IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඩොලර් ගැන කතා කරන්න කබ්රාල් - ආටිගල කැබිනට්ටුවට කැඳවයි

(අජන්ත කුමාර අගලකඩ)

රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට කැඳවන්නැයි රජයේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත .

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සදුදා පැවැති සතියේ කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් පිරිස මෙම ඉල්ලීම කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ඩොලර් හිඟය හේතුවෙන් ආර්ථිකයේ බරපතළ ගැටලු රැසක් පැන නැගී ඇති බැවින් ඒ සඳහා වහා විසඳුමක් ලබා දෙන්නැයි ඇමතිවරුන් එහිදී පෙන්වා දී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි .

ඩොලර් අර්බුදය විසඳීම සඳහා රජය ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි ජනතාව දැනුවත් කළ යුතුව ඇති බවත්, ඊට පෙර මේ සම්බන්ධයෙන් ඇමතිවරුන් දැනුවත්වීම වැදගත් බවත් ,එම ඇමතිවරුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

මේ අනුව ,මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් මේ සතියේ හෝ ලබන සතියේ කැබිනට් රැස්වීමට කැඳවීමට බොහෝදුරට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

 



අදහස් (10)

ඩොලර් ගැන කතා කරන්න කබ්රාල් - ආටිගල කැබිනට්ටුවට කැඳවයි

සෙනෙවිරත්න Saturday, 04 December 2021 08:32 PM

ඔව් ඒක හරි. ඒ එක්කම ඡන්දෙට කලින් ඔය ප්‍රශ්නය අහපු මාධ්‍යවේදියත් කැඳවන්න. මල්ලි අයියගේ මූණ බැලුවාම කිව්වේ සල්ලි හොයාගන්න ක්‍රමය දන්නවා කියලා...

:       0       1

Joker Saturday, 04 December 2021 08:58 PM

සරලවම තව ලෝන් එකක් අරගෙන ඩොලර් ටිකක් වෙළඳපොලට දාන්න. මේක නිමාවක් නැති විහිළුවක්...

:       0       1

Rohana Saturday, 04 December 2021 09:19 PM

සේවා අපනයනද ඇතුළත්ව අපනයනවලට වැඩියෙන් ආනයන ඉහළයාම රටට ඩොලර් නැතිවීමට හේතුවයි. හිඟයට පිළියම් ලෙස කළේ ඩොලර් ණයට ගැනීමයි. ණය අරන් වැඩිකමට ඒක දැන් ණය කන්දක් වෙලා. හැමදාම ණය අරන් ජීවත්වෙන්න බැරිබව දැන්වත් තේරෙනවාද? ආනයනවලට වඩා වැඩි ප්‍රමාණයකින් අපනයන වැඩිකිරීමට කටයුතු නොකරනතුරු මේ විදේශ විනිමය හිඟකමට හැමදාම මුහුණදීමට සිදුවනු ඇත. විදේශ ප්‍රාග්ධන ගලා ඒම්ද සාර්ථකව කරගන්නට රජය අපොහොසත් වී අැත.

:       0       0

Sk Saturday, 04 December 2021 09:54 PM

ඩොලර් මවන්න තමයි වෙන්නේ දෙන්නාටම..!!

:       0       1

විජිත් Saturday, 04 December 2021 10:45 PM

මේ කතන්දර දැන් කාලේ චූටි දරුවෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. මේ අපතයින් දෙන්නා පී.බී. ජයසුන්දරත් සමග එකතුවෙලා අපේ රටේ ආර්ථිකය නැත්තටම නැති කළා. මොන මගුලකටද කැබිනට් එකට කැඳවන්නේ...? හැම හැන්දෑවකම මහින්ද රාජපක්ෂගේ කුස්සි කැබිනට් එකේදී රැස්වෙලා රටේ මහජනයාට අයිති රටේ දේපළ විකුණන හැටි, රට චීනාට විකුණන හැටි... වැනි අසික්කිත තීරණ ගන්නා බව අපි නොදන්නවා නොවෙයි. දවසක නව රජයක් පත්වුණු වහාම මේ තිරිසන්නුන්ට විරුද්ධව චෝදනා ගොනුකොට පැය 24 තුළ නඩු අසා, ජීවිතාන්තයටම සිරගත කළ යුතුය. මැදමුලන හොරු අැතුලු සියලුම හොරුන්ගේ දේපළ රාජසන්තක කළයුතුයි...

:       0       2

Mo77 Saturday, 04 December 2021 11:13 PM

හොරු සමග හෙළුවෙන්...!

:       0       1

BamunuarachchiSunday, 05 December 2021 06:00 PM

මැවිලා පෙනෙනවා ඔහේ ඉන්න විදිහ...

:       1       1

ලුම්බිණි Sunday, 05 December 2021 05:56 AM

මේ ගැන දන්නා කෙනෙක් ගෙන්නුවා නම් නේද හොඳ...?

:       0       1

Bamunuarachchi Sunday, 05 December 2021 06:11 AM

ඩොලර් හොයාගන්න හැටි කියන්න බැරුව නන්නත්තාර වෙලා ඉන්න ජෙප්පන් මේවා ඔබලාගෙන් ඉගෙනගෙන ඔබලාටම ගහයි.. ඒ නිසා ඕවා පාර්ලිමේන්තුවේ කියන්න එපා.

:       2       2

MO77 Sunday, 05 December 2021 10:34 AM

ග්‍රීස් බොන්ඩ් සල්ලි වලට මොනවද වුණේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 112 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 196 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 138 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 258 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 122 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 963 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site