අනීෂා මානගේ
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම සහ පාර්ලිමේන්තුවේදී පසුගිය දිනවලදී ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේදී අද(28) පැවැති සභාවාරයේදී නාගරික මන්ත්‍රීවරුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර කතාබහ පවතිද්දී ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්‍රීවරුන් දෙදෙනා සභා ගැබෙන් පිටව ගොස් තිබිණි.
තංගල්ල නගර සභාවේ පාලක පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නාගරික මන්ත්‍රීවරු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රීවරු අතර මෙලෙස උණුසුම් කතාබහක් ඇති විය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස රට පාලනය කිරීම සම්බන්ධයෙන් සිය විශේෂ ස්තූතිය එතුමාට පුද කරන බවට පොදුජන පෙරමුණෙහි නාගරික මන්ත්‍රී විමල් හේවා දුනුවිල මහතා සභාවාරයේදී ප්‍රකාශ කිරීමෙන් පසුව මෙලෙස සභාවේ මන්ත්‍රීවරුන් සහ සභාපතිවරයා අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධීව සහ ව්‍යවස්ථානූකූල නොවන අන්දමින් පාලනය කිරීම හෙළා දකින බව සභාපති රවිඳු දිල්ෂාන් මහතා පැවසීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධීව අගමැතිවරයා පත්කර ගැනීම සිදුව ඇතැයිද මේ හේතුවෙන් විමල් හේවා දුනුවිල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී ජේ.එම්.සී.ඩීජයසුන්දර මහතා පැවසීය.
අගමැතිවරයා පත් කිරීම, බිරියට නොකියා අලුත් බිරියක් ගත්තාක් මෙන් යැයි එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී ගනේෂ් ප්‍රියංකර මහතා පැවසීය. රටේ පවතින නීතීයට අනූකූල නොවන අන්දමින් අගමැතිවරයා පත්කර ඇතැයි ද තවමත් අගමැතිවරයා ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු පැවසුවේය.
මෛත්‍රීපාල ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ලෙස පත්කිරීමට හැකිනම් මහින්ද රාජපක්ෂ මහතා ඒ ආකාරයෙන්ම පත්කිරීමට හැකියාව ඇතැයිද පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී ගයාන් සමිද්ද මන්ත්‍රීවරයා පැවසීය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
තංගල්ල නගර සභාවේ උණුසුම් තත්ත්වයක්