාල දේශීය සීනි කර්මාන්තය විනාසකලා.

:       2       2

Rohana Wednesday, 27 October 2021 10:33 PM

සිමෙන්ති සහ අත්‍යාවශ්‍ය අහාර සැපයීමවත් හිඟයකින් තොරව ජනතාවට ලබාදීම කලමණාකරනය කරගන්න අසමත් ආණ්ඩුව එදා සිටම කලේ ජනතාව අපහසුතාවයට පත්කිරීමයි.

:       0       2

Perera Thursday, 28 October 2021 12:26 AM

අර බියගම අච්චු කන්තෝරුවේ ඩොලර් අච්චු ගහන්න බැරිද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 33 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 55 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 298 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 125 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 364 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 579 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site