(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ ඇතිව තිබෙන උග්‍ර ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි එම් එෆ් )යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අනිද්දා (13) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් ව ඇති අතර ,ඩොලර් හිඟයට ක්ෂණික විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව ආණ්ඩුවේ පිරිසකගේ අදහස වී ඇත. තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හරහා විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදු වන බව ය .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
රටේ ආර්ථිකය හා මූල්‍ය තත්වය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීම සඳහා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස් ආර් ආටිගල යන මහත්වරුන් ද හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා ඇත .
රටේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1500ක් පමණ දක්වා අඩු වී ඇති අතර, එයින් ද ඩොලර් වශයෙන් ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1100ක් පමණ බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය .
ලංකාවේ ආනයන වියදම සැලකිල්ලට ගත් විට මෙම ඩොලර් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ සති දෙකක පමණ කාලයකට බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඩොලර් ගැටළුවට අයි.එම්.එෆ්. යනවාද තීරණය අනිද්දා
vikum Saturday, 11 December 2021 08:50 AM
බැසිල් සර් ගෙනාවේ ආර්ථික පෙරලියට නේද? සද්දේ තරම හිතාගන්න පුළුවන්...
සිරිබිරිස් Saturday, 11 December 2021 09:31 AM
කබරාල් සහ ආටිගල..., එකම ජාතියේ දෙන්නෙක්...!
සිල්වා Saturday, 11 December 2021 11:10 PM
අයි.එම්. එෆ්. උදවු ගන්නවා කියන්නේ ජනතාව තවත් අමාරුවේ වැටෙනවා කියන එකයි.