IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඩීසල් නොලැබුණොත් ’’ලොක් ඩවුන්’’ දිගු වෙිවි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 1 වන විට නොලැබුණොත්"ලොක් ඩවුන්" කිරීම  ඔක්තෝම්බර් මැද දක්වා දිගු කරන්නට සිදුවනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට ලොක් ඩවුන් ලිහිල් කිරීම ප්‍රමාද වුනේ  ශ්‍රී ලංකාවට ඩීසල්  සඳහා මුදල් ගෙවන්නට හැකියාව නොලැබුණු නිසා බව තමාට දැනගන්නට ලැබුණ බව කී වික්‍රමසිංහ මහතා මේ වන විට ආණ්ඩුව ඩීසල් සඳහා මුදල් ගෙවා තිබෙන අතර දැන් රටට ඩීසල් පැමිනෙමින් තිබෙන බව සැළ වී ඇතැයි ද කීය.

එම ඩීසල් ඔක්තෝම්බර් 1 වනදා වන විට නොපැමිණියහොත් තවදුරටත් ලොක් ඩවුන් කාලය දිගු කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමඟ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසූයේ  ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම ණය ක්‍රමයක් හරහා ලබා දෙන ලෙස ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව තමා මාධ්‍ය වාර්තාවල කියැවූ බවයි.

සාමාන්‍යයෙන් එක්සත් අරාබි එමීර්  රාජ්‍යය වැනි රටවල් එසේ  නොකරන නමුත් ලංකා  විදේශ ඇමතිවරයා කළ ඉල්ලීම ඉටු විය යුතු යැයි තමා ප්‍රාර්ථනා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

 



අදහස් (9)

ඩීසල් නොලැබුණොත් ’’ලොක් ඩවුන්’’ දිගු වෙිවි

jagath Monday, 27 September 2021 12:04 PM

අම්මෝ... මෙහෙම ගියාම පිටරට ඉන්න අපි කොහොමද අපි ලංකාවේ කියලා කියන්නේ.. ඉස්සර නම් ශ්‍රී ලංකන් කිව්වාම ලොකු පිළිගැනීමක් සහ හිතට ලොකු ගැම්මක් තිබුණා. ඒත් දැන් හෙණ බයක් දැනෙන්නේ මම ලංකාවේ කියලා කියන්න.

:       22       28

Raveendra Monday, 27 September 2021 12:18 PM

රට මුදල් හිඟවෙන්න නුඹලා ප්‍රමුඛ ගොන් රැලත් ඍජුවම වගකියන්න ඕනේ. නිකම් බබා හුකුම් දාන්න එපා...

:       27       36

චන්දන Monday, 27 September 2021 03:55 PM

හරියට හරි. දැන් කතාව මෙයාල රට පාලනය නොකළ ගානට. 2015 වෙනකොටත් 7ට තිබුණ වර්ධනය 3ට බැස්සුවා කිසිම අර්බුදයක් නැතිව තිබිලත් .

:       8       13

fairoos Monday, 27 September 2021 12:44 PM

ණයට ගන්න විතරක් මුස්ලිම් රටවල් හොඳයි. කොරෝනා මරණ ආදාහනය කරන්න එපා කියලා ඉල්ලීම් කරනකොට අපේ සර් ඇහුවද? දැන් නිකන් පීචන් වෙනවා.

:       19       36

Prase Monday, 27 September 2021 01:05 PM

මුස්ලිම් රටවල් ටික ඇමරිකාවට හිරවෙලා ඉන්න. ඔය තෙල් ටැංකි හදලා තියන්න ඇමෙරිකාවට වාසි විදිහට මුස්ලිම් රටවල් වෙන්නේ ඔය ටිකම තමයි.

:       8       23

Chandima Monday, 27 September 2021 01:06 PM

කට ඇරියොත් හබක් තමයි...

:       19       28

SUNIL MILANO Monday, 27 September 2021 01:51 PM

අවුරුදු 5ක්ම රට නන්නත්තාර කරලා දැන් මරු කියවනවා. බබා හුකුම් වෙන්න හදනවා.

:       18       25

fairoosMonday, 27 September 2021 04:10 PM

සර්ට හුරේ දාපු තවත් පොරක් සුනිල් මිලානෝ දැන් සැප ඇති නේ?

:       5       11

Rohana Monday, 27 September 2021 11:06 PM

ඩබල්ගේම් කරන රනිල්ගේ මහතාගේ මේ ප්‍රකාශය නිවැරදි වීමට ඉඩ ඇතත් පසුගිය කාලයේ රට පාලනය කල ආකාරය විග්‍රහ කර බලන විට නැවත බලය දීමට ජනතාව ඉඩදෙයි කියා සිතන්න ඉතාමත් අසීරුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 607 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1725 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site